මීගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයට අනුයුක්ත අංක 160 උඩයාර් තෝප්පුව ,ග්‍රාම නිලධාරී වසමේ නව වැඩිහිටි කොමිටුව (ජ්‍යෙෂ්ඨ පුරවැසි) මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පිට උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදී සිදු කරන ලදී,
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සැඳෑ සමය සතුටින් ගතකිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල් මූලික කරගෙන 2002 සම්මත කළ පාර්ලිමේන්තු පනතක විධිවිධානයන්ට යටත්ව මෙම කමිටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි අරුණ වික්‍රමනායක ,උඩයාර් තෝප්පුව ග්‍රාම නිලධාරී සුසිල් නොනිස් යන අයගේ මෙහෙයවීම මත 2026,2027,වර්ෂ සඳහා බල පැවැත්වෙන පරිදි සිදුවිය,අංක 160 උඩයාර් තෝප්පුව , ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ස්ත්‍රී පුරුෂ සෑම වැඩිහිටියෙකුටම මෙහි සාමාජිකත්වය ලබාගත හැකිය,මෙදින පැවැති ආරම්භක රැස්වීමට සාමාජික සාමාජිකාවන් 120ක් ලයිස්තු ගත වී සිටියහ,වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වීමට මෙම නිලධාරි මණ්ඩලය පත් කරගෙන තිබේ.

රේමන් අපෝන්සු












