දෙසැම්බර් මාසය පුරාවටම සමාජ මාධ්‍ය තුල වැඩි අවධානයක් දිනාගත් සිදුවිමක් බවට පත්ව තිබුන ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිමේ සිදුවිමයි.
මෙයට අදාල වාර්තා මේ වන විට සුදානම්ව ඇතැයි දැනගන්නට ලැබුනද පසුව දැනගන්නට ලැබුනේ දැනට ලැබි ඇත්තේ කිපයක් පමණක් බවය.
මේ වාර්තා කඩනමින් ලැබිය යුතුව ඇතැයි කියැවුනද අනික් වාර්තා තවමත් නැත.
මේ සම්බන්ධයෙන් කටාන MOH කාර්යාලය පවා මන්දගාමි ආකාරයකින් කටයුතු කරන්නේ ඇයිද යන්න ගැනද මේ වන විට සමාජ කතිකාවක් නිර්මාණය වි තිබේ.
මේසා බරපතල සිදුවිමක් සිය බල ප්‍රදේශය තුල සිදුව තිබියදි මේ අයගේ ක්‍රියාකාරිත්වය සැබැවින්ම ප්‍රශ්ණකාරි යැයි ආහාර විෂවීම් හේතුවෙන් පිඩාවට පත් කිපදෙනෙකුම මිපුර අමතා කියා සිටියේය.
මේ ඇතැම් නිලධාරීන් ඇල්වතුරත් නිමල බොන ජාතියේ අය බව කතාවෙන් නම් පෙනේ යැයිද ආහාර විෂවිම් නිසා පිඩාවට පත් මේ එක් අයෙකු අපට අවධාරණය කර සිටියේය.
කෙසේ වතත් දින කිපයක් පුරා දහස් ගණනකට ආහාර විෂවිම් සිදුව තිබියද අදාල සියලු ආයතනවල බලධාරින්ගේ මන්දගාමිත්වය විසින් කියා පාන්නේ සිස්ටම් චෙන්ජ් කෙසේ වෙතත් සිස්ටම් චේන්ජ් ඉස්පොල්ලේ ගොස් ඇති බවය
ඇවෙන්රා මොණර කොළ අභියස කව්රුන් හෝ ඇඹරුනාද යන ප්‍රශ්ණයද සමාජය තුල තවදුරටත් වලංගු ප්‍රශ්ණයක් ලෙස පවති












