spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”අපි ජනමාධ්‍යයෙන් ඉල්ලන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉදිරියට යන්ඩ ඉන්න මේ දරුවන්ට මාර්ගය සලස්වලා දෙන්ඩ”-පින්ටෝ පියතුමා

Must read

ඡායාරූප – බර්ටි වීරසිංහ

මීගමුවේ පාපන්දු සම්මේලනයේ සභාපතිත්වය දරන රංජිත් රුද්‍රිගූ මහතා සිය ධුරය පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රියාකරන පුද්කලයෙකු නොව සිය පුද්ගලික උවමනාවන් සදහා ක්‍රීඩාව යොදවමින් මීගමුව පාපන්දු ක්‍රීඩා සම්මේලනයේ සභාපතිධූරයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස වසර 19ක් පුරා පාලනය කරන බවට චෝදනා එල්ල කරමින් එයට එරෙහිව මීගමුවේ පාපන්දු ක්‍රීඩා සංගම් නියෝජිතයින් පිරිසක් ඊයේ (දෙසැම්බර් 06) වනදා මීගමුවේ දී මාධ්‍ය හමුවක් කැදවමින්  ප්‍රකාශ කරන ලදී.
මෙම මාධ්‍ය හමුව සදහා දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දොන් බොස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ගරු – ගරු ඇන්තනී හියුබට් පින්ටෝ පියතුමා, මීගමුවේ පාපන්දු සම්මේලනයේ (මීගමුව ලීග් එක ) උප සභාපති කපිල නන්ද සුලෝචන මහතා, පාපන්දු පුහුණුකරුවෙකු හා ජුපිටර්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක නවා ප්‍රින්ස් මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම් සකාවුල්ලා මහතා සහභාගී වී සිටියහ. ඔවුන් එම අවස්ථාවේදී මීගමුව පාපන්දු සම්මේලනයේ සභාපතිධූරය පිළිබදව හා මීගමුවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
ගරු ඇන්තනී හියුබට් පින්ටෝ පියතුමා2

මා ස්තූතිවන්ත වනවා මීගමුවේ පාපන්දු ක්‍රීඩාව අසාධාරණය ගැන කතාකරන්ඩ  ජනමාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් නා.මන්ත්‍රී කපිල මහතා විසින් සිදුකිරීම පිළිබදව.
මම කතාකරන්නේ දොන් බොස්කෝ ක්‍රීඩා  සමාජයට සිදුවන අසාධාරණය ගැන පමණක් නෙමෙයි. සමස්තයක් වශයෙන් මේ ක්‍රීඩාවට සිදුවන අසාධාරණය ගැනයි. පාපන්දු ක්‍රීඩාව කියන්නේ ජාත්‍යන්තර මට්ටමින් ඉහල තැනක් තියෙන ක්‍රීඩාවක්. අවාසනාවට වගේ අපි භූතාන් වගේ රටකට පැරදුණා.ඒක අවාසනවාක්. මීගමුවේ පාපන්දු ක්‍රීඩාවේ පිමියර් ලීග් ගහපු ක්‍රීඩා සමාජ 3ක් තිබුණා.  දැන් ප්‍රිමියර් ලීග් ගහන ක්‍රීඩා සමාජ එකයි තියෙන්නේ.ඉතින් සංවිධානාත්මකව අපට දැනෙන විදිහට මේ පාපන්දු ක්‍රීඩාව තුළින් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ඨ කරගන්ඩ කවදාවත් පාපන්දු නොගහපු අය මේ ක්‍රීඩාව පාවා දෙනවා. ඉතින් බොස්කෝ  ආයතනයටත් එහිදී අසාධාරණයක් වුණා.
දොන් බොස්කෝ ආයතනය අවුරුදු 50ක් තිසේසේ පාපන්දු ක්‍රීඩාවට  ක්‍රීඩකයන් දුන්නා.ජාත්‍යන්තර මට්ටමින් ගත්තහම දොන් බොස්කෝ රටවල් 130ක තිබෙනවා. වර්ල්ඩ් කප් තරග වලට සෙල්ලම් කරන ක්‍රීඩකයෝ දොන් බොස්කෝ ආයතනයෙන් බිහිවෙලා තිබෙනවා. ඒ නිසා අපිට අයිතිවාසිකමක් තිබෙනවා මේ ෆුට් බෝල් ක්‍රීඩාවට සිදුවෙන අවසනාවන්ත සිදුවීම් ගැන කතාකරන්ඩ
මීගමුවේ ෆුට් බෝල් සමාජ 16ක් තිබෙනවා. ජාතික වශයෙන් 12ක් අඩපන වෙලා තියෙන්නේ

