ඇවෙන්රා හෝටලයට එරෙහි නඩුව පෙබරවාරි 24 !

0
159
IMG 20231223 WA0159

මෙරට සුපිරිතම නත්තල් සාද පැවැත්වෙන ප්‍රධාන පෙලේ හෝටලයක් වු මිගමුවේ ඇවෙන්රා ගාඩ්න් හි කුස්සිය සෞඛ්‍ය නිති රිති වලට මුළුමනින්ම පටහැනි ආකාරයෙන් පවත්වාගෙන යමින් තිබෙන අපිරිසිදු තැනක් ලෙස හදුනාගත් කටාන මහජන සෞඛ්‍ය පරික්ෂ කාර්යාල නිලධාරින් විසින් 2023 දෙසැම්බර් 23  දහවල් සිට එයට සිල් තබන්නට කටයුතු කර තිබුණි

මේ සම්බන්ධයෙන් කටාන PHI මහත්තුරුන් විසින් ගොනු කළ නඩුව 2025 දෙසැම්බර්  ( 09)  පැවැති අතර හෝටලයේ හිමිකරු⁣වක් අදත් උසාවිය මගහැර නොපැමිණ තිබුන බව වාර්තා විය.
මිළඟ නඩු වාරය 2026 පෙබරවාරි 24 වෙනි දිනට යෙදි ඇත.

හෝටලයක කුස්සියේ ප්‍රමිතිය යනු අතිශය වැදගත්කමකින් යුක්ත එකකි.එහි එක් ප්‍රධාන අංගයක් වන්නේ නිසි සෞඛ්‍ය ප්‍රමිතින්ට අනුව ආහාර කල්තබා ගැනිම සඳහා අසුරා තිබිමය.

එහෙත්  ඇවෙන්රාහි කුස්සිය ප්‍රමිතින්ගෙන්  තොර අපායක් වි ඇත්තේ මේ ආහාර ගබඩා කර තැබිමේදි මතුව ඇති බරපතල වැරදි ක්‍රියාවන්ය නිසාවෙනි.

මෙහි පිසින ලද ආහාර ගබඩා කර ඇති ශිතකරන වලම මස් වර්ගද ගබඩා කර තිබුන බව නිරික්ෂණය විය.

තමන්ගේ පාරිභෝගිකයන්ගේ ශාරිරික සුවය තඹ පයිසෙකට ගනන් නොගෙන කටයුතු කිරිම යනු බරපතල වරදකි.බල්ලෝ මරා හෝ සල්ලි හම්බකරනවා යැයි ගැමි වහරේ කියමනක් තිබේ..

මේ තත්වය තවදුරටත් සනාථ කරමින් 2025 දෙසැම්බර් 04/05/06/07 යන දිනවල ඇවෙන්රා හෝටලයේ  සාද වලට පැමිණ ආහාර ගත් විශාල පිරිසක් ලෙඩවිම මගින්ද සනාථ කර තිබේ.

2023 දෙසැම්බර් මාසයේ ඇවෙන්රා කුස්සිය පැවැති ආකාරය පිළිබද  ඡායාරූප පහත පළවේ .

IMG 20231223 WA0130

IMG 20231223 WA0102 1

IMG 20231223 WA0136

IMG 20231223 WA0132

IMG 20231223 WA0133

IMG 20231223 WA0135

IMG 20231223 WA0138

IMG 20231223 WA0137

IMG 20231223 WA0126

IMG 20231223 WA0139

IMG 20231223 WA0127

කුස්සිය සීල් තැබුවද, උසාවි ගියද ඇවෙන්රා හෝටලය සිය පාරිභෝගිකයන්ය සෞඛ්‍යානුකුල ආහාර සැපයිමට තවමත් අපොහොසත්ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here