ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිම් වලට සෑබෑ හේතු තවමත් හදුනාගෙන ඇතිදැයි අප නොදනි.
කෙසේ වෙතත් හෙටත් සාදයක් ඇති බව නම් දනි.
ආහාර විෂවිම් වලට මුහුණ දුන් අය කියා සිටින්නේ වතුර මෙන්ම කකුල් මස්ද මේ ආහාර විෂවිම් වලට බලපා ඇතිද යන බරපතල සැකයක් පවතින බවය.
ඇවෙන්රා හෝටලය
පසුගිය ගංවතුරටද හසුව තිබුණි
මෑත සිදුවිම් පෙළ වාර්තා වන්නට පටන් ගත්තේ දෙසැම්බර් 04 වනදා සිටය.එදා පටන් 7 වෙනිදා දක්වාම ආහාර විෂවිම් දිනපතාම සිදුව තිබුණි.
2023 දෙසැම්බර් මාසයේ කටාන MOH කාර්යාලය හෝටලයේ කුස්සිය සීල් තබා ඔවුන්ට එරෙහිව නඩුවක්ද ගොනු කර තිබුණි
මේ දක්වා නඩු වාර 8 ක් පමණ පැවතියද මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය මේ වන තුරුත් නඩුවට පැමිණ තිබුනේ නැතැයි වාර්තා වේ.
අවසන් නඩු දිනය තිබුනේ පසුගිය 9 වෙනිදාය.ඊළග නඩුව 2026 පෙබරවාරි 26 වන දිනට කල් ගොස් තිබේ.ඉන් කියැවෙන්නේ කුමක්ද?












