spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඌරු මස්, හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලනය කරන්න බෑ- රොයිස් විජිත

Must read

(නැවත පළ කිරිමකි.)
ඔබ ශරිරය හොඳින් නඩත්තු කරනවා වගේම ඇඳුම් ඇදීමේදීත් කැපීපේන විලාසිතා කරනවා. ලංකාවේ පොලිටික්ස් වලදී ඒ දෙකම වැදගත් කියලා හිතනවා ද?
මම දෙව්සත්හලක අධ්‍යාපනය ලැබුවා. ඒ ආභාෂයත් එක්ක පිළිවෙල කියන දේ එදා ඉදලා මගේ ජීවිතයට එකතු වෙච්ච දෙයක්. අපිළිවෙල දේශපාලකයොත් ඉන්නවා. මේ මගේ හැටි. මගේ සියලූ දේට පිළිවෙල අවශ්‍යයයි. ඒක මගේ මනසට බලපානවා.
මම ලස්සනට අදිනවා.
දේශපාලනය කරන්ඩ බැහැ ලෙඞ්ඩු වෙලා. මම මගේ ශරීර සෞඛ්‍යට ගැලපෙන විදිහේ ව්‍යායාම තෝරගෙන තමයි කරන්නේ. ඌරු මස් කකා හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලන ජීවිතය තුළ වුවත් නිරෝගීව ඉන්ඩ බැහැ. කැපවීමක් කරන්ඩ වෙනවා.
ඔබේ පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ ඉදිරපත් කරන පහළ සාමාජිකයින් මේ රජයේ ඒකාධිපති වියරුවට එරෙහිව කිසිවක් නොකර නිහඬව සිටීම ගැන ඔබ මොක ද හිතන්නේ ?
පක්ෂය නිසා තමයි අපි ඉන්නේ. පක්ෂය ආරක්ෂා කරගන්ඩ  ඕනා තමන්ගේ පැවැත්මට වඩා. එහෙමනම් ඒ පක්ෂයට කවුරුත් ආදරය කරන්ඩ  ඕනා. සමහරුන්ට යම් යම් පරිත්‍යාග කරන්ඩ සිද්ධ වෙනවා. පරිත්‍යාග වලින් උතුම්ම පරිත්‍යාගය වන ජීවිත පරිත්‍යාගය කරන්ඩ බලන් තමයි දේශපාලනයට එන්නේ.
පක්ෂයේ පහළ සාමාජිකයින්ගේ තිබෙන උනන්දුව මදිකම ගැන පිළිබඳව යම් තීන්දුවක් පක්ෂයේ නායකයින් විසින් ගන්ඩ  ඕනා. ඒකට අපිට චෝදනා කරන්ඩ පුලූවන්, ඇගිල්ල දික්කරන්ඩ පුළුවන්. එහෙම අපි ඇගිල්ල දික් කළා කියලා කාටවත් තමන්ගේ තනතුරු දාලා යන්ඩ කියලා ඇගිල්ල දික්කිරීමෙන්, උද්ඝෝෂණ කිරීමෙන් තෙරුමක් නෑ. විණයානුකූල පක්ෂයක් ලෙස ඒ ඒ කාල වලදී ඒ ඒ තීන්දු තීරණ ගත යුතුයි.
විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්, මන්ත්‍රිරීවරු තමන්ගේ දේශපාලනය ගමේ මට්ටමට කපාගෙන ඉන්නේ.. රටේ මේ තරම් අර්බුදයක් තියෙද්දී එහෙම වෙන එක අප්සට් නේද?
පහළ ඉන්න යම් සාමාජිකයෝ ඉන්නවා ප්‍රබල සාමාජිකයෝ. එදා ඉදලා ඉන්න අය. තව කණ්ඩායම් ඉන්නවා යම් කාල වලදී අපිට එකතු වෙනවා අයින් වෙනවා. දැන් මේ විපක්ෂයේ අවුරුදු ගාණක් එදා ඉදලා අපිත් එක්ක ඉන්න අය ඉන්නවා. ඒ අයගෙත් ජීවිත ප්‍රශ්න, පළිගැනීම්, ජීවිත හානි, දේශපාලන පළිගැනීම් දැවෙන ප්‍රශ්න ගොඩාක් තිබෙනවා.
