අනවසර පෙට්ටි කඩයක්වත් ඉවත් කර ගන්න බැරි මිගමුවේ පුනරුද පාලනය ?

0
428

මීගමුවේ ලංසා පවුල් පාලනය  පරාජය කොට ස්ථාපිත කරන ලද පුනරුද පාලනයට දැන් මාස 5 කටත් ආසන්න වෙමින් තිබේ. කුණු සහ කාණු වලට අදාලව පැවැත්වෙමින් තිබෙන සංදර්ශනාත්මක ශ්‍රමදානවලට එහා ගිය දැනෙන යමක් මිගමුවට කිරිමට තවමත් මේ මාලිමා පාලනයට නොහැකි වි තිබේ.

නගරාධිපති හීන්කෙන්දගේ මන්දගාමි පාලනය සහ ඇතැම් නාගරික මන්ත්‍රිලාගේ චණ්ඩි පාට් සහ සෙල්ෆි සංදර්ශන ගැන දැනටමත් බරපතල විවේචන මතුව ඇතිවා පමණක් නොව පුරවැසියන් තුල බරපතල කලකිරිම්ද මේ වන විට වර්ධනය වෙමින් ඇත.

වඩාත් විශ්වාස කටයුතු ලෙසින් වාර්තා වන අන්දමට පරිපාලන අධිකාරිය සහ දේශපාලන අධිකාරිය අතර බරපතල ගැටුම්කාරි තත්වයක්ද නිර්මාණය වි තිබේ.

පිස්සන්ට හැතැම්ම නැති ගානට දැනට  අර්බුද නිර්මාණය කරමින් කටයුතු කරමින් සිටින සෞඛ්‍ය කාරක සභාව දැනට කටයුතු කරන අකාරය නගර පාලනය බිද වට්ටන මට්ටම දක්වා යැමට හැකි අර්බුදයක් නිර්මාණය කරමින් සිටි.

මේ තත්වයන් බුද්ධිමත් ලෙසින් කළමණාකරණය කර ගැනිමට හීන්කෙන්ද පාලනයට නොහැකි විම නිසා ඇතැම් රාජ්‍ය නිලධාරින් සිටින්නේ දැඩි කළකිරිමෙනි.

මේ පසුබිම තුල අඩුම තරමින් පුනරුද පාලන සමය තුල හිතුවක්කාරි ලෙසින් ඉදිකර ඇති අනවසර පෙට්ටි කඩයක්වත් ඉවත් කර ගැනිමට නොහැකි තත්වයකට අද මිගමුවේ නගර පාලනය පත්ව තිබේ.

මේවා පිලිබදව විවේචන ඉදිරිපත් කරන විට ඒවා දරාගැනිමට නොහැකි මාලිමාවේ සිටින භක්තිවන්ත මල්ලිකාලා  පුනරුදය ගඟේ යවන බව නම් දැන් වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here