spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසරණ රෝගීන් වෙනුවෙන් මීගමුව රෝහලේ වකුගඩු ඒකකය රැකගනිමු .

Must read

IMG-20191120-WA0007IMG-20191229-WA0000

මීගමුව රෝහලේ වකුගඩු ඒකකය පිහිටුවා මාස දෙකක් වත් නැත . පසුගිය 27 දින වනවිට මෙම ඒකකය තුළින් රුධිර කාන්දුකරණය වාර 356 ක් සිදු කිරීමට හැකිවී ඇත . සාමාන්‍යයෙන් පුද්ගලික රෝහලක සිදුකළහොත් රෝගියෙකුට මෙම එක වාරයක් සඳහා රු. 8000/ කට ඉහළ මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ අනුව රෝගීන් වෙනුවෙන් මීගමු මහ රෝහල ඉතිරි කර ඇති මුදල් ප්‍රමාණය 8000 x 356 = රු. 28,48000/ කි.
අප මීට පෙරද සඳහන් කර ඇති පරිදි මෙම එ්කකයේ ඇඳන් 6කට අදාල උපකරණ යොදා ගනිමින් එක්වරකට රෝගීන් 6 දෙනෙකුගේ රුධිර කාන්දුකරණය සිදුකරයි . ඒ අනුව දිනකට සිදුකරන වාර ගනන 12 කි. නමුත් මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා මොනිටර් දෙකක හිඟයක් පවතින බවත් , ඒනිසා දැනට තාවකාලිකව ණයට රැගෙන එම අඩුව පිරිමසා ගන්නා බවත් මෙහි කාර්‍යමණ්ඩලය පවසයි . මෙම අංශය බාරව කටයුතු කරන ඩිලානි මහත්මිය සමඟ වෛද්‍යවරු 3 දෙනෙක් , හෙදියන් 6ක් සහ සුළු සේවකයෙකු වශයෙන් 10 දෙනෙකු සිටී.
මෙම ඒකකය පිහිටුවීමේ සිට මේ දක්වා මෙම කාර්‍යමණ්ඩලය කරන ලද කැපවීමත්, අසරණ රෝගීන් පිළිබඳව ඔවුන්ගේ ආකල්පය , ඒ අනුව රෝගීන්ට දක්වන කරුණාව , දයාව අගය කළයුතුය. මෙම රෝගීන් වෙනුවෙන් තේ එකක් හෝ ලබාදීමට හැකිනම් එය ලොකු පිනක් බව ඔවුන් පවසයි .
මේ සියළු දේවල් සඳහා අරමුදලක් ගොඩනගා ගැනීමට හැකිනම් එය වැදගත් දෙයක් බව ඔවුන්ගේ තවත් අදහසකි .
රෝගීන් මුහුණ දෙන තවත් ගැටළුවක් ලෙස වැසි දිනවලදී මෙම ස්ථානයට පැමිණීමට ඇති අපහසුතාවය දැක්විය හැක . මේ සඳහා මීටර් 10 ක දිගට සහ මීටර් 2 ක පමණ පළලින් යුතු කුඩා වහලක් අවශ්‍ය බව පෙන්වා දෙයි .
පවතින පහසුකම් අනුව සහ රෝගීන්ගේ ඉල්ලුම අනුව ඉන් 1/4 වත් සැපිරීමට හැකියාවක් නැති බව කාර්‍යමණ්ඩලයේ මහත්මියක් අප හා පවසා සිටියාය.
මෙම රෝගීන් පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රකාශකළේ මෙවැනි අදහසකි . ” මේ අය මානසිකව වැටිල ඉන්නෙ . සමහර වෙලාවට රෝගියා ගෙදර ගෘහ මූලිකයයි. ඔහු තමයි පවුලේ නඩත්තුව කරගෙන ගියේ ඔහු අඩපන වුනහම එ් පවුලට සිදුවන්නේ කුමක්ද කියල හිතාගන්න පුළුවන් නේද? මේක ⁣ලෙඩක් නෙවෙයි . ඉන්ද්‍රියන් අඩපනවීමක්. යම් අවස්ථාවක හදිසි අනතුරු වලින් මරණය සිදුවූ අයගේ ඉන්ද්‍රියන් ලබාගත හැකිනම් එය උතුම් සේවයක්”

මරණය සහ ජීවිතය අතර රැඳිල ඉන්න මේ අසරණ රෝගීන් වෙනුවෙන් ⁣පවත්වාගෙන යන වකුගඩු ඒකකයේ මතුව ඇති ගැටළු විසඳා ගැනීමට කවරෙකු හෝ මැදිහත් වන්නේ නම් එය උතුම් සේවයක් වන අතර අප එවැනි පරිත්‍යාගශිලීන්ට මේ සඳහා ආරාධනා කරන්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article