spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අර්බුදය , ගැහැනු හා සව් දොදෝල්

Must read

බයීබලයේ එලීදරව්ව පුස්තකය , සෙමියොටික් හෝ තීරු ලීපී භාශාව හෝ දීවීත්වාර්ත රචනයේ මුල්පොත් කියවීමකී , අර්බුදය ඉක්මවා භක්තීය හෝ අර්බුදය ඉක්මවා යන ධෛර්යය මේ රචනා වල ප්රස්තුතයයී.
උදැසනම පාතරාසය සෙවීමට නික්මුන කල්හී දුටු දෙයීන් කැලඹීම මේ සටහනේ පෙලඹීමයී. ස්කූටීයක නැගී තරුන වීය නො ඉක්මවු කතක් තම අසුන ඉදීරීපස අවකාශයේ රැඳවු බහාලුමක වන්ඩු ආප්ප, සව් දොදොල් හා , ලැවරීයා හා වෙනත් කඩයප්පම් වීකුනන්නී , වන්ඩු ආප්ප යැයී හඬ නගා කියන්නීය..
මේ මොරටු කැම නව වෙලඳ ව්යවසායීකත්වයක් නගරයට ඉදීරීපත් කර ඇත. අනතුරුව පාරේ හමුවු හකුරු වෙලෙන්දීය සෙමීන්ම මිමුනුවේ හකුරු ඔනද කියාය, ඊයේ උසාවීයේ කලම්බෝ ලෝ ලයීබ්රරීයේ බරාඳයේ හකුරු හා පැනී වීකුනනීයද මීට පෙර හමුවී ඇත. සීයල්ල කාන්තාවන්ය.
අර්බුදය බොහෝ කාන්තාවන්ව ව්යවසායීකත්වයට තල්ලු කර ඇත. ඔවුන් එය සාර්ථකව මුහුන දෙනවා පමනක් නොව එයට නව මානයන් හා වර්ණයන් හා නව ඉතීහාසයක් ලියමීන් සීටී. එය කීසී වීටේක සුමට සුන්දර අත්දැකීමක් නොවුවද එය ධෛර්යයේ කතාවයී.
මුලීන්ම කී ව්යවසායීකාව වීකීනු සව් දොදෝල් හා වන්ඩු ආප්ප අද මගේ කැම කතාවයී.
මේ දෙකම මොරටුවේම නොවුනත් මීගමුවේ සීට කලුතර දක්වා මුහුදු තීරයේ පීලීයෙල වුවත් ඒවායේ ප්රාදේශීය වෙනස්කම් ඇතුවම නිශ්පාදනය කරයී. ඉනුත් සව් දොදෝල් මොරටුවට ආවේනීක බවක් දක්වයී හෝ මේ මොරටු සව් දොදෝල් එයටම අවේනික කතාවකී.
වන්ඩු ආප්ප කැන්ද කොලවල මුට්ටියක තම්බා ගැනීම තමයී අපේ ගම් වල කලේ හැබෑයී ටික වෙලාවක් යනවා. වන්ඩු ආප්ප ලා දුඹුරු පාටයී වන්ඩු ආප්පය හතරට පැලෙනවා මේවා චීන ආහාර ආහාශයෙන් හෝ කේරල ආහාර අභාශයෙන් හැදෙන්න ඇතී.
සීනක්කු ටිකක් රසයෙන් මෙයට සමානයී සීනක්කු චීන කැමක් බොහෝ චීන රටවල් වල තියනවා කෝප්ප වල තම්බන්නේ චීන අච්චු සීනක්කු වෙන්න ඇතී කියලා මම හිතනවා.
සව් දොදෝල් ගැන හුඟ දෙනෙක් හිතන්නේ මේක වැලී තලප කියලා. නැ , මේක වැලී තලප නොවේ මොරටු සව් දොදොල් දවසකට වඩා තියා ගන්න බැ , මොකද ඒතන ගොඩාක් වතුර හා පොල් කිරී තියන නිසා ඉක්මනට පීලුනු වෙනවා. මේකට පැනී වැඩී කර ගන්න එපා , පොල් පැනී වීතරක් භාවීතා කරන්න. මේ සව් දොදෝල් හරීම මෙලෙකයී , ලා දුබුරු පාටයී.
