spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආරක්ෂාවට දිග්ගැස්සෙන පෝලිම් !

Must read

IMG-20190607-WA0001IMG-20190607-WA0003

(10.30pm ) සෙනඟ ගැවසෙන ස්ථාන අවධානම් සහගත බව පසුගිය අප්‍රේල් ව්‍යසනයෙන් පසුව විශාල ජීවිත කැප කිරීමකුත් සමඟ අප ඉගෙන ගත් පාඩමයි. ඒ නිසා මේ දිනවල හමුදාව සහ පොලීසිය ජනතාවගේ ආරක්ෂාව පතා පාරතොටේ , ප්‍රසිද්ධ ස්ථානවල ස්ථානගතවී සිටින අයුරු දැකගත හැක. නිවසින් බැහැරට යන සෑම මොහොතකම අපට හමුවන්නේ හමුදා සෙබලෙකු හෝ පොලිස් නිලධාරියෙකි. ආරක්ෂාව සඳහා රජයේ ආරක්ෂක අංශවල මෙම මැදිහත්වීම අත්‍යාවශ්‍යය.IMG-20190607-WA0002

නමුත් රජයේ පාසැලක්, රෝහලක් දැඩිසේ ආරක්ෂාව තර කළද පුද්ගලික පාසැල හෝ පුද්ගලික රෝහල එවැනි ආරක්ෂාවක් නොමැතිව කටයුතු කරයි. එසේම මෙවැනි ස්ථානවල විශාල පිරිස් එක්රැස්වී සිටින ආකාරයක්ද දැකියහැක. මින් ප්‍රකාශිත අදහස වී ඇත්තේ රජයේ ස්ථානවල වැඩි අවධානමක් තිබෙන බවක් දැයි ප්‍රශ්ණයක්ද මතුකළ හැක.IMG-20190607-WA0000

කෙසේ නමුත් මීගමුව මහ රෝහල වෙත යනඑන ජනතාවට මේ දිනවල දැඩි පීඩාවකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව වන්නේ රෝහල තුලට ඇතුළු වීම සඳහා විශාල කාලයක් ගත කිරීමට සිදුවීමයි. අදාල හැඳුනුම්පත පරීක්ෂා කිරීම සඳහා ගතකරන මෙම කාලය තුළ දිගු පෝලිමක් නිර්මාණය වන අතර එවිට එකතුවන පිරිස වැඩිවේ. ඒ නිසාම රෝහලෙන් පිටත නිතරම අවධානම් සහගත තත්වයක පවතින බව පෙනේ. මෙම පෝලිමේ යනඑන අය නිතර මැසිවිළි නගන ආකාරයක්ද දැකිය හැක. ඒ නිසා මෙම තත්වය මගහරවා ගැනීම උදෙසා යම් පියවරක් ගන්නේ නම් අනවශ්‍ය අවධානම මගහරවා ගත හැකිබව පෝලිමේ පීඩාවට ලක්වන අයගේ අදහසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article