spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අම්ෆන් සුළි කුණාටුව ගැන මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියු දේ….

Must read

 

FB_IMG_1589685672606ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, මේ වනවිට ත්‍රීකුණාමලයට කිලෝමීටර 610 ක් පමණ ඊසාන දෙසින් පවතින එම සුළි කුණාටුව නැගෙනහිර ඉන්දීය වෙරළ වෙත යොමුවී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අම්ෆන් නමින් නම්කර ඇති මෙම සුළි කුණාටුව හෙට උදෑසන වනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අපේක්ෂා කරන අතර, පසුව එය බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
මේ හේතුවෙන් ගිණිකොන දිග සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් අතර වන සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝමීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වනවා.
අද පස්වරුවේදී නැගෙනහිර, මධ්‍යම සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල පැයට කිලෝමීටර 90 ත් 110 ත් අතර වන ප්‍රහාරාත්මක සුළං අපේක්ෂා කෙරෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමේ හැකියාවක්ද පවතිනවා.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර දෙකත්, දෙකයි දශම පහත් පමණ ඉහළ යෑමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස අවවාද කරන අතර, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකියි.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 2 ට නිකුත් කළ නායයාම් හා පස්කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇගවීම් අද පස්වරු 2 දක්වා බලපැවැත්වෙනු ඇති.
මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 775 කට අයත් පුද්ගලයින් 2668 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ආපදා තත්ත්වයත් සමඟ පූර්ණ නිවාස හානි 9 ක් සහ අර්ධ නිවාස හානි 473 ක් වාර්තා වන බවයි.
පැවති වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගිය අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට කැළණි, කළු, ගිං, නිල්වලා, මහවැලි යන ගංඟාවල මෙන්ම කිරිඳිඔය, මාදුරුඔය, කුඹුක්කන් ඔය, හැඩඔය, යාන් ඔය, මහඔය සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් සාමාන්ය මට්ටමට පැමිණ ඇති බවයි.
(එමිල් රොහාන්ගේ මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article