spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අරණායකට පිසූ ආහාර අරන් එන්න එපා !

Must read

rice_ packetsඅරණායක ප‍්‍රදේශයේ අවතැන් ජනතාව රැඳීසිටින කඳවුරුවලට කලින් නොදන්වා පිසූ ආහාර රැගෙන ඒමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් අබේවික‍්‍රම වනසූරිය මහතා ඉල්ලීමක් කරයි.

එලෙස පෙර දැනුම්දීමක් විවිධ පිරිස් විසින් රැගෙනවිත් තිබූ පිසූ ආහාර විශාල ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදු වී තිබීම හේතුවෙන් මෙවැනි ඉල්ලීමක් කරන  බව   දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසයි.

පිසූ ආහාර ආහාර රැගෙන ඒමට පෙර අරනායක ප‍්‍රාදේශීය ලේකම්  කාර්යාලයෙන් ඒ පිළිබදව විමසන ලෙසට ඉල්ලා සිටි කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයා  ඒ සදහා නිලධාරීන් දෙදෙනෙකු නම් කර ඇති බවද   පැවසීය.  ඒ අනුව

071 44 29 961- කුමාරි
071 44 26 380-විජේසිංහ

 යන නිලධාරීන් අමතා  පිසූ ආහාර ලබාදීම පිළිබදව වැඩි විස්තර ලබාගැනීමේ හැකියාව පවතී.

පිසූ ආහාරවලට වඩා අවතැන්වූවන්ට පහත සදහන් ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වී තිබෙන අතර ඒවා සැපයීමට කෙරෙහි අවධානය යොමුකළ හැකිනම් වඩා වැදගත් බවද  දිස්ත‍්‍රික් ලේකම්වරයා  පැවසීය.
* ළමා , කාන්තා සහ පිරිමි යට ඇඳුම්
*පුංචි දරුවන්ට කිරිපිටි සහ ඒවා සාදා ගැනීමට කෝප්ප සහ හැඳි
*දරුවන්ට අවශ්‍ය පාට පෙට්ටි,පාට පැන්සල් ,චිත්‍ර පොත්,අභ්‍යාස පොත් සහ සෙල්ලම් බඩු
*සනීපාරක්ෂක තුවා

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article