spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජිනීවා : මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා වාර්තාවෙහි නිර්දේශ මෙන්න

Must read

නිර්දේශ :

70. මහ කොමසාරිස්වරිය ඇයගේ පෙර වාර්තාවල සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ මගින් කරන ලද නිර්දේශ නැවත අවධාරණය කරයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සහය දැක්වීම සඳහා රට ශක්තිමත් කිරීම ඇතුළුව, අවශ්‍ය පරිදි, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය සැපයීමට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය OHCHR සූදානම්ව සිටී.

71. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට නිර්දේශ කරන්නේ:

(අ) ආර්ථික අර්බුදය තුළ මිනිසුන්ගේ ආර්ථික හා සමාජ අයිතීන් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම; වෙනස්කම් නොකිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ වඩාත්ම ආන්තික සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා ක්ෂණික සහන සහතික කිරීම සහ මූදල් යෙදවීම වැඩි දියුණූ කිරීම සහ නැගී එන අවශ්‍යතා ආවරණය කිරීම සඳහා එය පුළුල් කිරීම මගින් සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම;

(ආ) මිලිටරි වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම, දූෂණය තීරණාත්මක නතර කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ සහ අධ්‍යාපනය සඳහා ආයෝජන වැඩි කිරීම; ජාත්‍යන්තර මූල්‍ය ආධාර වැඩසටහන්වල ඇති විය හැකි මානව හිමිකම් බලපෑම් තක්සේරු කිරීම සහ එය අවම මට්ටමකට අඩු කිරීමට වැළැක්වීමේ පියවර ගැනීම;

(ඇ) අධිකරණය සහ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය සහතික කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ ප්‍රතිසන්ධානයට අත්‍යවශ්‍ය දේශපාලන අධිකාරිය (බලය) බෙදාහැරීම ඉදිරියට ගෙන යාමට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පුළුල් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කිරීම;

(ඈ) විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සහ තාවකාලික විශේෂ අධිකරණයක් මෙන්ම ඉතිරිව ඇති සහ කැපී පෙනෙන පොරොන්දු ක්‍රියාවට නැංවීම සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සහ එම සාමාජිකයින් පරීක්ෂාව සඳහා කාලානුරූපී සැලැස්මක් සමඟින් සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම පිළිබඳ පුළුල් උපාය මාර්ගයක් සකස් කිරීම. ඒවායෙහි සම්පූර්ණ වරම ස්වාධීනව සහ ඵලදායී ලෙස ඉටු කළ හැකි බව සහතික කිරීම සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය නැවත පණ ගැන්වීම;

(ඉ) මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සංකේතාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම; පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව පෙර සිදු කරන ලද විමර්ශනවල සම්පූර්ණ සොයා ගැනීම් ප්‍රසිද්ධ කිරීම සහ ජාත්‍යන්තර සහාය ඇතිව සහ වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කිරීම;

(ඊ) සිවිල් ක්‍ෂේත්‍රයන් කෙරෙහි හමුදාවේ බලපෑම අවසන් කිරීමට සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා පැවැත්ම අවම කිරීමට පියවර ගැනීම;

(උ) හමුදාව සතුකර ගෙන සිටින සියලුම පෞද්ගලික ඉඩම් ආපසු ලබා දීම සහ ආගමික ස්ථාන ඉදිකිරීම පිළිබඳ අන්තර් ආගමික සංවාදයක් ඇතුළුව ඉඩම් ආරවුල් අපක්ෂපාතීව විනිශ්චය කිරීම;

(ඌ) ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව නීති සම්පාදනය කිරීම සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ යෝජිත නීති ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීති බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන බව සහතික කිරීම; ‍ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ දැඩි තාවකාලික තහනමක් පවත්වාගෙන යාම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින රැඳවියන් සහ දිගුකාලීන සිරකරුවන් නිදහස් කිරීම කඩිනම් කිරීම;

(එ) හදිසි නීති රෙගුලාසිවල අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය සමාලෝචනය කිරීම සහ යෝජිත සමාජ මාධ්‍ය නියාමනය සාමකාමීව රැස්වීමේ, ඇසුරු කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරනු ඇති බව සහතික කිරීම;

(ඒ) එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවෙහි පැවැත්ම ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහ සිවිල් සමාජයට තාක්ෂණික සහාය ලබා දීමට ආරාධනා කරන්න;‍

ihioyio

72. මහ කොමසාරිස්වරිය 2021 දී මානව හිමිකම් කවුන්සිලයට සහ සාමාජික රටවලට සිය වාර්තාවේ 61 ඡේදයේ ඇය විසින් කරන ලද නිර්දේශ නැවත අවධාරණය කරන අතර සාමාජික රටවලට තවදුරටත් නිර්දේශ කරන්නේ:

(අ) වගවීම සහ ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම්වලට බලපා ඇති ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ පියවර ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කවුන්සිලයට නිරන්තරයෙන් වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වෙතින් ඉල්ලා සිටීම.

(ආ) ආර්ථික අර්බුදයේ මානව හිමිකම් මානයන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ තේමාත්මක විශේෂ ක්‍රියා පටිපාටි දිරිමත් කිරීම;

(ඇ) මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් වගවීම පිළිබඳ කටයුතු කිරීමට OHCHR සඳහා 46/1 යෝජනාව මගින් සපයා ඇති හැකියාව ශක්තිමත් කිරීම;

(ඈ) අදාළ ජාත්‍යන්තර ජාල හරහා සහ වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් බාහිර හෝ විශ්වීය අධිකරණ බලයේ පිළිගත් මූලධර්ම ඇතුළුව, ජාතික අධිකරණ බල ප්‍රදේශවල අධිකරණ ක්‍රියාදාමයන් හරහා ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්ව විසින් සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධවල අපරාධකරුවන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම;

(ඉ) බරපතල ජාත්‍යන්තර මානව හිමිකම් කඩකිරීම් හෝ බරපතල මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සිදු කළ බවට විශ්වාසදායක ලෙස චෝදනා කරන අයට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම් වැනි තවදුරටත් ඉලක්කගත සම්බාධක ගවේෂණය කිරීම;

(ඊ) මානව හිමිකම්වලට බලපාන ආර්ථික අපරාධ විමර්ශනය කිරීමේදී සහ සොරකම් කළ වත්කම් සොයා ගැනීම සහ අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම.

(srilankabrief.org – පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article