සව් දොදෝල්
අවශ්ය දේ ;
පාන් පිටි කිලෝ 1 යී
පොල්ගෙඩි දෙකක උකු කීරී
පොල් පැනි කෝප්ප 4 යී
ලුනු කුඩු මේස හැඳී 1 යී
කරඳ මුන්ගු ගෙඩී 6 යී
සව් කෝප්පයක්
සදා ගාන්න ආකාරය
පාන් පීටී ගන්නවා නම් පීටී තම්බලා එය හොඳීන් කුඩු කර පෙනේරෙන් හලා ගන්න අවශ්යයයී. ඉතා උකු පොල් කිරී කෝප්ප 6ක් හෝ 7 ක් වීතර ඔනා වෙනවා ,
පලමුව පාන් පීටී වලීන් ලොකු කැට එන වීදීයට කැට හදා ගන්න ඕන මේ ලොකු පිට්ටු කැට හදා ගන්න කොට සව් මිශ්ර කරමීන් හදන්න එතකොට ලොකු කැට එනවා මේවා පවුලේ රහස් වට්ටෝරු. මේ ලොකු කැට සහීත සව් පිට්ටු එක ස්ටීමරයක පිට්ටු තම්බ ගන්න වීදීයට් තම්බ ගන්නවා සව් පිට්ටු තම්බන කොට පිට්ටු බම්බුව ගන්නේ නැ.
ආයෙත් ,මතක තියා ගන්න ලොකු පිට්ටු කැට තමයී ගන්නේ කුඩා එවා අඩුවෙන් . කොහොමත් කුඩා ඒවා හැදෙන එක වලක්වන්න බැ.
දැන් කිරී කෝප්ප 6 භාජනයක දමා රත් කරන ගමන් එයට කරඳ මුන්ගු , ලුනුකුඩු , පැනී කෝප්ප 4 එකතු කරමීන් හැඳී ගාන්න ඕනා මේ සව් දොදෝල් වල වෙනස තමයී කීරී වැඩී පැනී අඩුයී , කිරී වැඩී වන තරමට රහයී .
හැබැයී පැනී වැඩී උනොත් හයී වෙනවා වැඩේ වැලී තලප වෙනවා මතක තියා ගන්න ඒ නිසා සාමන්යයෙන් කිරී 1.5 ට පැනී 1 යී වගේ වීනාඩී 10 ක් පමන ඉහල ගීන්දරේ රත් කරලා ගින්දර අඩු කරලා සව් පිට්ටු ටික දා ගන්න දැන් මේක හොඳීන් හැඳී ගාන්න. මඳ ගින්නේ හැඳී ගානකොට හැන්ඳ මෙහෙයවන්න බැරී ගානට උකු උනාම එයා ගන වෙන්න ගත්තම එයා බටර් ගාපු ලොකු තැටීයකට දාලා කෙහෙල් කොලෙන් වඩන්න කැලී කපල කන්න .
වන්ඩු ආප්ප
අවශ්ය දේ :
හාල් පීටී කෝප්ප 2යී
පාන් පීටී කෝප්ප 1/2 යී
පොල් පැනී කෝප්ප 1යී
උකු පොල් කිරී කෝප්ප 1/2 යී
ලුනු කුඩු තේ හැන්ඳයී
යීස්ට් මේස හැඳී 1/2 යී කැන්ද කොල ,
කැන්ද කොල ගොට්ටක් සේ සාදා ගන්න එයට අපේ පාලාත් වල නම් වන්ඩු ආප්ප අච්චු තිබේ
සාදාගන්නා ආකාරය
හාල් පිටි, පාන් පිටි පොල් පැනී, පොල් කිරි ඒකට එකතු කරන්න. සීනි ස්වල්පයකට යීස්ට් ටික ඇල්මැරුණු උනුසුම් වතුර ස්වල්පයකට දමා හොඳින් කලවම් කර පෙර මිශ්රණයට එකතු කරන්න .ලුනු එකතු කරන්න අමතකකරන්න ඒපා. .මෙය ආප්ප මිශ්රණයට වඩා ටිකක් උකු වෙන්න ඕන. පැය 5 ක් 6 ක් වත් පිපෙන්නට තබා මිශ්රණය කැන්ද කෝල වලට දමා ස්ටීමරයක හෝ වන්ඩූවේ තම්බා ගන්න.
කැන්ද කොල ගොටු ආකාරයට සකස් කර හදා ගන්න.
May be an image of food
නීතිඥ ලක්ෂාන් ඩයස් 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article