spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉසෛප්‍රියා ඝාතනය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට උතුරේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම්

Must read

Isa_RG

දෙමළ ජනතාව අතර ඉසෛප්‍රියා නමින් ප්‍රකට මාධ්‍යවේදිනියක හා  රූපාවාහිනී නිවේදිකාවක වූ ශෝබා, ඝාතනය කිරීමට පෙර ඇයට වධදී, නිරුවත් කර,  දූෂණයට ලක්කරන්නට ඇතැයි තොරතුරු පවතින බවත්, එබැවින් තම සහෝදර මාධ්‍යවේදීනියට අත්වූ එම කෘෘරතර  ඝාතනය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් යුද්ධයෙන් විනාශයට ලක්වූ උතුරේ, ජනමාධ්‍යවේදීහු පිරිසක් පවසති.

ඉසෛප්‍රියා ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්වීමට පෙර රජයේ හමුදා අත්අඩංගුවේ  සිටි බව පැහැදිලි බවත්, එනිසාවෙන් එය ‘අනීතික පන්නයේ ඝාතනයක්’ බැවින් එහි වගකිව යුත්තන් නීතිය හමුවට පමුනුවා තම සහෝදර මාධ්‍යවේදිනියගේ මරණයට සාධාරණය ඉෂ්ඨ කර දීමට කටයුතු කරන බව උතුරේ පැවති සාකච්ඡාවකදි අවධාරණය කෙරී ඇත.

යුක්තිය

රජය විසින් පත්කරනු ලැබ ඇති , ‘සංහිඳියා යාන්ත්‍රණයක් සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ (CTFSL) ජනතා අදහස් ගොනු කිරීම සිදුකෙරෙන ක්‍රියාදාමයක් අතරතුර ඉකුත් සෙනසුරාදා (අගොස්තු 06) යාපනය මහා ලේකම් කාර්යාලයේ, පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී, ඉසෛප්‍රියා පිළිබඳ මෙම ඉල්ලීම සිදුකෙරී ඇත.

මෙම සාකච්ඡාවට ජනමාධ්‍යවේදින් නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ ධර්මපාලන් විනෝජිත්, උදයරාසා ෂාලින්, ශ්‍රීරාමචන්ද්‍රන් මජුදරන් සහ යෝගා දයාලන් යන මාධ්‍යවේදීන් ය.

ඔවුහු, ඉසෛප්‍රියාට මෙන්ම උතුරු හා නැගෙනහිරිදී ඝාතනයට ලක්වූ සිය සහෝදර වෘත්තිකයන්ට හා සෙසු මාධ්‍යවේදීන්ටද යුක්තිය ඉෂ්ඨ කරදීමට කටයුතු කරන ලෙස රජය විසින් පත් කරන ලද ආයතනයෙන්  ඉල්ලා සිටිය හ.

 

යාපනයේ පැවති සාකච්ඡාව

යාපනයේ පැවති සාකච්ඡාව

රජයේ අවධානය දකුණට

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් යහපාලන රජය පවා විශේෂ උනන්දුවක් දක්වන්නේ දකුණේදී ඝාතනයට හෝ අතුරුදහන්වීමට ලක්වූ සිංහල මාධ්‍යවේදීන් ගැන සෙවීම පමණක් වන බැවින් තමන්ට අභ්‍යන්තර පරීක්ෂණ ගැන විශ්වාසයක් නැති බවයි.

ස්වාධීනව කටයුතු කරමින් සිටින, පිටුවහල් මාධ්‍යවේදීන් පිරිසකගෙන් සැදුම්ලත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍ය වේදීයෝ’ සංවිධානයේ (JDS) වාර්තාවන්ට අනුව 2004 වසරේ සිට ඝාතනයට හෝ අතුරුදහන්වීමට ලක්ව ඇති මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ගණන 44කි.  ඔවුන්ගෙන් අති බහුතරය උතුරු හා නැඟෙනහිරි පළාත් දෙකේ දෙමළ මාධ්‍යවේදීන් ය. මෙම ලැයිස්තුව ඉකුත් මානව හිමිකම් දිනයේ දී රජය විසින් පිළිගනු ලැබ ඇත.

ඝාතන ගොදුරු

ඝාතනයට ලක්වන විට විසිහත් හැවිරිදි වියේ සිටි ශෝබා නොහොත් ඉසෛප්‍රියා ඉතා ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක සේම ගායිකාවකද වූවා ය. 1982 ඩෙල්ෆ්ට් දූපතේ උපත ලද ඉසෙප්‍රියා අධ්‍යාපනය ලද්දේ ප්‍රකට පාසලක් වන වෙම්බඩි බාලිකා විදුහලේ ය.

1995දී රිවිරැස මෙහෙයුම සමයේදී උන්හිටිතැන් අහිමිව පවුලේ සියල්ලන් සමඟින්ම වන්නියට අවතැන්වූ  ඇය ඉන් අනතුරුව අධ්‍යාපනය ලද්දේ වන්නියේ ය.

2007 වසරේ විමුක්ති කොටි ක්‍රියාකාරිකයකු සමඟ විවාහප්‍රාප්ත වූ ඉසෛප්‍රියා දියණියක් ලද්දී ය. ඒ සිඟිති දියණිය  2009 මාරුතු 15වැනිදා සිදුවූ ගුවන් හමුදා බෝමබ ප්‍රහාරයකදී ඝාතනයට ලක්විය.

ඉසෛප්‍රියාගේ සැමියාද යුද්ධයේ අවසාන අදියරේදී ඝාතනයට ලක්විය.

 

උපුටාගැනීම – www.radiogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article