spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලිය තුල තවමත් ඒකරාශී වීමට අවසර නැත. ලිහිල් වීම් සිමා සහිතයි

Must read

ජුනි තුන් වෙනිදා සිට (Regione) කලාප අතර ගමන් කිරීමට අවසර ලැබේ.

ස්වයං සහතික හෝ නිරෝධායන සහතික අවශ්‍ය නැත.

යුරෝපා කලාපය (Schengen) හා බ්‍රිතාන්‍ය අතර ගුවන් ගමන් ජුනි 3 සිට ආරම්භ කිරීමට අවසර ලබා දී ඇත. එහිදී නිරෝධායන ක්‍රියාවලිය අදාල වන්නේ නැත.

එසේ නමුත් කොරෝනා ආපදා හදිසි තත්ත්වය ජූලි 31 දක්වා පවතිනු ඇත.

කෙසේ නමුත් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ඉක්ම වන පිරිස් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතුය.

සිප වැළඳ ගැනීම් අතට අත දීම තවමත් තහනම් වන අතර ශාරීරික අභ්‍යාසවල යෙදෙන්නේ නම් මීටර එක දෙකක පරතරය තබා ගත යුතුය.

තවමත් ඒකරාශී වීමට අවසර නැත.

සුපිරි වෙළඳසැල් වෙළඳසැල් ආපන ශාලා සහ බාර් වලට ඇතුළු වීමේදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු වේ.

ජූනි 14 වනදාතෙක් නාට්‍ය සිනමා සහ වෙනත් උත්සව සඳහා අවසර නැත.

ජුනි 15 වනදා සිට ආරක්ෂක නීති වලට යටත්ව ඒ සඳහා අවසර ලැබේ. විවෘත භූමියකදී ප්‍රේක්ෂකයින් 1000 ඉක්මවා නොවිය යුතු අතර ශාලාවකදී පුද්ගලයින් ගණන දෙසීයකට සීමා වෙයි.

දේශපාලන බල උවමනාවන් වලට අනුව ආණ්ඩුව සහ කලාප/පළාත් ආණ්ඩු අතර කඹ ඇදිලි උත්සන්න වී ඇති අතර එම නිසා සමහර තීරණ ක්‍රියාවට නගන්නට හා සමහර තනි තීරණ වලක්වන්නට මධ්‍යම ආණ්ඩුව අපොහොසත් වී ඇත. දැන් මේ කාටත් අවශ්‍යව ඇත්තේ ඉදිරි දේශපාලන බල උවමනාව සඳහා මේ යොදා ගන්නේ කෙසේද යන්න කල්පනා කරමින් කටයුතු කිරීම හා හැකි ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මගක් සෙවීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යම් පමණකට තහවුරු වී ඇති ඉතාලියේදී බොහෝ ආර්ථික පීඩාවන්ට පමණක් වැඩ කරන ජනයා පත්‍ වීමට ඉඩ ඇති නමුත් ආර්ථික අර්බුදයට මුහුණදීමට තරම් විකල්පයන් ට යොමුවීමට අපොහොසත් වන ලාංකීය පාලකයින් ජනතාව මත ආර්ථික අහේනිය පටවනවාට අමතරව ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ද අහිමි කරනු ඇත. ඒ ජනතාවගේ ඉල්ලීම් වලට විසඳුම් නැති බංකොලොත් පාලකයින් මෙතෙක් ලොව පුරා ප්‍රදර්ශනය කළ එකම ක්‍රමවේදය ඒ නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ අභියෝගය තිබෙන්නේ ජනතාව වෙතය.

තීමස් විජිත්
vivaranews.com
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article