spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇතුගල පිපිරීමේ ඇත්ත කතාව මෙන්න !

Must read


athugala_3-768x1024ඊයේ රාත්‍රියේදී සිදු වූ ඇතුගල පර්වතය පුපුරායාම මේ දිනවල පවතින උණසුම් කාලගුණික තත්වය පදනම් කරගනිමින් ඇති වූ ස්වභාවික සංසිද්ධියක් බවත්, එහි බිය විය යුතු තත්වයක් හෝ අවදානම් සහගත තත්වයක් නොමැති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඇතුගල පුපුරා ගිය ස්ථානයට අද පස්වරුවේ පැමිණි ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුලු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් එම පිපිරුම් ස්ථාන සියුම් පරීක්ෂාවකට ලක් කළ අතර ඉන් අනතුරුව වයඹ ටුඩේ වෙබ් අඩවිය කළ විමසීමකදී අධ්‍යක්ෂවරයා මේ බව අවධාරණය කළේය.

මේ දිනවල දහවල් කාලයේ පවතින දැඩි උණුසුමත්, රාත්‍රි කාලයේ ඇතිවන ශීතල තත්වයත් දරාගත නොහැකිවීම හේතුවෙන් ගල් පර්වත මේ ආකාරයෙන් ශබ්ද නගා පුපුරා යන බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පැවසීය. එලෙස පුපුරා යනු ලබන්නේ අගල් කිහිපයක ඝනකමින් යුතුව ගල මතුපිට පිහිටි ස්ථරය පමණක් බවද ගලෙහි අභ්‍යන්තරයට මෙම පිපිරීම් හේතුවෙන් කිසිදු බලපෑමත් ඇති නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙවැනිම ආකාරයේ සිදුවීමක් මීට වසර දෙකකට පමණ ඉහතදී යාපහුව, කට්ටඹුවාව ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම ගම්මානයෙහි පිහිටි ගලක් මේ අයුරින් ශබ්ද නගා පිපිරෙන්නටවීම නිසා ගම්වාසීන් නිවාස පවා අත්හැර ගිය බවද හෙතෙම පැවසීය.

වයඹ පළාත් සභා ශ්‍රවණාගාරය ඉදිරිපිටින් දිවෙන ඇතුගල ප‍්‍රවේශ මාර්ගය ආසන්නයේ පිහිටි ගල් පර්වතයක් ඊයේ (19 දා) රාත්‍රියේදී පුපුරා ගොස් තිබූ අතර එම පිපුරුමෙන් ඉවතට විසි වූ බවට සැකකළ හැකි කුඩා ගල් කැබලි රාශියක් ඒ අවට විසිරී තිබූ අයුරු දැකගත හැකි විය. ගල් පර්වතයේ ස්ථාන කිහිපයක්ම පිපිරීමට ලක් වී තිබූ අතර ඉන් එක් එක් පිපුරුමකින් ඇති වූ පැලුමක් මීටර් 25 කට වැඩි දුරක් ගලෙහි සටහන් වී තිබිණි. ඊයේ රාත්‍රි 10 ට පමණ විශාල ශබ්දයක් නංවමින් ගල පුපුරායනු ඇසුණු බවත් , පසුව ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දුන් බවත් ඇතුගල අවට පදිංචිකරුවෝ වයඹ ටුඩේ වෙබ් අඩවියට පැවසූහ.

ඒ සමගින් මෙම සිදුවීම පිළිබදව සවිස්තර වාර්තාවක් පළකරන බවට අද දහවල් අපගේ පාඨකයින් වෙත ලබා දුන් පොරොන්දුවද වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් මෙලෙස ඉටුකරනු ලබයි. පිපිරුණු ගලෙහි ඡායාරූප කිහිපයක් පළකර ඇග බේරාගැනීමේ වඩා පහසු පිළිවෙතක් අපටද අනුගමනය කළ හැකිව තිබුණද වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස මෙම පිපිරීමට සැබෑ හේතුව මෙන්ම ඉන් කුරුණෑගල ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිදැයි යන කරුණු වගකිවයුත්තෙකු ලවා නිශ්චිත වශයෙන් තහවුරු කරවාගැනීමේ දුෂ්කර වෑයමක අද දිනය පුරා අප යෙදී සිටියෙමු. අවසානයේදී එම වෑයම මල්ඵල ගන්වමින් දවස නිමවෙන්නට පැය කිහිපයක් තිබියදී හෝ කුරුණෑගල ජනතාවට කියවීමෙන් පසුව සැනසිල්ලේ නිදාගත හැකි ප්‍රවෘත්තියක් පළකරන්නට හැකි වූ බව අප විශ්වාස කරමු.

Home

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article