spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනවසර වගුරු බිමක් ගොඩකරමින් සිටි අයෙකු අත්අඩංගුවට

Must read

.IMG-5d7eefd65128f5ac4bc37343ea9b0f04-V
වත්තල , මුතුරාජවෙල , ලුනු බැම්ම ප්‍රදේශයේදී අක්කර දෙකක පමණ භූමි භාගයක පර්චස් 40ක 50 ක කොටසක් එලිපෙහෙළි කර ගොඩකරමින් සිටි පුද්ගලයෙකු වනජීවි දෙපාර්තමේන්තුව විසින් අද (9) අත්අඩංගුවට ගන්නා ලදී . අද පෙ.ව. 11.30ට පමණ කරන ලද මෙම වැටලීම නීතිවිරෝධී ක්‍රියාවක් බව මුතුරාජවෙල අඩවි ආරක්ෂක නිලධාරි වසන්ත මහතා අප සමඟ පැවසීය .
ඒ මහතා ප්‍රමුක නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර ඇත . මෙහිදී නඩු භාණ්ඩ වශයෙන් විල්බැරෝවක් සහ උදැල්ලක්ද අත්අඩංගුවට ගත් අතර එම නඩු භාණ්ඩ සමඟ අදාල පුද්ගලයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙතට යොමු කරන ලදී .
ලැබුනු තොරතුරු අනුව මෙම ස්ථානයේ එළු කොටු ඉදිකර පවත්වාගෙන යාමේ අරමුණක් තිබී ඇතැයි හෙළිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article