spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාගේ රු ලක්ෂ 1600 යේ කාමච්චෝඩේ සතිපොල ගැන රොයිස් ප්‍රශ්ණ කරලා ?

Must read

Kamachchi amman kovi 

මීගමුව කාමච්චෝඩේ පොළ සංකිර්ණය  මීගමුවේ දේශපාලනයේ අර්බුදයේ හරි මැද ලකුණු කරනු ලබන සිදුවිමක් බවට පත්ව තිබේ.
ඒ ඇමති ලංසාගේ හිතුවක්කාර වැඩ නිසා මුළු නිති පද්ධතියම අර්බුදයට යවා තිබිම නිසාය.
පොළක් පාලනය විය යුත්තේ නගර සභාවක් යටතේය. එසේ නම් ඒය සකස් විය යුත්තේ පළාත් පාලන නිතිය සුරැකෙන පරිද්දෙන්ය.
එහෙත් කාමච්චොඩේ පොළ ඉදිකරනු ලැබුවේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ එහි කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දැන් එහි සියල්ල අවුල්ය.kamachchode-pola-
කලකට ඉහතදි මේ සම්බන්ධයෙන්   මෙහි ඇති අඩුපාඩු කම් පැමිණි නිළධාරින් හට පෙන්වා දි තිබුනේ හිටපු ඇමති සරත් ගුණරත්න සහ නගරාධිපති ඇන්ටනි ජයවිර විසිනි.
පොළ සංකිර්ණයට කානු පද්ධතියක් නැත.අලංකරනය සදහා යැයි කියන ගඩොල් බිම අතුරා ඇත්තේ කිසිදු ප්‍රමිතියකින් තොරවය.
එමෙන්ම සුළු වැස්සකින් පවා පොළ සංකිර්ණයේ සිටින සියළු දෙනා තෙත බරිත විය හැක්කේ එහි කිසිදු ආවරණ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකසා නොතිබුණ නිසාය.
මේ කරුණ පිළිබදව කිසිදු විමර්ශනයකට මීගමුව නගර සභාවට කිසිදු ඉඩක් ඇමති ලංසා හෝ ඔහුගේ නිළධාරින් විසින් ලබා දි තිබුනේද නැත.
මෙය එහෙම පිටින්ම මහනගර සභාවේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වු ඇමති ලංසාගේ පමණක් වු හිතුවක්කාරි ව්‍යාපෘතියකි.
අදාල වෘත්තිය පරිචයකින් තොර කොන්ත්‍රාක්කරුවන් හුදු කොමිස් මුදලේ බලය වෙනුවෙන් යෙදවිම නිසා අද මීගමුව නගරයේ තවත් ව්‍යපෘති රැසක් අර්බුදයට ගොස් තිබේ.
මීගමුව බස් නැවතුම් පළේ උඩු මහලේ ටයිල් ගැලවෙන්නට පටන් ගෙන ඇත්තේ මේ වැරදි නිසාය.
මීගමුව මහරෝහලේ ඇතැම් ගොඩනැගිලි ඉරිතලා යාමේ තර්ජනයකට ලක්ව ඇත්තේද කිසිදු වෘත්තියභාවයකින් තොරව ඇමති ලංසාගේ කොන්ත්‍රාත්කරුවෙක් කර ඇති බරපතල වැරැද්දක් නිසාවෙනි.
අප විසින් මීට කලකට ඉහතදි හෙළිකරන්නට යෙදුන කාමච්චෝඩේ සතිපොළ ගැන මැයි මාසයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදි මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින්  වඩාත් නිශ්චිත ලෙසින් මතුකර තිබුණි.
පහත පළවන්නේ එහි උපුටනයයි.

roies-v-300x300

රොයිස් විජිත ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා විසින් ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ප්‍රතිසම්පාදන,ඉංජිනේරු සේවා, නීතිය හා සාමය,පළාත් පාලන හා පළාත් පරිපාලන,ආර්තික ප්‍රවර්ධන,විදුලිබල හා බලශක්ති,පරිසර කටයුතු,ජල සම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිලිබද ඇමති තුමාගෙන් අසන ලද ප්‍රශ්නය

. මීගමුව කාමච්චෝඩෙ සති පොළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශීය මුදල් යොදා අලුතින් ගොඩනැගිලි ඉදි කිරීමට බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරය කටයුතු කල බව ඔබතුමා දන්නවද?

