spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

Must read

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර ශිරාන් මහතා පවසා සිටියේය.

මීගමුව නගර මධ්‍යයේ පිහිටි CIB සාප්පු සංකිර්ණයට දකුණින් පිහිටි දැන් කොන්කි‍්‍රට් අවාරණයන් කර තිබෙන ඇල මාර්ගය එකල මීගමුව නගරයට එන ජනතාවට තිබු ජල ප‍්‍රවාහන මාර්ගය විය.

එය පළල් එකක් වු අතර පසුව ඇල ගොඩවිමත් ගොඩකිරිමත් තුල ඇල රක්ෂිතය විවිධ පුද්ගලයන් විසින් අනිතික ලෙසින් අල්ලා ගැනිමත් හේතුකොටගෙන මේ ඇල මග පළලින් කුඩාවන්නට විය.ආසියානු සංවර්ධන බැංකුව යටතේ ඉදිකෙරුන මීගමුවේ කානු පද්ධතිය වැඩිදියුනු කිරිමේ ව්‍යාපෘතියේදි මේ ඇල මාර්ගය  නගරය හරහා එන ජල පහර කලපුව වෙතට ගෙනයන්නට සකසන ලද එක් කාණුවක් බවට පත්විය.

මේ අනුව එය උඩින් කොන්කි‍්‍රට් ආවරණය කොට සකසන ලදී.දැන් CIB සාප්පු සංකිර්ණය අසලින් වම් පැත්තට හරවා ලංගම බස්රථ ,බස්නැවතුම්පල වෙත ගමන් ගන්නේ මේ කාණුව මතින්ය.

දැන් අප මේ මතුකරන්නට යන හොර ඔප්පු මගින් අල්ලා ගෙන ඇති ඉඩම් දෙක ඉතා පැහැදිලි ලෙසින් මේ ඇල රක්ෂිතය බලහත්කාරයෙන් පවරාගැනිමක් ලෙස හඳුනා ගත යුතුව තිබේ. මේ භූමියේ දැන් ගොඩනැගිලි දෙකක් ඉදිවෙමින් පවති.ඇල රක්ෂිත අල්ලාගෙන එහි දකුණ පස  එක් ගොඩනැගිල්ලක් අඩක් නිමකර දැනටමත් ව්‍යාපාරික කටයුතු ද අරඹා ඇත.

එහි වම් පසින් වන ගොඩනැගිල්ල තනා ඇත්තේ ඇල රක්ෂිතය සහ පුද්ගලික ඉඩමකට යන අඩි 3 ක පාරක්ද බලහත්කාරයෙන් හොර ඔප්පුවක් මගින් අයිති කරගනිමිනි.

( මේ ඔප්පුවද මීගමුවේ මේ කටයුත්තට නම්දැරු අයෙකු විසින් සකසා තිබේ.)

මේ වෙනුවෙන් පසුගිය කාලයේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වු .ඒ .6514/02..අංක දරන නඩුවේ තින්දුව 2010 සැප්තැම්බර් මසදි ප‍්‍රකාශ කරමින් කර තිබුනු කරුණු පැහැදිලි කිරිම් වලදි දැනට මෙහි අයිතිවාසිකම් කියන්නට වෙරදරන අයට එහි අයිතිය සනාථ කළ හැකි සාධක නොමැති බව ඉතා පැහැදිලිව දක්වා ඇත.එමෙන්ම තතු එසේව තිබියදි මීගමුව මහනගර සභාව විසින් මෙහි ගොඩනැගිලි ඉදිකිරිම සදහා ඉල්ලූම්පත අනුමත කළේ කෙසේද ?. විදුලිය සහ ජලය සපයන්නට කටයුතු කලේ කෙසේද ?.

නගර සභාවේ මේ කි‍්‍රයාකලාපයද අධිකරණයේ දැඩි විවේචනයට භාජනය වි තිබේ.මෙහිදි අවධාරණය කර ඇති පරිදි අදාල තැනැත්තා මේ ඉඩමට තමාට අයිතියක් ඇතැයි කියා සිටින්නේ පෙර ලියාපදිංචියක් නැති 2006 දි අළුත්ම පිටුවක ලියාපදිංචි කරගෙන ඇති ඔප්පුවක් පදනම්  කරගෙනය.

