මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය

0
290

 

මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය මීගමුව ශාන්ත මරියා ක්‍රීඩාංගණයේදී මීගමුව කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.මීගමුව සහකාර පොලිස් අධිකාරි (1)ආර්.එම්.පී.ඩී. රත්නායක මීගමුව මූලස්ථාන පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්.ඩී.බී. තල් වත්ත යන නිලධාරීන්ද මෙම පරීක්ෂණ කටයුතුවලට එක් වූහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පිළිගැනීම සඳහා මීගමුව පොලිසිය ඉදිරිපිට අලංකාර තොරණක් ඉදිකර තිබූ අතර තූර්ය වාදක කණ්ඩායම් ද මෙම පිළිගැනීමේ අවස්ථාවට එක් විය.
සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතා විසින් පොලිස් අධිකාරි පිළිගැනීමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ උත්තමාචාර මැද ප්‍රධාන පීටිකාව වෙත කැඳවාගෙන යන ලදී. මෙම අවස්ථාවට පොලිස් ස්ථානාධිපති තල් වත්ත මහතා ද එක්විය.අනතුරුව පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් නිලධාරින් පරීක්ෂණයට ලක් කළ අතර පොලිස් වාහන පරීක්ෂාවද,පොලිස් සුනඛයන්ගේ පරීක්ෂාවද,මෙදින සිදුවිය.පොලිස් නිලධාරින් සිය නිල ඇඳුම් වලින් සැරසී සිටි ආකාරය නිරීක්ෂණයට ලක්කර පොලිස් අධිකාරිවරයා විසින් ඒ සම්බන්ධවද උපදෙස් ලබාදීමක් සිදුකරන ලදී.

රේමන් අපෝන්සු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here