spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමතිතුමෙනි එන්න ජා- ඇලට බිත්තර තිබේදැයි බලන්න ….

Must read

බිත්තර තොග මිල රුපියල් 60 දක්වා වෙළඳ පොළ තුළ ඉහලයාමෙන් පසුව ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කිරීමත් සමඟ කසුකුසුවක් මතුව තිබෙන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටින්නේ වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටී.

මේ අතර, නිවුස් ෆස්ට් වාර්තා කර ඇත්ත‌ේ  බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පැවසු බවයි.

බිත්තර තොග සඟවා සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද ඔහුම පැවසුයේ යැයි එහි වැඩිදුරටත් සදහන්ව තිබේ.

එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවද ඔහු පැවසූ බව එහි දැක්වේ.

මිල තීරණය කරන ලොකුම කූල්රූම් ඇති ඇමති ඥාතියා

මේ අතර, ලංකාවේ ලොකුම ශීතාගාර ඇත්ත‌ේ ජා-ඇල ප්‍රදේශයේ බවත්, එය ඇමති ඥාතියකුට අයත් බවත්,  ජාතික පාරිභ‌ෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කර තිබුණි

බිත්තර තොග මිල තීන්දු කරන්න‌ේ ද අදාළ ඇමති ඥාතියා බවත්, ඔහුට එම බලය දී ඇත්තේ අමාත්‍යවරයා විසින්දැයි තමා ප්‍රශ්න කරන බවත්, අසේල මහතා විමසා සිටියි.

ඇමති බිත්තර හංගා, ඥාතියා ලවා බිත්තර හිඟය හා මිල වැඩි කිරීම සිදු කළ බවටද ඔහු විසින් තවදුරටත් බරපතල චෝදනා කර තිබේ

මේ අතර බිත්තර ප්‍රශ්ණය දිනෙන් දින අර්බුදයක් බවට පත්වෙමින් එන ලකුණු පෙනේ

බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට  මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද පසුගියදා ප්‍රකාශ කර තිබුණි

ඒ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය  යොමු වී ඇති අතර බිත්තර සඳහා  පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහල යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

බිත්තරයක් සදහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා ඇතැයි කී අමාත්‍යවරයා එහෙත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල  රුපියල් 65 දක්වා ඉහළ දමා ඇතැයි කීය.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් යුතු ලෙස පාරිභෝගිකයා  ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article