උන්ගේ සදාචාරය සහ මුගේ සදාචාරය

0
362
307833207 10228139581020953 446725211339343665 nදේශපාලන සදාචාරය කියල කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් ලංකාවේ පෙන්වන්න තියෙන ”අමුම අමු” නිදසුන මේ. සෑම පුරවැසියෙක් සතුවම ඇති නීතියට ප්රවේශ වීමේ ප්රතිපාදනය යටතේ මොහුට පුළුවන් අභියාචනයට මුවා වී පාර්ලිමේන්තුවේ අසුන්ගන්න.
එහෙත් සදාචාරය හෝ වෙනත් විනයගරුකත්වයේ සීමාවක් පිළිබඳ අදහසක් වේනම් මේ හිස් මිනිසා කල යුත්තේ තීන්දුව එනතෙක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම. යටත් පිරිසෙන් මාස තුනකට වරක් දිග්ගස්සා ගන්නා ක්රමයක් යටතේ හිඳිමින් අධිකරණයෙන් ගෞරවනීය ඉල්ලීමක් කල යුතුයි ඉක්මන් තීන්දුවත් ඉල්ලා. මොකද මොහු මෙරටේ ව්යවස්ථාදායකය හොබවන්නෙක්.

ලංකාවේ සිටින ජුගුප්සාජනක දේශපාලන පවුල් අතර මජර හා හිරිකිතම පවුල රණතුංග පවුල. වසර 1996 උපයාගත් කිර්තිය ඔස්සේ මේ සහෝදර පවුල රෙජී රණතුංග උපයා දුන් දේශපාලන ධනය මංකොල්ල කෑව. එක් සොහොයුරෙක් බාල සොහොයුරා සමඟ ඔහු භාර ගන්න හැම අමත්යංශයේම සංස්ථා/මණ්ඩල සභාපතිකම ගනිද්දී අනෙකා ක්රිකට් පාලක මණ්ඩලය උලා කෑව. පවුලේ බහුතර අනෙකුනුත් එහෙමයි.
අඩුම තරමේ ප්රසන්න එනතැන් වර්ජනය කරන්න බැරි ලංකාවක් මේ. ඔබ හිතනවද අපිට ඉදිරියට යන්න පුළුවන් කියා.

මම මැතිවරණ නිරික්ෂකයෙක් ලෙස මේ අවලං දේශපාලකයා රැඳෙන කිසිදු තැනක කිසිදා ඉන්නෙ නැහැ කියල හිතං ඉන්නෙ.. අපිට බැරිද සාමූහික විරෝධයක් පළකරන්න.

මංජුල ගජනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here