ඇවෙන්රා ආහාර විෂවී සති 3යි!හේතු දක්වන වාර්තා තාමත් නෑ!

0
513

 

ඇවෙන්රා හෝටලයේ සාද වලට ගිය වැඩි පිරිසක් ලෙඩවි තිබුනේ දෙසැම්බර් 4/5/6/7යන දිනවල දිය.

විවිධ ප්‍රදේශ වලින් පැමිණි මේ පිරිස් පුද්ගලික රෝහල් වලින් මෙන්ම රජයේ රෝහල් වලින්ද ප්‍රතිකාර ලබාගෙන තිබුන අතර වෛද්‍ය නිගමනය වි තිබුනේ රෝගි තත්වයන්ට හේතුව ආහාර විෂවිම් බවය.ඇතැම් රෝගින්ගේ ඇද ඉහපත් වාර්තාවලද මේ බව සටහන්ව තිබුණි.Screenshot 20251230 100539

මෙසේ ලෙඩවු පිරිස
අතර වයෝවෘද්ධ අය මෙන්ම ගැබිණි මව්වරුන්ද සිටිම තත්වය තවත් බරපතල කර තිබුණි.

ආහාර විෂවිම් වලට හේතු සෙවිම සඳහා වතුර සාම්පල් කිපයක් මෙන්ම කකුල් මස් ඇතුළු ආහාර ද්‍රව්‍ය අදාල ආයතන වෙත යවා තිබුන බවද වාර්තා විය.

මේවා යවා දැන් සති තුනද ඉක්මවා තිබේ.එහෙත් කිසිදු
ප්‍රතිඵල වාර්තාවක් ඊයේ දිනය වනතුරුත් ලැබි තිබුනේ නැත.

මේසා බරපතල තත්වයක් නිර්මාණය කළ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් නම් සිස්ටම් චේන්ජ් කොහේදැයි යළි යළිත් ප්‍රශ්න කළ යුතුව තිබේ.

ඇවෙන්රා ⁣හෝටලයේ යාළු මාළු මාධ්‍ය කිසිවෙකුත් මේ බරපතල ප්‍රශ්නය ගැන මීක් කිවේ නැත.මිගමුවේ නම දාගෙන ක්‍රියාත්මක page admin ලාද අතිබහුතරයක්ද මේ ප්‍රශ්ණය ගැන  මුනිවත රැක්කෝය.

2023 නත්තල් සමයේ ඇවෙන්රා හෝටලයේ අපිරිසිදු කුස්සියට සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන සේ සිදුකර තිබුන ආහාර ගබඩා කිරිම්
පිලිබදව කටාන MOH එක විසින්  නඩුවක් ගොනු කර තිබුන අතර මේ නඩු වාර  සඳහා හෝට⁣ලයේ ප්‍රධාන හිමිකරුවන් පැමිණ නොතිබුනු බවද වාර්තා විය.

මිලග නඩු වාරය 2026 ජනවාරි මාසයට යෙදි ඇත.

මෙය සැබැවින්ම ⁣ප්‍රධාන අවධානයක් යොමුකළ යුතු සිදුවිමක්ව පැවතියද අදාල සෞඛ්‍ය බලාධිකාරය නිසි මැදිහත්විමක් සිදුකළ බවක් පෙනුනේ නැත.

ජාතික මාධ්‍යයද ඉතා පැහැදිලි සාක්ෂි තිබියදි පවා මෙය මඟහැර ගොස් තිබුන බව සටහන් තැබිම යුතුව තිබේ.

ලක පරිසිදු මිගමුව ප්‍රදේශයේ හෝටලයක් දින කිපයක් පුරාවට ආහාර ගැනිම් හේතුවෙන් ලෙඩවිම සැබැවින්ම සැලකිය යුතු බරපතල ප්‍රශ්ණයකි.

මේ සිදුවිම අරභායා අදාල ප්‍රශ්ණයට මුහුණ දුන් අය සමඟින් එකට සිටි පිරිස මෙන්ම ඇවෙන්රා හිමිකරුව රැකගැනිම විසින් ක්‍රියාත්මක වුවන් ගැන ප්‍රගතිශිලි ජනයා නිසි විමසුමක් කර ඇතිවාට සැක නැත.

ප්‍රකෝටිපතියන්ට එරෙහිවත් පිඩාවට පත් සාමාන්‍ය ජනයා හට යුක්තිය ඉ⁣ටුකිරිමට වත්මන් පුනරුද පාලනය පියවර ගනු ඇතැයි ඔවුන් ඡන්දයෙන් පත්කළ බොහෝ දෙනා තවමත් විශ්වාසයෙන් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here