රටතුල ආරක්ෂාව පිළිබදව බරපතල තත්වයක් නිර්මාණය වි ඇති අකාරය ගැන මේ දිනවල පුළුල් සංවාදයක් සමාජය තුල මෙන්ම සමාජ මාධ්‍ය තුලද මතුව තිබේ.
විශේෂයෙන් අද පෙරුවරුවේ ගල්කිස්ස දෙහිවල ප්‍රදේශයේදි තරුණයෙකුට වෙඩි තබා පසුව ඔහුව ලුහුබැද ගොස් වෙඩි තබන සිදුවිමේ දර්ශණ බොහො දෙනෙකු කම්පනයට පත්කර ඇත.
මාධ්‍ය වාර්තා කරන තිබෙන අන්දමට මේ වසරේ මේ දක්වා වෙඩි තැබ්මේ සිදුවිම් 41 ක් වාර්තා වි ඇති අතර මේ හේතුවෙන් සිදුව ඇති ඝාතන 28 ක් දක්වා ඉහල ගොස් තිබේ.
නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ වෙඩි තැබිමේ සිදුවිම් 42 ක් සහ ඝාතන 25 ක් සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මෙම සැබැවින්ම බරපතල තත්වයකි.
මේ අතර සමාජ මාධ්‍ය වල මේ දිනවල බරපතල අපහසයකට ලක් කරමින් තිබෙන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ පෝය දෙකෙන් ජාතික ආරක්ෂාව පිළිිිබදව විසදන බවත් ඒ් ගැන ටියුෂන් ගන්න බංකුවක් රැගෙන ඒන ලෙසට කරන ලද ප්‍රකාශයයි .
මේ වන විට මාලිමා රජයට එල්ල වෙමින් ඇති පොදු චෝදනාවක් බවට ඡන්දයට ගැනිමට සමාජ ගත කරන ලද බොරු සම්බන්ධයෙනි ,
එස් . ප්‍රනාන්දු