ඒකපාර්ශ්විකව තීරණයක් ගත්තා හිටපු සභාපතිතුමගෛ් බලවත් මැදිහත්කම තුළ , පාපන්දු සංගමය  විසින්.
නමුත් දැන් අවුරුදු ගණනක් තිස්සේ මේ නිලවරණය සිදුවන්නේ  සාධාරණව නොාවේ. මේ පාපන්දු ක්‍රීඩාව එක් එක්කෙනාගේ පුද්ගලික වාසි මත විනාශ කරන මාෆියාවක් ගොඩනැගිලා තිබෙනවා. හුගක් අය මේ ගැන කතාරන්නට බයයි. අවාසනාවට.මොකද කතා කළොත් ඉවරයි. ක්‍රීඩා සමාජය අහෝසි කරනවා. ඒක තමා දොන් බොස්කෝ ආයතනයටත් වුණේ. අපි ජනමාධ්‍යෙයන් ඉල්ලන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉදිරියට යන්ඩ ඉන්න මේ දරුවන්ව මාර්ගය සලස්වලා දෙන්ඩ  මේ මාෆියාව ගැන මුළු රටටම දැනුවත් කරන එකයි අද අපේ පරමාර්ථය.
මීගමුවේ පාපන්දු සම්මේලනයේ ලීග් එකේ සභාපති වන රංජිත් ප්‍රනාන්දු මහත්මයා. ඔහු සමස්ත පාපන්දු සංගම‍ෙ සභාපති වුණා. ඒ තනතුරෙන් පස්සේ එතුමා මූල්‍ය අධ්‍යක්ෂක වුණා. දැන් මුල්‍ය අධ්‍යක්ෂක වශයෙන් ලොකු බලයක් පාවිච්චි කරනවා..

යූත් ක්‍රීඩා සමාජයයි අපේ දොන් බොස්කෝ ක්‍රීඩා සමාජයයි   අතරේ තරගයක් තිබුණා. එතනදී අපි දැනගත්තා ඒ කණ්ඩායමේ වීසා නැතිව සෙල්ලකම් කරන ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. මේක පැය 48ක් ඇතුළ.දි අපි දැනුම් දුන්නා .පස්සේ ඒ ගොල්ලෝ හොයා ගත්තා අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක්ගේ හැදුනුම්පත් වල කුමක් හෝ වරදක් තිබෙනවා කියලා. අපි කියන්නේ ඒ දඩුවම අපිට දෙන්ඩ. ඒ එක්කම අපි කරන චෝදනාව පිටරැටියන්ව ගෙන්නගෙන, ෆුට් බෝල් ක්‍රිඩාවට මුවාවෙලා මොන මොන ජාවාරම්වල ඒ අය නිරත වුණාද කියලා අපි දන්නේ නෑනේ.
අපිට වසර දෙකක ක්‍රීඩා තහනමක් පැනවුණා.කරන බව.. ඒ දැනුම දීමේ විපාකය. අපේ ගිය අවුරුද්දේ ක්‍රීඩකයෝ දෙන්නෙක් හිටියා. . ඒ ගොල්ලෝ චෝදනා කරනවා ඔවුන්ට. ජාතික හැදුනුම්පතේ යමිකිසි විෂමතාවයක් තිබෙන බවට. සමහර විට තිබෙන්නට ඇති. අපිට පිටින් ක්‍රීඩකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගන්ඩ සිදුවුණේ අපේ ක්‍රීඩා සමාජයේ බහුතරයක් ඉන්නේ 19න් පහළ. මේ අවුරුද්දෙත් විදේශීය තරග වලට මේ තුන්දෙනා තේරුණා. අපේ පුහුණුකරුවන්ට සිදුවුණා මීගමුව හා සම්බන්ධ වෙලා ඉන්න ක්‍රීඩකයෝ තුන්දෙනෙක්ව සම්බධකර ගන්ඩ. චෝදනාව ආවේ අපේ කියලා. පැය 48 ගැන කතාවක් ආවේ නෑ. නිගම්බු ලීග් එකේ හිටියා කැමරුන් රටේ හිටපු ක්‍රීඩකයෝ දෙන්නෙක්. අපිට දැනගන්ඩ ලැබුණා නීති විරෝධී විදිහට හිටපු ඒ දෙන්නව පොලීසියෙන් ඇවිත් අල්ලන් ගියා කියලා. මේ ගැන හොයලා බලන්ඩ කියලා අපි දැම්මා. මම දන්න විදිහට උසාවි නියෝගයක් තියෙනවා. , උසාවියෙන් දීපු. ඒකෙන් පොලීසියට නියෝග කරලා තිබෙනවා මේ අයව රටින් පිටුවහල් කරන්ඩ කියලා. නමුත් ඒක සිදුවුණේ නෑ. මැච් එකෙන් පස්සේ වීසා හදාගෙන තිබුණා. ඊට කලින් ඒ අයව තහනම් කිරීමට හො පිටුවහල් කිරීමට නීති නිලධාරීන්ට හැකිවුණේ නෑ.
පාප්න්දු සංගමයේ ලොකු ලොක්කෝ තමන්ගේ පාපන්දු කණ්ඩායමට එක නීතියක් අනිත් අයට එක නීතියක්. ඒ නිසයි මේවා ගැන පාපන්දු සම්ටමේලනයට දැනුම් දීලා වැඩක් නැත්තේ.
අපට දැනෙන දෙයක් තමයි පාපන්දු සම්මේලනය දැනුත් පාලනය වෙන්නේ හිටපු සභාපතිතුමාගේ අනුදැනුමෙන් කියන එක.
මාධ්‍යත් පාලනය කරන්නේ රංජිත් ප්‍රනාන්දු මහත්මයා. ඒ නිසා තමයි අපේ වැරද්ද ගැන විතරක් දැම්මේ මාධ්‍ය වල. නමුත් අපිට වෙච්ච අසාධාරණය ගැන මාධ්‍යෙයන් පෙන්නුවේ නෑ.
දොන් බොස්කෝ ආයතනය ගැන පමණක් කතා කරනවා නෙමේ. ජාතික පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අපි පියතුමන්ලා හැටියට දිවැසිවර මෙහෙයුමක් කරන්ඩ ඕනා. ඒ නිසා අපි මාධ්‍යෙයන් සත්‍යය. ක්‍රීඩාවට යුක්තිය සාධාරණත්වය.

