spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අර්බුදකාරී ව්‍යාපාරික ලෝකයේ අනාගත සිහින දකින්නා !

Must read

මොහාන් 1

ඇපලෝ  යනු  හඳ  තරණය  කළ  රොකට්ටුවක  නමකි.   මීගමු  නගරයේදී   අපදන්නා  ඇපලෝ  යනු   ඡායාරූප  කරණය  පදනම්  කරගත්   ව්‍යාපාරික  ආයතනයකි.   මීගමු  නගරයේ  ක්‍රියාත්මකව  පවතින  ව්‍යාපාර  අතරින්  ප්‍රමුඛ  ස්ථානයක්  ගන්නා  මෙම  ආයතනය   අංශ  කිහිපයක   සේවාවන්  සපයයි. මේ  අතර  පොටෝ රාමු  සැකසීමේ  සිට  වර්ණරසායනාගාර  යොදා  ගනිමින්  සිදුකෙරෙන  ඡායාරූප කරණයේ  විවිධ  කටයුතු   සිදුකෙරේ.  මෙහි  අධිපති   මොහාන්  මහතා   කාර්්‍යබහුල   පරිසරයක  තම  කටයුතුවල  නිරතව  සිටියද    අප  සමඟ  කෙටි  කතාබහක්  සඳහා   ඉඩකඩ  ලබාගැනීමට  හැකිවිය.  මීගමු   නගරයේ  ව්‍යාපාරික   මහතුන්ගේ   තොරතුරු   පිළිබඳව  අපගේ  ලිපි  ගොන්නට   එකතුවන  මොහාන්   මහතා  යනු   ව්‍යාපාරිකයෙකු  මෙන්ම    බුද්ධිමතෙකි.  මේ  අනුව   අපගේ  ප්‍රශ්ණ  සඳහා  ඔහු  දුන්  පිළිතුරු   ඇතුලත්  සාකච්ඡාව  මෙසේවිය.ඇපලෝ

ඔබේ  පවුලේ  විස්තර  ටිකක්  කිව්වොත්…

මම  මොහාන් ද  සිල්වා .   මගේ  පියා  ……මව  ….. මගේ  බිරිඳ  ක්ලේරා ද සිල්වා,පුතා  රවින්ද්‍ර  දිනේශ්,  දුව……. .  පුතා  solid  computer   ආයතනයේ    අයිතිකරු  ලෙස  තම  ව්‍යාපාරික  කටයුතු  කරගෙන  යනවා.  දුව  ඇපලෝ  ආයතනයේම  ව්‍යාපාරික  අංශයේ  කටයුතුවල  ක්‍රියාත්මක  වෙනවා.

ඔබ  ව්‍යාපාරික  කටයුතු  සඳහා  යොමුවුනේ   කොහොමද?

අවුරුදු  30කට  පමණ  පෙර  මම  ව්‍යාපාරික  කටයුතු  සඳහා  යොමුවුනේ.   මේ  සඳහා    තෝරා  ගත්තෙ   වෙනත්  අය  මැදිහත්  නොවුනු   වෙනස්ම   අංශයකට.  …….මුල්කාලයේදි   එහි  සාර්ථක  වර්ධනයක්  දකින්න  තිබුණා.  නමුත්  රටේ  දේශපාලන  තත්වය  අනුව  වෙනස් කම්  ඇතිවෙන්න  පටන්  ගත්තා.  විශේෂයෙන්  චන්ද්‍රිකාගෙ  කාලයෙන්  පස්සෙ  සමාජය  තුළ  තාක්ෂණික  වෙනස්කම්  රාසියක්  ඇතිවුනා.    ඩිජිටල්  ,   කොම්පියුටර්  එකතුවුනා.  Competition එක (  තරඟය) වැඩිවුනා.  දැන්  අමාරු  තත්වයක්  තමයි  තියෙන්නෙ.  ඒනිසා   අපි  පටන්  ගත්ත  ආකාරයෙන්   සහ  අපි  වැඩකළ  ආකාරයෙන්  දැන්   කටයුතු  කරන්න  බැහැ.

මේ  තත්වයට  හේතු  මොනවද?

