ආයුධත් සමඟින් අත්අඩංගුවට ගත් ලංසාගේ මිගමු සගයාට ඇපත් නෑ !

0
262

IMG 20190427 171815(6.30 pm ) එජාපය ජයගත් මීගමුව කොට්ටාශයේ බලය පොහොට්ටුවට ලබාදිම සදහා ශ්‍රිලනිප මෛත්‍රි පිලේ හිටපු පැරණි දේශපාලකයෙකු වු ෆරිස් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 5 දෙනෙකුද සමගින් ලංස පවුල් පාලනයට නගර පාලනය  ලබාදිම සදහා එදා සහය දි තිබුණි.එයට හිලව් වශයෙන් ඔහුට නියෝජ්‍ය නගරාධිපතිධුරය ලැබි තිබුණි.එජාපය හා එක්ව නගර සභාව පිහිටවිමේ හැකියාව තිබුණි ෆරිස් මන්ත්‍රීවරයා ලංසා පවුල වෙත හැරෙන්නේ නිමල් ලංසා තමන්ගේ දේශපාලන සමිපතයා වු බැවින් ඔහුට පිටුපා යා නොහැකි නිසාමය.
අද මිගමුව පුරා ක්‍රියාත්මක වු සෝදිසි මෙහෙයුම් වලදි කඩුවක් ,කිණිස්සක් සහ ජංගම දුරකථන බැටරි 36 ක් සමගින් අත්අඩංගුවට පත්ව ඇත්තේ  දයාන් ලංසාගේ නගර සභාවේ ඒ උප නගරාධිපතිවරයාය.
මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු ෆරිස් ගේ සමිපතම දේශපාලන නායකයා වන්නේ නිමල් ලංසාය.මෙවර පැවැති පළාත් පාලන ඡන්දයේදිද සිය ජන්ද ව්‍යාපාරය සදහා තමන්ට බෙහෙවින්ම උදව් කළේ නිමල් ලංසා යැයි ඔහු අවස්ථා ගණනාවකදිම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි.
අත්අඩංගුව පත්ව සිටින නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඇප නොලබා දි නැතැයිද වාර්ථා වේ ..
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදි ආවේශිලි කථාවක් පවත්වමින් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන බැනවැදුන ලංසාගේ මිගමුවේ සමිපතම දේශපාලන සගයා ආයුධත් සමගින් පොලිස් අත්අඩංගුවට පත්විම දෛවයේ සරදමක් වැනිය. IMG_20190427_154257එපමණක් නොව පසුගියදා වත්තලදි සැකකටයුතු ද්‍රව්‍ය රැසක් සමගින් අත්අඩංගුවට පත්වු තිබුනේද නිමල් ලංසාගේ සමිපතම දේශපාලන සගයෙකු වන වත්තල නගර සභාවේ හිටපු සභපති සහ වත්මන් නගරාධිපති මොහොමඩ් නෞෂාඩ්ගේ සහෝදරයාය.වත්තල පොහොට්ටු දේශපාලන තුල ක්‍රියාත්මක බලඅරගලයේදි නීල් රුපසිංහ සහ නිමල් ලංසා අතර ඇත්තේ ශිතල යුද්ධයකි.මේ අනුව ඒ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරුන් ලංසා පිල හා නීල් රුපසිංහ පිල වශයෙන් බෙදි ඇත.රටේ පවතින බිහිසුණු වාතාවරණය තුල අති බහුතරයක් දේශපාලකයන් අහිංසකයන් නොවෙති.ඉන් මියෙන්නේ මේ රටේ අහිංසකයන්ය.

IMG 663a071efd6e0ce9b8d0d57550a3c22b V1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here