අර්බුද රැසක් මැද මිගමුව නව නගරාධිපති දිවුරුම් දෙයි ?

0
500

 

මිගමුව මහනගර සභාවේ නව නගරාධිපති ලෙස චාමර ප්‍රනාන්දු ⁣පසුගියදා  දිවුරුම් දි තිබුණි.

විපක්ෂයට පවා නිල ඇරයුමක් නොකර පැවති මෙම අවස්ථාව ආවරණය කිරිම සඳහා මාධ්‍යයට පවා කිසිදු නිල ආරාධනයක් සිදුකර නොතිබුනි.

මිගමු මාලිමාව තුල මතුව ඇති අර්බුදය එලියට පැන්න අවස්ථාවක් ලෙසද මෙම දිවුරුම් දිමේ අවස්ථාව නම් කළ හැකිව ති⁣බේ.

විපක්ෂ⁣යේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකුට කර තිබුන පුද්ගලික ආරාධනා හේතුවෙන් විපක්ෂයේ දෙතුන් දෙනෙක් පැමිණ සිටි බවද වාර්තා විය.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද මෙම අවස්ථාවට එක්ව නොසිටිම කැපි පෙනෙන කරුණක් විය.

වත්මන් නගරාධිපතිවරයාට මිගමුවේ තුල දැනටමත් මතුව ඇති අර්බුද කළමනාකරණය කරගන්නවාට අමතරව දැනටමත් ආණ්ඩු පක්ෂය තුල මතුව ඇති පිල් බෙදිම පිලිබද බරපතල ගැටළුවටද  අවධානයක් යොමු කිරිමට සිදුවනු  ඇත.

පුද්ගලික හේතුවක් නිසා යැයි කියමින් ධුරයෙන් ඉල්ලා අස්වු හිටපු නගරාධිපති  නීතිඥ රොබට් හීන්කෙන්ද පවා  නව නගරාධිපතිගේ දිවුරුම්දිමේ උත්සවයට පැමිණ සිටියේ නැත.

මිගමුව අළුතින් ගොඩනැගිමේ වැඩපිලිවෙල තුල නව නගරාධිපතිවරයාට මාධ්‍ය සමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට සිදුවනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here