spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාත් කළකිරිලා……

Must read

දේශපාලනික වශයෙන් මෙන්ම මාධ්‍ය මගින්ද දිගින් දිගටම එල්ලවෙමින් පැවැති චෝදනා මෙන්ම මීගමුවේ සහ අවට ආසනයන්හි ජේෂ්ඨයන්ගේ විවේචනයන් හමුවේ ඇමති ලංසා දැඩි කළකිරිමකට පත්ව ඇතැයි ඔහුට සමිප ආරංචි මාර්ග සදහන් කර සිටි.
පිරිහෙමින් පැවැති ඇමති ලංසාගේ කිර්තිනාමය තවත් පළුදුවෙන්නට පටන් ගත් ප්‍රධානතම ආසන්න සිද්ධිය වුයේ මීගමුව වැල්ලේ සුළු ධිවරයන් සහ කුට්ටිදුවේ කරවල නිෂ්පාදකයන් අතර ඇතිවු ගැටුමේ දි ඇමති ලංසා සිය ඥාතින්ගේ පැත්ත ගනිමින් කරවල නිෂ්පාදකයන් වෙනුවෙන් පෙනි සිටිමට ගත් තින්දුවයි.
මේ නිසා ඇමති ලංසාගේ  ගම වු වැල්ලවිදියේ ධීවරයන් බහුතරයක් එලිපිටම ඔහුට බනින්නට පටන් ගත් තා පමණක් කුට්ටිදුයේ පිහිටි කාර්යාලයක්ද කඩා බිද දමා තිබිණි.
විශේෂයෙන්ම මීගමුවේ  ශ්‍රිලනිප කාර්යාලය විවෘත කරමින් පැවැති උත්සවයේදිද ඇමති ලංසාව එතරම් ගණන් ගැනුනේ නැත.
ඇමති ලංසා බරපතල ලෙසින්ම හැල්ලුවට ලක්ව මැත ඉතිහාසයේ වැඩියෙන්ම කලකිරෙන්නට ඇත්තේ ඔහුගේ පදනම විසින් සංවිධානය කරන ලද කටාන අාසනේ ජනයා වෙත බඩු ලබාදිමේ  වෙනුවෙන් සංවිධානය කෙරුන දැවැන්ත උත්සවය ජනපතිගේ එක  දුරකථන ඇමැතුමකින් නතර කරන්නට ජනාධිපතිවරයාට හැකිවිය.
මේ සියල්ල හේතුවෙන් ඇමති ලංසා බරපතල කිරිමකට ලක්ව ඇතැයි සැලය.
පසුගිය කාලය තුල ඔහු නගර සභාවටවත් පැමිණ තිබුනේ නැත.
දිනපතා ඔහු පසුකරමින් යන මීගමුව ආසනයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ඡයාරුප එකකවත් ඔහු නැත.
ඒ තරමට මීගමුව දේශපාලනයනේ ඔහුව ඈත්කර තබා ඇතැයි පෙනේ.
විශේසයෙන්ම ජනාධිපතිවරයා මුහුණ දි ඇති බරපතල දේශපාලන අර්බුදය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් තරහාකර නොගැනිම ප්‍රධන අරමුණක් සේ පෙනේ.
ඇමති ලංසා මේ බහුතරයක් හා එතරම් හොද හිතක් නොපවත්වන පසුබිමක ජනාධිපතිවරයා හැරෙන්නේම ඔහුව අතහැර යැයිදැයි සැකකරනු ලබන අය කෙසේ හෝ රදවා ගැනිමටය.මේ සියළු යථාර්ථයන් තුල ඇමති ලංසා සිටින්නේ අවාසනාවන්ත තැනකය.nimal-lansa-

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article