සමහර අවස්ථාවල බලාපොරොත්තු නැති වෙන මොහොතවල් එනවා. එතකොට තල්ලු ස්ටාට් කරන්ඩ වෙනවා. සමහර වෙලාවට කොයිලූත් බහින වෙලාවල් තිබෙනවා. අද විපක්ෂය යටින් කරන්ඩ ඕන දේ උඩින් කරන්නේ. උඩින් කරන්ඩ  ඕන දේ යටින් කරන්නනේ. පාක්ෂිකයා කලකිරිලා. ඒ අයව තල්ලූ කිරීමේ හැකියාවක් නෑ.
ලෝකයේ  ඕනම රටක ආණ්ඩුවක් පෙරලන්නේ විපක්ෂය තමයි. ප්‍රබල ආණ්ඩු කොයි වෙලාවේ මොන විදිහට තිබුණත් ඒවා හමුදා,පොලීසිත් එක්ක තිබුණ ආණ්ඩු තමයි පෙරලූවේ. ඒවා සැලසුම් කරන්නේත් ආණ්ඩුවේ සියලූම ඔත්තුසේවා තියෙද්දී. මෙතන වෙන ප්‍රශ්නයක පැටලිලා ඉන්නේ. තාම බලයට පත්වෙලා මාස 6ක්වත් නෑ. පත්වෙච්ච 67 දෙනොගෙන් මේ වෙද්දී කීදෙනක් ආණ්ඩු පැත්තට ගියා ද ? ඒවට හේතුවකුත් නෑ. ඌරා කැකුණ තලද්දී හබන් කකුලට මගුල් වගේ එහෙම යන අයත් ඉන්නවා. මෙතන ඉදලා වැඩක් නෑ කියලා යන්ඩ ඉන්න අයට මේවා රුකුල්.
යූඑන් එකට විශාල පිරිසක් අරන් යන්ඩ කෝටි 140ක් වියදම් කරපු එක කතා නොකර රනිල් තේ බීපු එක කතා කරන්ඩ පාක්ෂිකයෝ පෙළඹිලා තියෙනවා. මේ ඇත්ත අර්බුදය පක්ෂ සාමාජිකත්වය සමග කතා නොකර මේ සඳහා ස්ථීර විසඳුමක් සෙවීම වෙනුවට ජනප්‍රිය තැන් වලින් ප්‍රශ්නය දැකීම ගැන ප්‍රාදේශීය නායකයෙක් ලෙස ඔබ මොකද හිතන්නේ ?
මේ ප්‍රශ්නය මම දකින විදිහට පාක්ෂිකයන්ගේ ඔලූවට බඩට දැනිලා තිබෙනවා. ඒක ඔවුන් දකින විදිහ ඔවුන්ගේ විඥානය. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. නමුත් ඒක කොරන්නේ කොහොම ද ? මම කියන්නේ නෑ තාවකාලික විසඳුම් යෙදීම සුදුසුයි කියලා. ඇත්තටම රනිල් වික‍්‍රමසිහ වගේ බුද්ධිමත් නායකයෙක් අපට ඉන්නවා. එක රුපියලක් වංචා කරන්නේ නැති, වැඩපිළිවෙලක් තියෙන අවංක , මේ රට ගොඩගන්ඩ පුලූවන් නියම සැලසුම් හදන්ඩ පුලූවන් නායකයා එයා. සුදුස්සා එයා. අපිටවත් කිසිම වංචාවක් කරන්ඩ ලැබෙන එකක් නෑ. අපේම ජනතාවට මහින්ද රාජපක්ෂගේ ඇමතිවරු ,
ඒ බලඅධිකාරිය ඒ මිනිස්සුන්ට මුදල්, අනෙකුත් වරදාන දෙනවා. ඒ හරහා අපි අත වන වන හිස් බෙලෙක්ක අරන් අපි යනවා. ඒක තමයි අපිට තිබෙන අභියෝගය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article