ඉදිරියේදී නිලවරණයක් පැවැත්විය යුතුයි.  නමුත්  මීගමුව ලීග් එකේ නිලවරණය හොර රහසේ කරන්ඩ යන්නේ. අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් ඉල්ලුවේ මේ නිලවරණය යුක්ති සහගතව හැමෝටම සහභාගී විය හැකි ලෙස,ස්වාධිනව ,ස්වාධින තැනක නීත්‍යානුකූළව පවත්වන්ඩ කියලා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයෙක් ඉදිරිපිට පැවැත්විය යුතුයි. ඒකයි අපි ඉල්ලන්නේ. මීට පෙර එහෙම දෙයක් සිදුවෙලා නැහැ. ඔක්කෝම හොර රහසේ පගාව දිලා වසර 19ක් තිස්සේ වුණේ ඕකයි.

මීගමුවේ ෆුට් බෝල් ගහන්ඩ ක්‍රීඩාංගනයක් නෑ. සුපිරි පාසල් වල ක්‍රීඩාංගන එහෙම දෙන්නේ නෑ. ෆූට් බෝල් ක්‍රීඩාවට ආදරේ කරනවා නම් මීගමුවෙන් පත්වුණත් පාපන්දු සංගමයේ උසස් නිලධාරීන් ට මීගමුව ගැන සොයලා බලන්ඩ තිබුණනේ. මීගමුව පල්ලෙහාට දැම්මා මිසක් මීගමුව ගැන සොයා බැලුවේ නෑ.එයාගේ වැරදි ගැන කතාකරන කවුරු වුණත් ඉවරයි. එයා අයින් කරනවා.
අපේ ආයතනයේ තිබෙන පාපන්දු ක්‍රීඩාංගනය නඩත්තු කරගෙන අපි අරන් යන්නේ. මේ ලගදී අපි අපේ ළමුන් එක්ක එකතු වෙලා පරණ යකඩ එකතු කරගෙන ෆැවිලියන් එකක් හැදුවා.

මේ ගොල්ලෝ අපේ කණ්ඩයම තහනම් කළා කියලා අපේ දරුවෝ පාපන්දු ක්‍රීඩාව නොකර ඉන්නේ නෑ.ඔවුන්ට සෙල්ලම් කරන්ඩ පාපන්දු පිටි පිරිලා තිබෙනවා හැමතැනම. අපේ අරමුණ වෙන්නේ දරුවන්ගේ හැඩගැස්ම දියුණු කිරීමයි. නමුත් අපි පැත්තකට වුණා,නමුත් අපේ   ප‍්‍රෙද්ශයේ දරුවන්ට සිදුවන විෂමතා, අයුක්ති සහගතකම් වලට විරුද්ධව කටයුතු කිරීමට අප නොපැකිළි වන්නේ නැහැ.

