spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයියාගේ නාස්තිකාර මිගමු සංවර්ධන ව්‍යාපෘති ගොඩදාන්න මල්ලිටත් බැරිවෙයි ?

Must read

Kamachchi amman kovi 

(7.00 am ) මීගමුවේ සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් කියමින් පසුගිහ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන නිමල් ලංසා විසින් මීගමුවේ සංවර්ධනයේ නාමයෙන් විශාල මුදලක් විනාශ කර දමා ඇති අයුරු අපි ඉතා වගකිමෙන් යුතුව මීගමුවේ ජනතාව වෙත නිරන්තරයෙන්ම ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නෙමු.
පැවැති මහනගර සභා පාලනයත් රාජපක්ෂ පාලනයත් සංවර්ධන ව්‍යාපෘති ලෙසින් හදුන්වාගත්තේ සිය මඩිය නිබදව තරකර ගතහැකි දැ මිස ඇත්තටම ජනතාවට  ඇති ආදරය නිසා හෝ රටකට ගමකට ඇති ඇත්ත අවැසිතා අනුව සිදුකළ එවා නොවන බව මීගමුවේ සිදුකර ඇති සියළුම ව්‍යාපෘති විමසා බැලිමේදි ඉතාම කදිමට වැටහෙනු ඇත.
පහත පළවන්නේ එය ඉතා කදිමට පැහැදිලි කරනු ලබන තවත් එක් නිදසුනකි.
2016 වසරේ මැයි මාසයේදි මේ ප්‍රශ්ණ කිරිම බස්නාහිර පළාත් සභාව තුලදි සිදුකරන ලද්දේ එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු විසිනි.

මීගමුව කාමච්චෝඩේ පොළ සංකිර්ණය  මීගමුවේ දේශපාලනයේ අර්බුදයේ හරි මැද ලකුණු කරනු ලබන සිදුවිමක් බවට පත්ව තිබේ.
ඒ නිමල්  ලංසාගේ හිතුවක්කාර වැඩ නිසා මුළු නිති පද්ධතියම අර්බුදයට යවා තිබිම නිසාය.
පොළක් පාලනය විය යුත්තේ නගර සභාවක් යටතේය. එසේ නම් ඒය සකස් විය යුත්තේ පළාත් පාලන නිතිය සුරැකෙන පරිද්දෙන්ය.
එහෙත් කාමච්චොඩේ පොළ ඉදිකරනු ලැබුවේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ එහි කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දැන් එහි සියල්ල අවුල්ය.kamachchode-pola-
කලකට ඉහතදි මේ සම්බන්ධයෙන්   මෙහි ඇති අඩුපාඩු කම් පැමිණි නිළධාරින් හට පෙන්වා දි තිබුනේ හිටපු ඇමති සරත් ගුණරත්න සහ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර විසිනි.
පොළ සංකිර්ණයට කානු පද්ධතියක් නැත.
අලංකරනය සදහා යැයි කියන ගඩොල් බිම අතුරා ඇත්තේ කිසිදු ප්‍රමිතියකින් තොරවය.
එමෙන්ම සුළු වැස්සකින් පවා පොළ සංකිර්ණයේ සිටින සියළු දෙනා තෙත බරිත විය හැක්කේ එහි කිසිදු ආවරණ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකසා නොතිබුණ නිසාය.
මේ කරුණ පිළිබදව කිසිදු විමර්ශනයකට මීගමුව නගර සභාවට කිසිදු ඉඩක් නිමල් ලංසා හෝ ඔහුගේ නිළධාරින් විසින් ලබා දි තිබුනේද නැත.
මෙය එහෙම පිටින්ම මහනගර සභාවේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වු ඇමති ලංසාගේ පමණක් වු හිතුවක්කාරි ව්‍යාපෘතියකි.
අදාල වෘත්තිය පරිචයකින් තොර කොන්ත්‍රාක්කරුවන් හුදු කොමිස් මුදලේ බලය වෙනුවෙන් යෙදවිම නිසා අද මීගමුව නගරයේ තවත් ව්‍යපෘති රැසක් අර්බුදයට ගොස් තිබේ.
මීගමුව බස් නැවතුම් පළේ උඩු මහලේ ටයිල් ගැලවෙන්නට පටන් ගෙන ඇත්තේ මේ වැරදි නිසාය.
මීගමුව මහරෝහලේ ඇතැම් ගොඩනැගිලි ඉරිතලා යාමේ තර්ජනයකට ලක්ව ඇත්තේද කිසිදු වෘත්තියභාවයකින් තොරව නිමල් ලංසාගේ කොන්ත්‍රාත්කරුවෙක් කර ඇති බරපතල වැරැද්දක් නිසාවෙනි.
තතු එසේව තිබියදි වත්මන් නගරාධිපති දායන් ලංසා මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් යොදාගෙන මහා මුදල් නාස්තියක් සිදුව ඇති කාමච්චෝඩේ සතිපොල ඉක්මනින් ආරම්භ කරන බව කියයි.
ලංසා පවුල මිගමුවේ බදුගෙවන ජනයා මෝඩයන් සේ සලකා මේ නටන්න යන්නේ තවත් නාඩගමකි.
ඒ පැහැදිලිව අයියා විසින් කාබාසිනියා කළ ලක්ෂ 1600 ක් දැන් මීගමුවේ බදුගෙවන ජනයාගේ බදුමුදල් මගින් ගොඩාදන්නට මල්ලි විසින් කැසකැවිමය.
මීගමුවේ ඇති සැබැ අර්බුදය වන්නේ කොන්දක් නැති රාජ්‍ය නිළධාරින් පිරිසක් සිටිමය.
මේ නිළධාරින් සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා මහජනයාවත් රජයත් සිය වෘත්තිය ආචාර ධර්මත් කිසිදු හිරිකිතයකින් තොරව පාවා දෙමින් සිටිති.
අප විසින් මීට කලකට ඉහතදි හෙළිකරන්නට යෙදුන කාමච්චෝඩේ සතිපොළ ගැනල් 2016  මැයි මාසයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදි මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින්  වඩාත් නිශ්චිත ලෙසින් මතුකර තිබුණි.
පහත පළවන්නේ එහි උපුටනයයි.

