spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊතලය – අනුන්ගේ පුවත් සොරකම් කරන අසභ්‍ය වෙබ් අඩවියක්

Must read

වෘත්තීය මාධ්‍යෙව්දීන් විසින් මහන්සිවී , ශ්‍රමය සහ මුදල් වැයකර නිපදවන ප්‍රවෘත්ති සොරකම් කිරීමේ පිරිසක් අද බිහිවෙමින් සිටී. ඊයේ දිනයේ මීපුර වෙබ් අඩවිය විසින් පළකළ ප්‍රවෘත්තියක් ඊට සුළු මොහොතකින් පසු ඊතලය නම් වෙබ් අඩවියක් විසින් කිසිදු වෙනසක් නොකර සිය වෙබ් පිටුවේ අලවා ,අපූරුවට තමන්ගේ ප්‍රවෘත්තියක් මෙන් සරසා ෆේස්බුක් පිටුවල ප්‍රචරය කර තිබුණි. අඩුම ගණනේ මෙම ප්‍රවෘත්තිය උපුටා ගත්තේ කුමන වෙබ් අඩවියකින්ද යන් යන වගවත් ඔවුන් සදහන් කර නොතිබුණි. මෙම ප්‍රවෘත්තියට අදාළ , පසුබිම හෝ පුද්ගලයන් ගැන කිසිදු තොරතුරක් , සම්බන්ධයක් ඔවුන්ට නොමැත.වැඩියෙන්ම  කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ නිරුවත් රෑප ඇතුළත් කරමින් ඉතා කුණුහරුප බසින් ප්‍රවෘත්ති ඇතුළත් කර ඇති මෙම වෙබ් අඩවිය කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට යටත් නොමැති බව බැලූ බැල්මට  පෙනී යයි. ඒ මදිවාට බොරු ප්‍රචාරද පතුරුවයි.
උදාහරණයක්ලෙස වී තොඟයක් සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටියදී අතුරුදන් වූ හම්බන්තොට, බඳගිරියේ ගයාෂාන් තරුණයා සම්බන්ධයෙන්  වැරදි  ප්‍රවෘත්තියක් පළ කර තිබූ අතර මේ වන විට එම ප්‍රවෘත්තිය ඉවත් කර තිබේ. ඊතලය වෙබ් අඩවිය විසින්  පවසා  තිබු‍ණේ  අතුරුදහන් වූ මෙම පිරිමි දරුවාගේ මළ සිරුර හමුවූ බවයි.
කෙසේ හෝ සමාජයත් සමග කිසිම සම්බන්ධතාවයක් නොමැතිව, ප්‍රවෘත්ති තුළ ඇති අන්තර්ගතය සමග සෘජු සම්බන්ධතාවයක් නොපවත්වමින්,  මෙලෙස අනුන්ගේ වෙබ් අඩවි වලින් පුවත් සොරකම් කිරීම මාධ්‍ය කලාවක් ලෙස සැලකිය නොහැක.  සයිබ අවකාශයක් මිළදී ගෙන ෆොටෝ ෂොප් වැඩ ටිකක් පෙන්නුවාට  වෙබ් මාධ්‍යකරුවන් විය නොහැක.
එසේ  හතු පිපෙන්නා සේ ලගදී ආරම්භ වූ තවත් වෙබ් අඩවි කීපයක් මීගමුවේ දී පවතී, එවැනි එක් වෙබ් අඩවියක් පවසන්නේ ඔවුන් ‘මීගමුවේ අද දවස බවයි.’  නමුත් සමාජ අසාධාරණය වෙනුවෙන් නිර්භීතව වචනයක් කතා නොකරයි.  මිනිසුන් පීඩාවට පත්කරන තුච්ච දේශපාලකයන් හමුවේ නිහඩය.  අඩුම තරමේ මීපුර වෙබ් අඩවියට ප්‍රහාරය එල්ල කළ දේශපාලකයන්ගේ නම් සඳහන් කිරීමට තරම්වත් නිර්භීතකමක් නොමැත. ඒ තරම්ම නිවටය. නමුත් ඔවුන්  පවසන්නේ ඔවුන් වෙබ් මාධ්‍යකරුවන් බවයි. වෙබ් මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාවය ගොඩනැගී ඇත්තේ යුක්තිය ,සාධාරණත්වය,සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය මාධ්‍යභාවිතාවක යෙදුණ මාධ්‍යෙව්දීන් සුළුතරයකගේ කැපවීමෙනි.  මහින්ද රාජිපක්ෂගේ  මර්ධනීය පාලනය යටතේ මීක් නොගෑ මේ පුද්ගලයන් දැන් කරළියට පැමිණ අනුන් විසින්  ශ්‍රමයෙන් මෙන්ම ජීවිත පරදුවට තබා ගොඩනැගූ  වෙබ් මාධ්‍ය සම්ප්‍රදාය තුළ ඉතාම ලේසියෙන්  තමන්ගේ බැනර් ප්‍රදර්ශනය කරමින් සිටිති. මෙය මාධ්‍ය ආචාර ධර්ම වලට කිසිසේත්ම පටහැනි  අතර ඔවුන් කවුදැයි හෙළිදරව් කිරීමට මීපුර වෙබ් අඩවිය කිසිසේත් බසුබට වන්නේ නැත.

ඊතලය වෙබ් අඩවිය විසින් මීපුර පුවත් කොපි කර අැති ආකාරය –

http://www.eethalayanews.com/NewsMain.php?san=7069

http://www.eethalayanews.com/NewsMain.php?san=7014

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article