spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අල්හිලාල් ප්‍රදර්ශනය තුළ මතුවූ මිනිසාගේ මුල් අවස්ථා සහ ගැමිකම

Must read

8
මීගමුව , පෙරියමුල්ල  ප්‍රදේශයේ  අල්හිලාල්  විදුහලට  වසර  100 ක් පිරීම නිමිත්තෙන්  ඊයේ ( 25) සිට  දින  3ක්  පැවැත්වෙන   මෙම  ප්‍රදර්ශනය සඳහා  අද  දිනද විශාල පිරිසක්ල සහභාගී විය .මෙම ප්‍රදර්ශනය තුළ ආගමික , ආර්ථික , ඓතිහාසික , විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක ආදී වශයෙන් විවිධ අංශ පදනම් කර ගනිමින් නිර්මාණ ඉදිරිපත් කර තිබින.
මින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිස් සමාජය විකාශනය වූ ආකාරය පෙන්නුම් කර ඇති ආකාරය සිත්ගන්නා සුළුය.
මෙම මිනිස් සමාජයේ මිනිස්සු තුළ ජාති , ආගම් කුල වශයෙන් බෙදීමක් දක්නට නොතිබින. සාමුහිකව ඉතා සරල දිවිපෙවෙතක් අනුගමනය කළ අතර සියල්ල පොදු භාවිතයේ පැවතුනු බව මෙම නිර්මාණ තුළින් කදිමට පෙන්නුම් කරන ලදී.
එසේම ගල් යුගයේ සිට යකඩ යුගය, ගොවි එඬේර යුගය වශයෙන් ක්‍රමානුකූලව සිදුවූ විකාශනය පැහැදිළි කර ඇත . ලංකාවේ කෘෂි ආර්ථිකය තුළ පැවති නිෂ්පාදන ක්‍රියාවලියත් ඒ සමඟ ගොඩනැගුනු සංස්කෘතියත් මෙහි මැනවින් නිරූපණය කර තිබින . මුස්ලිම් දරුවන්ට ගැමි චරිත මතුවන සේ ඇඳුම් ආයිත්තම් අන්දවා තිබුනු අතර එකී පැරණි සමාජය තුළ ආචාර, සමාචාර කරන ආකාරය පෙන්නුම් කෙරෙන පරිදි මෙම නිර්මාණ සකසා තිබින.
මෙම සටහනේදී වැදගත් වන්නේ මුස්ලිම් පාසැලක් තුළ මෙසේ සමාජ විද්‍යාත්මක ලෙස පැරණි හෙළ සමාජ පසුබිම පිළිබඳව කරන විග්‍රහය පිළිබඳවයි. මන්ද අදවනවිට සිංහල ප්‍රධාන විදුහල තුළින් පවා මෙම හෙල ගැමිකම සහ එහි ඇති යහගුණයන් වියැකී යන තත්වයක් නිර්මාණය වී ඇති බැවිනි. ඒ නිසා මොවුන්ගේ මෙම උත්සාහය අප අගය කල යුතුය.3 4 5 6 7 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article