එකක්  තමයි  සියල්ල  වෙනස්වීම.  ඒක  ව්‍යාපාරවලදිත්  එහෙමයි.  මුලින්  පටන්ගත්ත  ව්‍යාපාර  එලෙසම  පවතින්නෙ  නෑ. ඒවයෙ  ස්වභාවය  වෙනස්වෙනව . ඒ  අනුව  ගැලපෙන්න  අමාරුකම.  අනික   රටේ  අවශ්‍යතා  අනුව  පවතින   ආර්ථිකයට  සැළැස්මක්  නැතිකම.  බදු  ගැහීම  ගැන  ප්‍රශ්ණයක්  නෑ.    නමුත්   අයතා  ලෙස  බදුපැනවීම  තුළින්  වියදම්  දරාගැනීමේ  අපහසුතාවයට  මුහුණ දෙන්න  සිද්ධ වෙනව.

හැමදේම  ඉම්පෝට්  කරනවා,  අපි  පොටෝකොපි  මැෂින්  එකක්  ගත්තොත්  ඒකෙ  ඩ්‍රම්  එක  වගේ  අමතර  කොටස්  ඒ  රටෙන්ම  ගතයුතුයි.  ඉතිං  මෙහෙම  බලනකොට   අපි  හම්බකරනවට  වැඩිය  වියදම්  කරනව.

අනික  අපි  නිර්මාණාත්මක  නෑ.  එක්කෙනෙක්  මොකක්හරි  එකක්  පටන් ගත්තොත්  අනෙක්  අයත්  ඒකම  කරන්න  තමයි  උත්සාහ  කරන්නෙ.  අපිට  ලොකු  වෙළඳපොලකුත්  නෑ.  සමාජය  තුළ  මෙවැනි  තත්වයක්  පවතිද්දි   පාලකයින්ගෙ  අපිළිවෙල  නිසා  එන් එන්නම  රටේ  තත්වය   දරුණු   වෙනව.  දැන්  අත්‍යවශ්‍ය  භාණ්ඩ ගෙන්වීම  සීමා  කරන්න  ආණ්ඩුව  උත්සාහ  කරනව.  මුදල  බාල්දු වෙල.  ඩොලරය  රු. 200/ට  ගියොත්   මොකද  වෙන්නෙ.  වාහන  ගෙන්වීමෙ  සීමාවක්  නෑ.  ඒ  අනුව  ටයර්,  අමතර  කොටස්,  ඩීසල්  මෙහෙම  බැළුවහම  වියදම  වැඩියි.  මැති  ඇමතිවරු  රට  යනව.ඒ  අය  මෙහෙන්  ඩොලර්  අරගෙන  යනව.  එහෙ  ඉඩම්  ගන්නව,  ගෙවල්  ගන්නව,  මේක  මුළු  සමාජයටම  දැනෙන  බරක්.

 මේ  පරිසරය  තුළ  ඔබ  වෙනස්  ලෙස  කල්පනා  කරන්නෙ  කොහොමද?

රජය  පරිසරයට  උචිත  දේ  ගැන  අවධානය  දී  කටයුතු  කළයුතුයි.  පෙට්‍රල්,  ඩීසල්  සීමා  කළාට  වරදක් නෑ  පොදු  සේවාවලට  හැර.  මිනිස්සුන්ට   ඕනෙ   ත්‍රීවිලයක්  හෝ  අරගෙන  හොඳින්  හෝ  නරකින්   තම  ජීවිතය  ගෙනියන්න.  මේ  නිසා  අපි  වෙනස්   දේවල්  ගැන  හිතයොමු  කිරීම  වැදගත්.  වෙනත්  රටවල්  විදුලිය  පැත්තට  යොමු  වෙනවා.  තෙල්  අර්බුධයක්  පවතින  බැවින්  ,  මෙය  හොඳ  තත්වයක්. අපි  මේ  වනවිට  ඉලෙක්ට්‍රෝනික්   මෝටර්බයිසිකල්  1500ක්  පමණ  හඳුන්වා  දී  තියෙනවා.  ඒ වගේම  ඉලෙක්ට්‍රෝනික්  ත්‍රීවීල්  5ක්  ගෙන්වා  තිබෙනවා. නමුත්  මේ  සඳහා  මතුව  ඇති  ගැටළුව  තමයි  බැටරියට  යන  වියදම.  ඒක  ඩොලර්  25ක්  වෙනවා.  නමුත්  අනෙකුත්  සියළු  වාහනවලට  වඩා  මෙහිඇති  පරිසර  හිතකාමී බව  සළකා  ආණ්ඩුව  මීට  වඩා  අවධානය  දිය  යුතුයි.

