spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එජාපේ අවස්ථාවාදි නායකයන් නිසා ලංසා පවුල කුමන්ත්‍රණය ජයගනී !

Must read

Dr. Kavindaරාජපක්ෂලාගේ  සහ ලංසලාගේ පාලනය රජකරමින් හපකර දැමු මීගමුවට කෝටි ගණනින් සල්ලි බෙදුවද එය යළිත් වැල්ලවිදියේ පාලනයට  හීනෙකින්වත් නතු කරගන්නට නොහැකි වන අයුරින් වාර්තා ගත ජයක් වැඩිඡන්ද 30000 කටත් වඩා වැඩියෙන් ලබමින් සනිටුහන් කරන්නට එදා  හැකි විය.
පසුගිය පළාත් පාලනය මැතිවරණයේදි ඡන්ද කොට්ටාශ 29 න් 19ක්ම ජයගන්නටද එජාපයට හැකිවිය
ඒ එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වය යටතේය.
මේ ශක්තිමත් පදනමට එරෙහි ප්‍රධාන කණ්ඩායම්  2 කක්  මීගමුව තුල ක්‍රියාත්මක විය.
ඉන් එකක් වන්නේ ලංසා පවුලය.
අනික් එක වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  කාවින්ද ජයවර්ධන  ඇතුළු 5 දෙනාගේ කල්ලියයි.
මේ කල්ලිය යනු මිනිමරුම් චෝදනාද සහිත  පුද්ගලයන්ගෙන් සැදුම්ලත් අවලං සන්ධානයකි.
මේ දෙපිරිසෙන් ලංසා පවුලට තිබුණු ප්‍රධාන අරමුණ  වි තිබුනේ මිගමුව තුල එජාප සංවිධාන ශක්තිය දුර්වල කිරිමට හැකි සියළු කටයුතු ඉදිරියට ගෙන ඒමය.
ඒ සදහා කාවින්ද ඇතුළු 5 දෙනාගේ කල්ලිය ලංසා පවුල විසින් අගේට පාච්චියට ගත්තේය.
දයාන් ලංසාගේ රාත්‍රි මිතුරාද වන කාවින්දට  දේශපාලනය ගැන ඇති දැනුමෙන් ලංසාලා සමගින් හැරෙන්නටවත් බැරි තත්වයක් තුලදි දැන් මිගමුව බිල්ලට  දි හමාරය.
මේ සියල්ලටත් වඩා අවස්ථාවාදින් වි ඇත්තේ එජාප ලේකම් ඇතුළු නායක නඩයයි.ගම්පහ දිස්ත්‍රික්කයේ ජයතහවුරු කරන්නට සමත් ශක්තිමත් දේශපාලන නායකයකත්වයක් මිගමුවට තිබියදි දේශපාලන ගැන හය හතර වත් නොදන්නා පියුරු බබෙකුට කප්පම් වශයෙන් ආසනයක් පුජා කරන්නට එජාප මහලේකම් අකිල විරාජ්කාරියවසම් කිසිදු ලැජ්ජාවකින් තොරව කටයුතු කර තිබේ.
මැතිවරණ 7 ක් ලංසා පවුලේ කෝටි ප්‍රකෝටි සල්ලි විසිකිරිම් හමුවේ පවා ජයගත් සිය ආසන සංවිධාකයා කැදවා කරුණ පැහැදිලි කරන්නට තරම් වත් අකිලට දේශපාලන සදාචාරයක් තිබි නැත.
අප සිතුවේ කොන්ඩම් න්‍යාය ඇත්තේ මහින්දලාට පමණක් කියාය. දැන් එජාප නායකයන්ද කටයුතු කරන්නේ කොන්ඩම් තියරිය උඩ හිටගෙනය.
අපට කියන්නට ඇත්තේ ඔහොම යං කියා පමණි.
ලංසා කුමන්තණය ගානට දැන් ජයගෙන තිබේ.
හෙට සිට ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි යැයි කිමට  ලංසාලා සුදානම් වනවා නියතය.
තමන්ගේ පුද්ගලික අරමුණ ඉටුකර ගැනිමට  ගම්පහ දිස්තික්කයේ ප්‍රබලතම එජාප ආසනය පවා දියහැක්කේ අවස්ථාවාදියෙකුට පමණි.
දැන් ඒ අවස්ථාවාදියා කව්දැයි පමණක් නොව ඒ අවස්ථාවාදි දේශපාලකයාට එරෙහිව මතුවන දැවැන්ත විරෝධයද  හෙට දිනයේ එළිබසිනු නියතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article