වරිපනම් බිල් පත් ගෙවිමට ලියාපදිංචි වි ඇත්තේද,විදුලිය ලබා ගෙන ඇත්තේද,ජලය ලබාගෙන ඇත්තේද..,පෙරකි ඔප්පුව පදනම් කරගෙනය.

මේ ඉඩම සංවර්ධනය කිරිමට මෙන්ම ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගෙන ඇත්තේද එම ඔප්පුව පෙන්නා ගෙනය.

එහෙත් අධිකරණ විසින් දක්වා ඇති පරිදි වගඋත්තරකරුගේ මේ ඔප්පුව  මුල් අයිතියක් නැති ඔප්පු සකස්කිරිමක් බව පෙනි යන්නේ යැයි සදහන් කර තිබේ.

අධිකරණය විසින්ද මෙසේ අවධාරණය කර ඇති පසුබිමක මීගමුව මහනගර සභාවේ නිති නිලධාරිණිය මෙන්ම කාර්මික නිලධාරි රන්මුතු මහතා මේ ඔප්පුව  ඇත්ත ඔප්පුවක් බව කියමින් මහනගර සභාවට අයත් දේපලක් අහිමි කරන තැනට කටයුතු කර ඇත.මේ අනුව යමින් හිටපු නගරාධිපති නිමල් ලංසාද සිය කැමැත්තෙන්ම නිති නිලධාරිනියගේ ප‍්‍රකාශය පදනම් කරගෙන එම ඉඩම නගරසභාවට අයත් නොවන එකක් ලෙසින් පිළිගත්තේය.

යළිත් කිසිදු ලෙසින් වසංගාගත නොහැකි අයුරින් දැන් එය හෙළිව තිබේ.මෙහිදි කිසිදු අයුරකින් මේ වංචා දුෂණ චෝදනා වලින් කිසිලෙසකටත් බේරෙන්නට බැරි  තවත් අයෙක් වෙයි.

එනම් ජෝශප් නැමැති දැන් විශ‍්‍රාමිකව සිටින මීගමුව ප‍්‍රාදේශිය ලේකම්ගේ සියළු මගඩි වලදි අත් ඔසවා සහය දුන් අයෙකු ලෙස ප‍්‍රකට වු තැනැත්තාය.

ඔහු විසින් ලබා දි ඇති ග‍්‍රාම සේවක සහතිකයේ දැක්වෙන්නේ 1997 සිට මෙම භූමිය තුල ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් පවතින බවය.

එහෙත් එකි ටේලර් සාප්පුව ලියාපදිංචි කර ඇත්තේ 2007 වසරෙදිය.එවැනි ව්‍යපාරයක් පවතින්නේ නම් දින 14 ක් ඇතුලත ලියා පදිංචි විය යුතු අතර වසර 10 කට පෙර දිනයක් යෙදිම හුදෙක් සිවිල් නඩුවකදි සාක්ෂි සපයා ගැනිමට කරන ලද්දක් බව වැටෙහෙන බව මේ නඩුව සම්බන්ධයෙන් ලබාදි ඇති නඩු තින්දුවේ ඉතා පැහැදිලි ලෙස සටහන් කර තිබේ.

මේ පසුබිම යටතේ මීගමුව මහනගර සභාව කිසිදු වගකිමකින් කටයුතු කර නැති බව අධිකරණයේ රධාන අවධාරණයක් වි තිබේ.මේ නිසාම මේ ගැටලූව වඩාත් උග‍්‍රව වන තැනට කටයුතු සැලසි ඇතැයි ගරු අධිකරණය පවසා සිටියි.

මේ පසුබිම තුල මෙම වංචාසහගත කටයුත්තට අනුබල අධාරදුන් සියල්ල වටකර දැන් පරාවලල්ලක් බවට මෙය පත්ව ඇති අතර ඉන් ගැලවිමක් මේ කිසිවෙකටවත් නැත. එය කාලය පිලිබද ප‍්‍රශ්නයක් විනා අන් කිසිවක් නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article