spot_img
spot_img
Thursday, May 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උසාවි නියෝගයක් නැතුව උද්ඝෝෂණ තහනම් කළ ASP ගේ චණ්ඩිපාට් දිගටම

Must read

hiru newd2 hiru news 1hiru newd2රතුපස්වල ජල ගැටළුව පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඔක් (13) සූදානම් කර තිබූ රථ පෙළපාලියක් අවලංගු කිරීමට පොලීසිය පියවර ගෙන තිබුනේ උසාවි නියෝගයක්ද නොමැතිව බව දැන් හෙළිව තිබේ.
අදාල දිනයේ ගම්පහ – මිරිස්වත්ත මං සන්ධියෙන් ආරම්භවීමට නියමිතව තිබූ මෙම රථ පෙළපාලිය සංවිධාන කර තිබුණේ සියනෑ ජල සුරැකීමේ ජන නැගුම සංවිධානයයි. කෙසේ වෙතත්, ඔක් (13) පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු පෙළපාලියේ ගමන් කිරීම සඳහා අවසර ලබා දිය නොහැකි බව දන්වමින් එහි සිටි ජනතාවට තර්ජනය කළ අයුරු මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.

කෙසේ වෙතත් සියනෑ ජල සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැදවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි පැවසුවේ දා පෙළාපලිසය ගැන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම පෙළපාලිය අවලංගු කිරීමට පොලීසියට සිදුවූ බවයි.
ඒ අනුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (13) ලබාදී ඇති මෙම නියෝගයට අනුව මේ මස 20 වන දා දක්වා වැලිවේරිය සහ මල්වතුහිරිපිටි යන පොලිස් බල ප‍්‍රදේශ තුළ පෙළපාලි යාම තහනම් කර තිබෙන බව දන්වා තිබුනද අදාල උසාවි නියෝගය ලබාෙගන ඇත්තේ ඔක්තෝබර් 13 වනදා දවල් 12 බව උසාවි ආරංචි මාර්ග සදහන් කර සිටි.එනම් උසාවි නියෝගයක් ලබාගැනිමට පෙර මෙම උද්ඝෝෂණය නවතා දැමිමට පොලිසිය ක්‍රියාකර තිබුනේ යැයි අප වෙත කරුණ කි ප්‍රමිත මහතා සදහන් කළේය.
එමෙන්ම ඔක්තෝබර් 15 වෙනිදා රාත්‍රියේ රතුපස්වල ජනතාව කිසියම් පිරිසක් විසින් තවත් රැස්විමකට කැදවා තිබුනේ බස්නාහිර මහඇමැති ප්‍රසන්න රණතුංග මහතාද පැමිණෙන බව දන්වමිනි.
මේ රැස්විම සංවිධානය කර  ඇත්තේ ප්‍රමිත හෙට්ටිආරච්චි යැයි චෝදනා කළ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතාගේ නිවසට දුරකථනයෙන් කථාකොට මව වෙත දන්වා  ඇත්තේ උසාවි නියෝගය කඩකර ඇති නිසා විනාඩි 5 ක් ඇතුලත ප්‍රමිත මහතාට නිවසට පැමිණෙන ලෙස දන්වන ලෙසත් ඔහුව අත්අඩංගුවට ගෙන නියමිත බවත්ය.
එහෙත් මේ රැස්විමට කිසිදු සම්බන්ධතාවක් නැති ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ඒ රැස්විම පැවැත්වෙන අවස්ථාවේ මීගමුවේ ප්‍රදේශයේ තම හිතවතෙකුගේ නිවසක සාදයකට සහභාගි වෙමින් සිටින බවත් අප විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.
වාර්ථා වන අන්දමට විනිග්‍රොස් කම්හලට හිතවත් පිරිසක් මේ දිනවල උත්සාහයක නිරතව සිටින්නේ විද්වත් කමිටුව සහ තෙරිපැහි සිරිධම්ම හිමියන් විසින් පසුගිය දිනක රතුපස්වල ජනතාවගෙන් කිසිදු විමසිමකින් තොරව අත්සන් තැබු ගිවිසුමට උසාවිය මගින් නිතිමය පදනමක් ලබාගැනිමටය.
ඡායා – හිරු වෙතිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article