spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාගේ ඉල්ලිමට මිගමුවට ආපු ධිවර රාජ්‍ය ඇමතිට අද වෙච්ච දේ !

Must read

සනත් නිමල්ඇමති නිමල් ලංසාගේ ඉල්ලිමකට අනුව දවල්ටත් නොකා මිගමු රැස්විමකට පැමිණි ධිවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මේ වන විට සියලුම සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි තුල පමණක් නොව රජයේද උදහසට ලක්වි හමාරය.
අද පැවැති කැබිනට් හමුවකට එක්වෙමින් ඇමති බන්දුල කියා සිටියේ ජනපති මෙන්ම අගමැතිද සිටින්නේ නිවරදි ස්ථාවරයක් ගත් වනජිවි නිළධාරිණිය සමගින් බවය.
ඊයේ වනසංරක්ෂණ ඇමති කියා සිටියේ සනත් ඇමතිවරයා නීතිය නොදන්නා බවය.

ඇත්තටම ඇමති නිමල් ලංස ධිවර රාජ්‍ය ඇමතිවරයා කැදවාගෙන ආවේ කුමකටද ?

දැනට කතා බහට ලක්ව ඇති කඩොලාන කපා පිට්ටනියක් සකස් කිරිම කරලියට පැමිණ ඇත්තේ දින 52 කේ සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණ සමය තුලදිය.
එසේ නම් කඩොල් කපා හෝ පාසැල් දරුවන්ට පිට්ටනියක් හදාගනිල්ලා යැයි කියු දේශපාලකයෙකු සිටිය යුතුය.
අප අමතක නොකළ යුත්ත වන්නේ මුන්නක්කරය යනු ඡන්ද 2000 කට වැඩි ප්‍රමාණයක් ඇති ඉතා කුඩා ධිවර ගම්මානයකි.
අප දන්නා තරමින් සරත් ගුණරත්න පාර්ලිමේන්තු ඡන්දයට ඉල්ලන්නේ නැත .ධිවර රාජ්‍ය ඇමති පුත්තලම් දිස්ත්‍රික්කයේය.

රටම දන්නා ඔක්ෂිජන් සුරංජන් යනු පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රිලනිපෙන් ඡන්දය ඉල්ලු අයෙකි. පසුව ජනපතිවරණයේදි වැඩකර තිබුනේ සජිත් ප්‍රේමදාසටය.
එහෙත් දැන් සිටින්නේ ඇමති නිමල් ලංසා සමගින්ය.
ඒ අනුව එහි පැමිණ සිටි ධිවරයන් යැයි ඇමති සනත් නිශාන්ත කියන බහුතරයක් දෙනා ධිවර සංවිධාන නියෝජනය කරන අය නොව ඇමති ලංසාගේ ආධාරකරුවන්ය.
මෙවර කොටයකින් හෝ පාර්ලිමේන්තුවේ දොර ඇරගැනිමට උපරිම උත්සායක් ගන්නා ඇමති නිමල් ලංසා ධිවර රාජ්‍ය ඇමතිවරයාගෙන් හෝ තම ආධාකරුවන්ට කලපු දුපතේ පිට්ටනියේ වැඩේ කර දෙන බව කියා තිබුණි විය යුතුය. එසේ නැතිනම් මේ අය මේ ප්‍රශ්ණය ගැන කථා කරන්නට පැමිණ තිබුනේ ඇයි ? ඒ කාගේ ඇරයුමෙන්ද ?
මේ අනුව එකක් පැහැදිලිය.
අගමැතිගේම මෙන්ම ජනපතිගේද උදහසට ලක්ව සමස්ථ සමාජ මාධ්‍යතුල අපකිර්තියට පත්වන්නට ධිවර රාජ්‍ය ඇමතිට සිදුව තිබුනේ නිමල් ලංසා මනාප සටන වෙනුවෙන් ඇටවු රැස්විමකට පැමිණි නිසාය.
දැන් එහි නරක ප්‍රථිපල සනත් නිශාන්ත ඕනෑවටත් වඩා විදිමින් සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article