ඇයි ඩිටේල් බිලක් දෙන්න බැරි? මිගමුවේ නවලෝක රෝහලට අභියෝගයක් ?

0
815

 

නොවැම්බර් 11 වනදා සිය මවගේ දතක් ගැලවීම සඳහා මීගමුව නවලෝක රෝහලට ගිය පුද්ගලයෙකුට මුහුණ දිමට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ඔහු විසින් පෞද්ගලික සොෟඛ්‍ය සේවා නියාමන සභාවට (rivate Health Service Regulatory Council ) පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ලට අනුව ඔහු සිය මවගේ දත ගැලවූ පසු ගෙවීම සඳහා තමන්ට ⁣මුදල් ගෙවිම සඳහා ලබාදුන් බිලට ඩිටේල් බිලක් ලබාදෙන ලෙස ආයතනයේ වැඩබලන කළමනාකරුගෙන් විමසා සිටි අතර ඔහු විසින් එයට සාර්ථක පිළිතුරක් ලබාදිමට නොහැකි වි ඇත.

පසුව ඉදිරිපස කවුන්ටරයෙන් පවසා ඇත්තේ සේවය සඳහ⁣ා අයකරන ගාස්තුව තිරණය වන්නේ වෛද්‍යවරයා අයකරන ගාස්තුවට අනුව බවයි. මෙහිදි වෛද්‍යවරයා ගේ ගාස්තුව රැ 3000ක් වි ඇති අතර රෝහලේ අයකිරීමටද රු 3000ක් එකතු කර තිබේ.

මේ අයකිරීමේ පදනම කුමක්ද යන්න ගැන දැනගැනීමට අදාළ රෝගියාගේ පාර්ශවය දිගින් දිගටම ප්‍රශ්න කළද කළමනාකාරීත්වයෙන් ඔවුන්ට සාධාරණ පිළිතුරක් ලබාදීමට අපොහොසත්ය.

නවලෝක රෝහලෙන් දත ගැලවීම වෙනුවෙන් ලබදුන්
බිලේ detail නොමැති නිසා අදාළ තරුණයා මෙ සම්බන්යෙන් සිදුකළ විමසීමට පිළිතුරු දිමට නවලෝක රෝහලේ කළමනාකාරිත්වය අපොහොසත් වෙයි.

පසුව ⁣තමන්ට සිදුවු මෙම අසාධාරනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු විසින් පෞද්ගලික සොෟඛ්‍ය සේවා නියාමන සභාවට.පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ නොවැම්බර් 11 වනදා වන අතර මේ වනතෙක් මෙම පැමිණිල්ල ගැන විමර්ශනයක් සිදුකර නොමැති බවද පැවසේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here