මීගමුවේ පාපන්දු සම්මේලනයේ (මීගමුව ලීග් එක ) උප සභාපති කපිල නන්ද සුලෝචන මහතා.3
අද මේ මාධ්‍ය සාකච්ජාවේදී අපි ම තුකරන ප්‍රධාන කාරණාව මීගමුවේ පාපන්දු ලීගයේ
නිලවරණය මම දන්න තරමින් වසර දෙකකට එළඹෙන මාර්තු මාසයේදී පැවැත්විය යුතුයි. මොකද මීට පෙර වසර දෙකකට පෙර නිලවරණයක් තිබුණා. දැන් නිලවරණය තියන්ඩ කාලය එළඹිලා තියෙනවා. මිට වසර 10කට අධික කාලයක් මීගමුවේ නිලවරණය පැවැත්වුණේ නීත්‍යානුකූළව නෙමෙයි. මීගමුවේ ක්‍රීඩා සංගම් වලින් නියෝජනයෙන් පත්වුණ කවුන්සිල් එකක් තිබෙනවා. ඒකෙන් තමයි නිලවරණයක් ගැන හෝ ඕනැම දෙයක් ගැන තීන්දු තිරණ ගන්නේ. නිලවරණයට නාමයෝජනා කැදවන දිනයක් තීරණ කරන්ඩ ඕනා. ඒකට මීගමුව පාපන්දු ලීගය නියෝජනය කරන 3 දෙනෙකුට එන්ඩ පුලුවන්. එතින්න් තමා සභාපතිකෙනෙක්, ලේකම්,උප ලේකම්, භාන්ඩාරික හා අනෙක් තනතුරු පත්කරන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ දැන් ඒ දින ලංවෙද්දී ක්‍රීඩා සංගම් වලට ලිපියක් යවන්නේ නෑ අහවල් දිනයේදී නිලවරණය තියෙනවා ඔගොල්ලන්ගේ   අපේක්ෂකයන් ඉදිරිපත් කරන්ඩ කියලා. දැනටමත් ඒවට සහභාගී වන අයව රංජිත් රුද්‍රිගූ මහත්තයට ඕනා අයව කැදවලා ඉවරයි.ඒ වගේම මේ අපි ක්‍රීඩා සම්මේලනයටත් . ක්‍රීඩා ඇමතිතුමාටත් දන්වලා ඉවරයි. ඒ පිළබදව තිබෙන පැමිණිල්ලත් අරගෙන එන්ඩ කියලා අපිට දන්වලා තිබෙනවා. අනික සෑම කවුන්සිල් රැස්වීමකම, නිලවරණයක්ම පැවැත්වුණේ සභාපතිතුමාගේ ගෙදර. එතුමාගේ ගෙදර කිව්වත් විශේෂ තැනක නෙමේ පවත්වන්නේ. කාරෙක පාරක් කරන ගැරේජ් එකේ නැත්නම් වත්තේ. මේ රැස්වීම් වලට විශේෂ පුද්ගලයෝ එනවා
වසර ගණනක් තිස්සේ මේ මීගමුව පාපන්දු සංගමයට නිලධාරීන් පත්කර ගද්දී සභාපතිත් යූත් ක්‍රීඩා සමාජයේ ලේකම් තනතුරත් යූත් ක්‍රීඩා සමාජයේ. ඒක නිලවරණයකින් අත උස්සලා රහස් ඡන්දයකින් ආපු එකක් නෙමේ. අද වෙනකොට ජුපිටර්ස් ක්‍රීඩා සමාජයේ කවුරුත් මේකට සහභාගී වන්නේ නැහැ. ඒ මොකද සෑම රැස්වීමක්ම එයාලගේ ගෙදර තියෙන නිසා.ජුපිනර්ස් ක්‍රීඩා සමාජය කියන්නේ අද මීගමුවේ තියන අංක එකේ ක්‍රීඩා සමාජයක්.
මේ ප්‍රශ්න කවුරුත් කතා කරන්ඩ බයයි. රංජිත් රුද්‍රිගූ පාපන්දු සම්මේලනයේ ඉන්න නිසා. තමුන්ගේ ක්‍රීඩා සමාජයට ප්‍රශ්නයක් සිදුවෙයි කියලා කවුරුත් මේ ප්‍රශ්න එළියට ගේන්නේ නෑ. කවදද මේක එළිපිට කතාකරන්නේ. මම 1988 ඉදලා මීගමුවේ පාපන්දු ලීගයේ ඉන්නවා. නමුත් ඉස්සරත් ක්‍රීඩකයෝ නොවන අය පාපන්දු ක්‍රීඩාවේ තනතුරු වල ඉද්දී ඒ රාජකාරිය හරියට කළා. දැන් මේ ප්‍රශ්නය මතුවෙන්නේ මේ පුද්ගලයෝ වැරදි විදිහට ක්‍රීඩාව පාවිච්චි කරන නිසා.