roies-v-300x300

රොයිස් විජිත ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා විසින් ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ප්‍රතිසම්පාදන,ඉංජිනේරු සේවා, නීතිය හා සාමය,පළාත් පාලන හා පළාත් පරිපාලන,ආර්තික ප්‍රවර්ධන,විදුලිබල හා බලශක්ති,පරිසර කටයුතු,ජල සම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිලිබද ඇමති තුමාගෙන් අසන ලද ප්‍රශ්නය

. මීගමුව කාමච්චෝඩෙ සති පොළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශීය මුදල් යොදා අලුතින් ගොඩනැගිලි ඉදි කිරීමට බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරය කටයුතු කල බව ඔබතුමා දන්නවද?

පිළිතුර ඔව්.

. මීගමුව කෙලින් වීදියේ සිට මුහුදු වෙරළටද, කාමච්චෝඩේ හා වැල්ලවීදිය ග්‍රාම වලටද ,
ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ලෙස වසර 150කට අධික කාලයක් භාවිතා කල මීගමුවට සුවිශේෂිත ගරු විස්තීර්නි පියතුමා සිහිවීම සදහා නමු කල විස්තීර්නි පාර සම්පූර්ණයෙන් වසා දමා එම මාර්ගය මැද නව ගොඩනැගිලි ඉදි කිරීම නීත්‍යානුකූලද?

පිළිතුර මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමක් කර නොමැති අතර මාර්ගයට අවහිරයක් නොවන ලෙස ගොඩනැගිලි සැලසුම් කර ඇති බැවින් වාහන ගමනාගමනයට එද ගොඩනැගිලි බාධාවක් නොවේ.

. මෙම ගොඩනැගිලි තවමත් භාවිතයට නොගෙන ඒ අවට පිහිටි මංමාවත් පුරා සති පොල පවත්වාගේන යනු ලබන්නේ ඇයි?

පිලිතුර දැනට ඉදි කර ඇති ගොඩනැගිලි වල වෙළද කටයුතු කරගෙන යමින් පවතින අතර පොළ භූමිය අවට මංමාවත්ද වෙළදුන් විසින් යොදා ගැනීම සිදුවේ.

. මෙම නව ගොඩනැගිලි හා මාර්ග පිලිසකර කිරීමට කොපමණ මුදලක් වැය කර තිබේද?

පිළිතුර මේ ව්‍යාපෘතිය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 159 (වැට් රහිත මුදල) ක මුදල් වැය වී ඇත.

. “කාමච්චෝඩේ සතිපොලගොඩනැගිලි හා භූමි සංවර්ධන ව්‍යාපෘතියට මීගමුව මහ නගර සභාව යොදා නොගැනීමට හේතු මොනවාද?

පිළිතුරු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කොන්ත්‍රාත් පැවරීම මත බස්නාහිර පලාතේ,පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඉදිකිරීම කර ඇත.

. යම් ඉදිකිරීමක් සදහා අදාල පළාත්පාලන ආයතනයේ අනුමැතිය නොමැතිව කටයුුතු කිරීමට යම් අමාත්‍යංශයකට හෝ පළාත් සභාවක අධිකාරයකට හැකියාවක් තිබෙනවාද?

පිළිතුරු නැත

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු මහ ඇමතිතුමා, එම පාර පරිහරණය කරනවා කියලා පිලිතුරෙන් ලැබුණා. මේ පාර පරිහරණය කරන්න බැහැ.සම්පූර්ණයෙන් පාර මැද්දේ ගහල තියෙන්නේ.

