උගත් බුද්ධිමත් පිරිසිදු දේශපාලඥයින් එළඹෙන මැතිවරණයේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා

0
53

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  මේ බව සදහන් කළේ ඊයේ (24) ආඬිඅම්බලම වල්පල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවන් කීපයකට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ “පලාත් පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය සහතික කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජයට හැකියාව ලැබුනා.නැවත වතාවක් එම නියෝජනය අඩු කිරීමට ඇතැම් අය උත්සහ කළද අපගේ මැදිහත් වීම මත 25% කාන්තා නියෝජනය ආරක්ෂා කර ගන්නට අපට හැකිවුනා.ඒ අනුව ගමට වගකියන ගමේ ප්‍රශ්න හදුනන ගමට සේවයක් කළ හැකි පිරිසක් එළඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.කටාන ආසනයේ ප්‍රාදේශීය සභාවට සහ කටුනායක-සීදූව නගර සභාවට හොඳ මන්ත්‍රිවරුන් පිරිසක් තෝරා පත් කර යවන්න ඔබ සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා.DSC_5938
2016 සහ 2017 වසර 02ක කාලය තුළ නගර සැලසුම් අමාත්‍යාංශය යටතේ විශාල මාර්ග ප්‍රමාණයක් සංවර්ධනය කරන්නට අපට හැකියාව ලැබුනා.ඒ වගේම පසුගිය මාස 08ක පමණ කාලයක් නියඟයෙන් පීඩා විදි වල්පල ඇතුළු ග්‍රාම සේවා වසම් ගණනාවකට බවුසර් මඟින් පානීය ජල පහසුකම් ලබා දෙන්න හැකියාව ලැබුනේ ජල සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වගකීමක් ජනාධිපතිතුමා මට පැවරූ නිසයි.

එළ‍ඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ප්‍රාදේශීය සභාවත් නගර සභාවත් ජයග්‍රහණය කරවා රජය මඟින් ගමට ලබා දෙන පහසුකම් වඩාත් වර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් ගමේ නායකත්වය දරනකාන්තාවන්ටත් සුවිශේෂී අවස්ථාවක් හිමි වීම මන්ත්‍රීවරියක් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරන මා හටද ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරනවා.”DSC_5948 DSC_5910

මෙහිදී ලක්ෂ 25ක ප්‍රතිපාදන යොදවා ප්‍රතිසංස්කරණය කළ වල්පල වැලිපැලැස්ස මාර්ගය විවෘත කිරීම හා ලක්ෂ හතරහමාරක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන වල්පල වෙල්යායේ පැති බැම්ම සඳහා මුල් ගල තැබීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් සිදු විය.

මෙම අවස්ථාවට කටාන ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් කිහිපදෙනෙකු ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.