ආහාර විෂවිම් ගැන පැමිණිලි කඩිනමින් ඉදිරිපත් කරන්න!MOH කාර්යාලය -කටාන

0
646

පසුගිය 04 වෙනිදා සිට 07 වෙනි දා දක්වා කාලය තුල මීගමුව ,ඇවෙන්රා හෝටල⁣යේ සිදුවී ඇති ආහාර විෂ වීම් වලට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අප වෙත ලැබී තිබේ..

මේ පිළිබඳව එම හෝටලය අයත් වන කටාන ප්‍රාදේශීය සභාවේ ,කටුවපිට්ය, කොට්ඨාංශයේ අදාල ප්‍රාදේශ සභා ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකශ කලේ තමන් මේ පිලිඹඳව කටාන ප්‍රාදේශීය සභාවට හා අදාල මහජන සෞඛ්‍ය නිලධාරියාට(PHI) වාර්තාකර ඇති බවය.

මේ පිළිබඳව අප කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනියගෙන් කරන ලද විමසීමකදී ඇය ප්‍රකාශ කලේ මේ පිළිබඳව කටාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කර ඇතැයි කියාය

එලෙසම කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සහික මන්ත්‍රීවරයයෙකු සඳහන් කලේ ද මේ පිළිබඳව තමන්ට වාර්තා වූ වහාම තමන් ඒ බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා කරන්නට පියවර ගෙන අතැයි කියාය..

පසුව මෙම හෝටලය පිහිටි ප්‍රදේශයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මෙන්ම කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරී සහ එම කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිධාරිවරයාද පවසා සිටියේ මේ පිලිබඳව තමන් දැනුවත් වුයේ සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පැවැති ප්‍රවෘත්ති කිහිපයක් හා පුද්ගලයෙකු මේ පිලිබඳව තමන් වෙත දුරකතනයෙන් දන්වා සිටි නිසා බවයි. එමෙන්ම මෙම නිලධාරීන් පවසා සිටියේ එම හෝටලයේ මෙවැනි තත්වයක් ඇති බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවය.

නමුත් තමන් මේ පිළිබඳව දැනගත් මොහොතේම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යවා එම හෝටලයේ තිබු කුකුල් මස් වල සම්පල් රැගෙන රස පරීක්ෂකවරයා වෙත ඒ පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා යොමු කර ඇතැයි සඳහන් කලේය.

. එම රස පරීක්ෂක වාර්තා ලද වහාම, ඉදිරියේදී එම හෝටලය සම්බන්ධව අධිකරණ මය ක්‍රියා මාර්ග ගැනීමට බලපොරොත්තු වන බවද ඔවුන් වැඩිදුරටත් බලාපොරාත්තු වන බවද පැවසීය.

එමෙන්ම කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරීන් , මෙම හෝටලයේ ආහාර විෂ වීමකට ලක් වී අසනීප තත්ත්වයෙන් පසු වු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිලිඛඳව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ පොලිස් ස්ථානයකට හෝ පැමිණිලි කරන ලෙසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එලෙස ආහාර විෂ වීමකට ලක් වු පිරිසකගේ සාක්ෂි නොමැතිව ඒකී හෝටලයෙන් වරදක් සිදු වී තිබුනත් එම හෝටලයට විරුද්ධව නීතාිමය වශයෙන් කටයුතු කිරීමට තමන්ට නිතිමය ප්‍රතිපාදන නොමැති බවයි.
කෙසේ වෙතත් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කලේ රස පරීක්ෂක වාර්තා පැමිනි පසු මෙම හෝටලය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව නිගමනයකට එළඹෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here