ගරු මහ ඇමතිතුමා ඒ පාර පාවිච්චි කරන්න බැහැ.දෙවෙනි එක ඔබතුමා කිව්වා, ව්‍යාපාර කටයුතු මෙහි කරනවා කියලා.පාළු අම්බලමක් වගේ තිබෙනවා.තවම මීගමුව මහ නගර සභාව ඒ වෙළද කුටි,කඩ බෙදාදෙන්න බැරි තත්වයක් තිබෙන්නේ.ඔය ඔබතුමා සපයා තිබෙන්නේ බොරු පිලිතුරු.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

ගරු මන්ත්‍රීතුමා , මට මෙහි පසුබිම් වාර්ථාවක් එවලා නැහැ.මම ඒ පිලිබදව අවධානය යොමු කරලා බලන්නම්.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ඒ පිලිතුර එවපු කෙනා ගැන යම්කිසි පරීක්ෂණයක් කරන්නය කියලා ඔබතුමාගෙන්  ඉල්ලනවා.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

මම බලන්නම්

මේ සංවාදය සිහිබුද්ධියෙන් කියවන ඕනැම අයෙකුට තෙරුම් යන සරල සත්‍ය වන්නේ මීගමුව මහනගර සභාවට ගැන තුට්ටුවක් මායිම් නොකරමින් හිතුවක්කාර ලෙස රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති අන්දමය.
ඒ නිමල් ලංසා විසිනි.
දැන් දයාන් ලංසා සැරසෙන්නේ මේ මහා නාස්තිකාර ව්‍යාපෘතිය ගොඩදැමිම සදහා මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් යෙදවිමටය.
මේ මහා විනාශය ගැන බාබාට ඇන්ද මීගමුවේ ප්‍රධාන පුරවැසියාගේ සිය මුහුණු පොතේ මේ ගැන තබා ඇති සටහන හොදින් කියවන ලෙස අප මිගමුවේ බදුගෙවන ජනයාගෙන් ඉල්ලා සිටිමු.

කාමච්චෝඩය ප්‍රදේශයේ මිලියන 168.84 ක මුදලක් වියදම් කර ඉදි කරනු ලැබූ ” දිවිනැගුම සතිපොල ගොඩනැගිල්ල ” නිසි ප්‍රයෝජනයක් නොගෙන අවුරුදු කිහිපයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් සිදුවී ඇති විනාශය අද දින නිරීක්ෂණය කල අතර තව දින කීපයක් ඇතුලත මෙම ගොඩනැගිල්ල නවීකරනය කර මීගමු ජනතා අයිතියට පත් කිරීමට පියවර ගතිමි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2018.06.12
(උපුටා ගැනිම දයාන් ලංසාගේ මුහුණු පොතෙනි )

මිගමුවේ ප්‍රධාන පුරවැසියා මේ ගොනාට අන්දවන්නට හදන්නේ කාවද ? දිවිනැගුම සතිපොල ගොඩනැගිල්ල ” නිසි ප්‍රයෝජනයක් නොගෙන අවුරුදු කිහිපයක් තිස්සේ වසා දමා තිබීම සිදුවුනේ ඇයි? කාගේ වරදින්ද ?
නගරාධිපති දයාන් ලංසාගේ දේශපාලන උපදේශක සහ අයියා වන නිමල් ලංසා නිසා නොවේද ?

dayan kamachode

මීගමුවේ ජනයාට ප්‍රතිලාභ ලැබිමට යැයි කියා රාජ්‍ය මුදල් ලක්ෂ 1600 ක් වැය කර ඉදිකරන ලද මේ සතිපොල පසුගිය වසර 4 කටත් අඩික කාලයක් ඔහේ අතහැර දමා තිබුණි.
එය කොයිතරම් නම් අපරාධයයක්ද ?
මීගමුව සංවර්ධනයේ නියමුවා යැයි ඔහු විසින් ම පුරසාරම් දෙඩුවද ඇත්තටම මිගමුවේ සංවර්ධනය නාමයෙන් සිදුකරන ලද විනාශයේ නියමුවා වන්නේ නිමල් ලංසාය.
අරුමය වන්නේ මේ සියළු විනාශයන්ට වන්දි ගෙවිම සදහා දැන් දයාන් ලංසා මීගමුවේ බදුගෙවන සල්ලි කොල්ලකැමට අරඇදිමය.
මීගමුවේ කොදු නැති නිළධාරිණියන් සහ නිළධාරින් පිරිසක්ද මේ මහාකොල්ලට අත්වැල සපයමින් සිටිති.
මේ කටුක ඇත්ත මීගමුවටත් රටටත් කියන්නට ලංසා පවුලේ කටුකන මාධ්‍යවේදි රැළ අපොහොසත්ය.
2018 ජුනි මස 12 වනදා දින කිහිපයකින් නිම කර දෙනවා යැයි කි දිවිනැගුම පොළ තාමත් තිබුණ තත්වයේමය.
එක් දවසට එක වැඩක් යැයි කියන මිගමුව නගරාධිපතිවරයාගේ දින කිහිපයකින් යන ප්‍රකාශයට දැන් මාස 6 ක්ද ඉක්මවා ගොස් තිබේ.
මාධ්‍ය සංදර්ශණ වලට මුවාවි ගෙන යන අවලංසා පාලනය ගැන මිගමුවේ විපක්ෂයේ බහුතරයක් නිහඩව සිටිම නිසා අද ආණ්ඩු පක්ෂය බදුගෙවන ජනයාවද ගොනා අන්දවන්නට සැදි පැහැදි සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article