spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවුරුදු සිය ගණනක් පැරණි දේහයන් එලෙසින්ම දැකගත හැකි පැලර්මෝ සුසාන භූමිය !

Must read

kim2දකුණු ඉතාලියේ සිසිලිය දූපතේ අගනගරය වන පැලර්මෝ නගරය ලෝක සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. එයින් ප්‍රධාන ස්ථානයක් වන්නේ පැරණි සොහොන් භූමියයි.
16 වන සියවසේ සිට පැවති එන මෙම සොහොන් භූමිය තුල මෘත දේහ තැන්පත් කර ඇති ආකාරය සුවිශේෂිය. එකල සමාජයේ ජීවත් වූ ධනවතුන්  හ පූජක පක්ෂය  මෙම භූගත සොහොන්  භූමිය තුල තැන්පත් කර ඇත. එකල මෙම සොහොන් කල් තබා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර  සොහොන් රාක්ක වල විජලනය වීමට අසුරා ඇත.

අතීතයේ ධනවත් පවුල් වන සිටි කුඩා දරුවන් මෙන්ම මෙහි තැන්පත් කර තිබේ.එකල ධනවතුන්ගේ ඇදුම් විලාසිතා හා  ආභරන මෙම මළ සිරුරු තුලින් දැකගත හැකිවිය. පූජකවරුන්ගේ ඇදුම් මෙන්ම ඔවුන් භාවිතා කල පුජා භාණ්ඩද මළ සිරුර සමභ රදවා තිබුනි. ධනවත් සමාජය විසින් මුදල් ගෙවීමක් කර තමන් මැරුණු පසු තම ශරීරය නොදිරණ ලෙස තබා ගැනීමට මුදල් ගෙවා පවත්වාගෙන ගිය සොහොන් කොතක් යැයිද මුලාශ්‍ර වල සඳහන් වේ.

1880දි සංචාරකයින් සඳහා දොරටු විවෘත වූ මෙම සොහොන් භූමිය තුල 1920 දි මැරුනු කුඩා දරුවෙකුගේ මළ සිරුරක්ද සංරක්ෂණය කර තිබේ.

rosalia-lombardo

ඇය නමින් රොසාලියා ලොම්බාර්ඩෝ ය. 1918 දෙසැම්බර් මස 13  දින උපත ලැබු ඔහු 1920 දෙසැම්බර් මස 06 දින මිය පරලොව ගියේය.අවුරුදු දෙකක කාලයක් ජීවත් වූ රොසාලියෝගේ දේහය මේ වන තෙක් ජීවමාන ස්වරූපයේන් මෙහි තැන්පත් කර තිබේ.img2පැලර්මෝ 1

            මෙම සොහොන් භූමියේහි සොහොන් 1200කට  ආසන්න ප්‍රමාණයක් පමණ තැන්පත් කර ඇත. පැලර්මෝ නගරයේ පියස්ස කපුචීනී යන ස්ථානයේ පිහිටා ඇති මෙය කතෝලික සභාවේ පූජකවරුන්ගේ නිකායක් යටතේ පැවතෙයි.


ඩිල්ෂාන් තිසේරා /dchrishshantha@gmail.com/Facebook/
12472629_1065343503488240_4093232957672840325_n(1)

 

 

 

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article