පිළිතුර ඔව්.

. මීගමුව කෙලින් වීදියේ සිට මුහුදු වෙරළටද, කාමච්චෝඩේ හා වැල්ලවීදිය ග්‍රාම වලටද ,
ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ලෙස වසර 150කට අධික කාලයක් භාවිතා කල මීගමුවට සුවිශේෂිත ගරු විස්තීර්නි පියතුමා සිහිවීම සදහා නමු කල විස්තීර්නි පාර සම්පූර්ණයෙන් වසා දමා එම මාර්ගය මැද නව ගොඩනැගිලි ඉදි කිරීම නීත්‍යානුකූලද?

පිළිතුර මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමක් කර නොමැති අතර මාර්ගයට අවහිරයක් නොවන ලෙස ගොඩනැගිලි සැලසුම් කර ඇති බැවින් වාහන ගමනාගමනයට එද ගොඩනැගිලි බාධාවක් නොවේ.

. මෙම ගොඩනැගිලි තවමත් භාවිතයට නොගෙන ඒ අවට පිහිටි මංමාවත් පුරා සති පොල පවත්වාගේන යනු ලබන්නේ ඇයි?

පිලිතුර දැනට ඉදි කර ඇති ගොඩනැගිලි වල වෙළද කටයුතු කරගෙන යමින් පවතින අතර පොළ භූමිය අවට මංමාවත්ද වෙළදුන් විසින් යොදා ගැනීම සිදුවේ.

. මෙම නව ගොඩනැගිලි හා මාර්ග පිලිසකර කිරීමට කොපමණ මුදලක් වැය කර තිබේද?

පිළිතුර මේ ව්‍යාපෘතිය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 159 (වැට් රහිත මුදල) ක මුදල් වැය වී ඇත.

. “කාමච්චෝඩේ සතිපොලගොඩනැගිලි හා භූමි සංවර්ධන ව්‍යාපෘතියට මීගමුව මහ නගර සභාව යොදා නොගැනීමට හේතු මොනවාද?

පිළිතුරු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කොන්ත්‍රාත් පැවරීම මත බස්නාහිර පලාතේ,පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඉදිකිරීම කර ඇත.

. යම් ඉදිකිරීමක් සදහා අදාල පළාත්පාලන ආයතනයේ අනුමැතිය නොමැතිව කටයුුතු කිරීමට යම් අමාත්‍යංශයකට හෝ පළාත් සභාවක අධිකාරයකට හැකියාවක් තිබෙනවාද?

පිළිතුරු නැත

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු මහ ඇමතිතුමා, එම පාර පරිහරණය කරනවා කියලා පිලිතුරෙන් ලැබුණා. මේ පාර පරිහරණය කරන්න බැහැ.සම්පූර්ණයෙන් පාර මැද්දේ ගහල තියෙන්නේ.

ගරු මහ ඇමතිතුමා ඒ පාර පාවිච්චි කරන්න බැහැ.දෙවෙනි එක ඔබතුමා කිව්වා, ව්‍යාපාර කටයුතු මෙහි කරනවා කියලා.පාළු අම්බලමක් වගේ තිබෙනවා.තවම මීගමුව මහ නගර සභාව ඒ වෙළද කුටි,කඩ බෙදාදෙන්න බැරි තත්වයක් තිබෙන්නේ.ඔය ඔබතුමා සපයා තිබෙන්නේ බොරු පිලිතුරු.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

ගරු මන්ත්‍රීතුමා , මට මෙහි පසුබිම් වාර්ථාවක් එවලා නැහැ.මම ඒ පිලිබදව අවධානය යොමු කරලා බලන්නම්.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ඒ පිලිතුර එවපු කෙනා ගැන යම්කිසි පරීක්ෂණයක් කරන්නය කියලා ඔබතුමාගෙන්  ඉල්ලනවා.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

මම බලන්නම්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article