පොටෝ   සකස්  කිරීම  ආදී  සියළුදේ  අතින්  කළත්  පසුව  තාක්ෂණය  ඉතා  වේගයෙන්  මේ  අතරට  පැමිණීම  නිසා  අපටත්   ඒ  අනුව  හැඩගැහෙන්න වුනා. ආර්ථික  තත්වය,  තරඟකාරීත්වයතුළින්  නිතර  බාධා  පැමිණෙනවා.  මම  කලින්  සඳහන්  කළ  ආකාරයට  සියළු  දේ  වෙනස්වෙන  ලෝකයේ  පැවැත්ම,  ආගම,  සංස්කෘතිය,කෑම බීම,  සිතුම් පැතුම්  මේ  ආදී  සියල්ල  වෙනස්වීම  මත  අපට  එක දේක  නතරවී  සිටිය  නොහැකියි.   දැන්  මේ  වෙස්වීම  ඉතා  වේගවත්.

අද  ලෝකය  තුළ  මිනිස්  අවශ්‍යතා  සඳහා  තාක්ෂණය  යොදා  ගැනීමෙන්  විශාල  දියුණුවක්  ලබා  තියෙනවා.ගමන්බිමන්යාමේදී,  ලෙඩ  සුවකරගැනීමේදී   ආදී වශයෙන්   සියළු  දෑ   පහසුවෙන්  ඉටුකර  ගැනීමට  හැකිවී  තිබෙනවා.   මේ  වෙනස මත දියුණු  අන්දමින්  ලෝකය  තුළ  තාක්ෂණයේ   විශාල  බලපෑමක්  සමාජය  තුළ  ඇති  වෙනවා.

ඔබේ  සමාජසේවා  කටයුතු  ගැන  යමක්  කිව  හැකිද?

මම  දැනට  වෙළඳසංගමයේ  සභාපති.  මීගමු  සාප්පු සංකීර්ණයේ  අවුරුදු  9ක්  සභාපතිවී  කටයුතු  කළා.  මීට  අමතරව  ගම්වල  විවිධ  කටයුතු,  ක්‍රීඩාසමීති  ආදිය  තුළ  මැදිහත්වී  ක්‍රියාකර  තිබෙනවා.

විවිධ  දේවල්  සම්බන්ධයෙන්   මොහාන්  මහතා  තුළ  ඇති  දැනුම   ඉබේ  පහළවූවක්යැයි  කිව  නොහැක  වසර  ගනනාවක්  තිස්සේ  තම  ව්‍යාපාරය  ගොඩනැගීම  උදෙසා  කරනලද  කැපවීම  තුළින්  ලද  අත්දැකීම්  සහ  විදේශයන්හි  ජීවත්  වෙමින්  ලද  දැනුම  සහ  අවබෝධයද    මේ  පරිනත  බවට  හේතු  වී ඇතැයි   සිතිය  හැක.එසේම  ඔහු    ව්‍යාපාරිකයෙකු  වුවද  සාමාන්‍ය  මිනිසෙකු  ලෙස  කැපී  පෙනෙන  ප්‍රධාන  සාධකය  ලෙස  ඔහු  සතුව  පවතින  දැක්මත්,  අත්දැකීම්  බහුල  පුද්ගලයෙකු වීමත්  විශේෂවන  බව  පෙනේ. ඒනිසාම    ඕනෑම  දෙයක්  දෙස   වෙනස්  කෝනයකින්  බැලීම  සහ  ඒ අනුව  ක්‍රියාකිරීම  මොහාන්  මහතාගේ  ක්‍රමයයි.    මෙවැනි  මිනිසුන්     මීගමු  නගරයට  පමණක්   නොව මුළුමහත්  සමාජයටම   සම්පත්  වන  අතර   අපි  ඔහුගේ  ඉදිරි ගමනට  සුභ පතමු.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article