spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පුරවැසියන් සහභාගි විය යුත්තේ ඇයි?

Must read

Negombo New 2(1)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව සිවිල් සමාජ නියෝජිතයන් සහ මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ සහ ‘වීදියේ විරෝධය’ යන සිවිල් සංවිධාන පෙරමුණු විසින් කටයුතු සංවිධානය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීම පිණිස රජය විසින් අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සියළු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර ඇත. එම කමිටුව ජනවාරි 17 සිට 22 දක්වා කොළඹ විසුම්පායේදී මහජන අදහස් විමසන ලද අතර පෙබරවාරි 01 වන දා සිට දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මහජන අදහස් විමසීමට බලාපොරොත්තු වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙහි ඇති වැදගත්කම මෙන්ම මෙම මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියට දායක විය හැකි ආකාරය පිළිබඳව සිවිල් සමාජ නියෝජිතයන් සහ මහජනතාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවෙහි අරමුණ බැව් මෙම වැඩපිළිවෙළේ සංවිධායක මණ්ඩලයේ පිලිප් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙම සම්මන්ත්‍රණ මාලාව අමතා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, බ්‍රිටෝ ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන, හර්මන් කුමාර, ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක සහ ෆ්‍රෙඩී ගමගේ යන මහත්ම මහත්මීහු අදහස් දැක්වීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණ මහජනයාට විවෘත වන අතර පහත සඳහන් ස්ථානයන්හි පැවැත්වීමට නියමිතය.
1    ජනවාරි 28 සවස 3ට මීගමුව, කාදිනල් කුරේ ශ‍්‍රවණාගාරයේ දී
2    ජනවාරි 30 වන දින උදේ 9.30ට කැකිරාව තරුණ සේවා ශ‍්‍රවණාගාරය
3   ජනවාරි 30 වන දින සවස 2.30ට කැකිරාව, ආඩියාගල, මහා විද්‍යාල ශ‍්‍රවණාගාරය
4    පෙබරවාරි 6 වන දින සවස 2.30ට අනුරාධපුර නැනුප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරය
5    පෙබරවාරි 7 වන දින උදේ 9.30ට කුරුණෑගල, රදගුරු ලක්ෂ්මන් වික‍්‍රමසිංහ ශ‍්‍රවණාගාරය (ඉම්පිරියල් සිනමා හල අසල)
මෙහි ආරම්භක සම්මන්ත්‍රණ ගාල්ල, මාතර සහ හම්බන්තොට නගරවලදී පැවැත්විණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article