පුහුණුකරු නවා ප්‍රින්ස් මහතානවා

‘‘මම වසර 34ක් විතර කාලයක සිට මීගමුවේ ඉන්න පාපන්දු ක්‍රීඩා පුහුණුකරුවෙක්. මම ජුපිටර්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක්. සභාපති රංජත් රුද්‍රිගූ හැදුනුම්පතක් හදාගෙන ඒ කාලේ ෆුට් බෝල් ෆෙඩරේෂන් එකේ අයව නොමග යැව්වා. ඔහු පාපන්දු ක්‍රීඩකයෙක් නෙමෙයි. නැත්නම් මගේ මේ පාපන්දු ක්‍රීඩාවේ වසර 34ට මේ රංජිත් රුද්‍රිගූ කියන පුද්ගලයා ක්‍රීඩකයෙක් ලෙස මට අහු වෙන්ඩ ඕනා. මම මීගමුව සාන්ත මරියා පාසලේ වසර 09ක් පුහුණු කෙරුවා. ඕවියෝ කියන ක්‍රීඩා සමාජයේ වසර 09ක් පුහුණු කෙරුවා,ජුපිටර්ස් ක්‍රීඩා සමාජයේ වසර 08ක් පුහුණු කෙරුවා. මේක ජාතික විහිළුවක්. පහුගිය දිනක ජාතික ක්‍රීඩකයෝ සෙල්ලම් කරන තරගයක ඇදුම් ඇදගෙන ග්‍රවුන් එකට එකට බැහැගෙන හිටියා . ඕන රටක ප්‍රිමියර් ලීග් තරගාවලියේ අතිරේක ක්‍රීඩකයා හැටියට යන්නේ තරුණ ක්‍රීඩකයෙක්. දැන් මෙයාට වයස අවුරුදු 50යි. මේ පුද්ගලයා ක්‍රීඩකයෙක් ලෙස ව්‍යාජ හැදුනුම්පත් හදාගෙන තිබෙනවා.
80 දශකයේ සිට 90 දශකය දක්වා පාපන්දු ක්‍රීඩා තරග වලට සෙනග ආවා විශාල ප්‍රමාණයක්. අද ඒ තත්වය නෑ. පහුගිය දවසක තරගාවලියක් තිබුණා වයස 40න් ඉහළ ක්‍රීඩකයෝ සහභාගී වුණ. ඒ තරගයට මීගමුව අවසාන තැනට ආවේ. ඒකෙන්ම තේරෙනවා නේද මීගමුවේ පාපන්දු ක්‍රීඩාව අත්කර තිබෙන තත්ත්වය. මෙයා පාපන්දු ක්‍රීඩාව දියුණු කරලා තියෙන්නේ කොහොමද කියලා එකෙන්ම තේරෙනවා.
මෙයා සභාපතිධූරයේ හිටියා අවුරුදු දෙකක්. මීට පෙර හිටියා ආන්න්ද රාජා කියලා මහත්මයෙක් එතුමා ජාතික ක්‍රීඩකයෝ බිහිකෙරුවා 12 දෙනෙක්. පසුව මමත් ඇතුළුව ජාත්‍යන්තර මට්ටමින් පුහුණුකරුවන් 3 දෙනෙක් බිහිකෙරුවා. එතුමා ශ්‍රී ලංකා සභාපති ලෙස ඉන්න කාලේ. එතුමා යමක් කළා. මෙතුමා ජාතික ක්‍රීඩකයෝ බිහිකෙරුවෙත් නෑ, පුහුණුකරුවෙක් බිහිකෙරුවෙත් නෑ,විනිසුරුවරයෙක් බිහිකරුවෙත් නෑ මීගමුවේ.ඊට පස්සේ නිකම්ම පුටුවේ ඉදලා ආවා මීගමුවට. වසර 19ක් තිස්සේ එයා මීගමුවේ සභාපතිධුරය දරන්නේ ඒකාධිපති පාලනයකින්. මගේ අවුරුදු 34ක අත්දැකීම තුළ මට කියන්ඩ තියෙන්නේ එච්චරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article