spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු ඉල්ලා අස්විමට යයි ?

Must read

gihanමාස එකාමාරක් පුරා රටතුල පැවැතියේ දැවැන්ත අර්බුදයකි.ඒ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රටතුල ස්ථාපිත  කර ගැනිම වෙනුවෙනි.
රාජපක්ෂලාට ගෑවුණු කෙනෙකු පවා පිළිකුල් කළ රටේ ප්‍රගතිශිලි ජනයා දැන් රාජපක්ෂලාව පොලවේ ගසා හමාර කොට තිබේ.
මේ මහා අරගලයට මාධ්‍යවේදින් ලෙසින් දායකත්වය දුන් මිපුරට මිගමුවේ එජාපයේ ඇතැම් නාගරික මන්ත්‍රිලා රාජපක්ෂ පිල්ලිවලට කරේ අතදාගෙන දැන් චණ්ඩි කථා කියන්නට පටන් ගෙන ඇත.
රටේ ජනයා පාරවල් ගානේ අරගල කරද්දි මිගමුවේ ඇතැම් එජාප මන්ත්‍රිලා වැටෙන්නට යන රාජපක්ෂ පිල්ලිවලට හුලං ගැසිම සදහා බජට් එක ගොඩදා දිමට පාසිකුඩා සංචාරයකට එක්ව හොද හැටි කාබි ප්‍රිති වි ආතල් ගෙන පැමිණ අයවැය විවාදය දවසේ මිපුර මාධ්‍යයට බැනවදින්නට පටන් ගෙන තිබේ.
දයාන් ලංසාගේ පාසිකුඩා බජට් සාවාරියට ගියේ ඇයිදැයි හේතු සාධාරණය කරන්නට මහසභාවේදි කථා කර තිබුණි.
ඉන් නොනැවතුන බෙන්ජමින් ගිහාන් තවදුරටත් එදා කියා තිබුනේ තමන් වැදගත් සදාචාරාත්මක දේශපාලනයක් සිදුකරන බවත් සදාචාරාත්මක නොවන වැරදි කර තිබුනොත් තමන් දේශපාලනයෙන් ඉල්ලා අස්වන බවත්ය.
අද සිට එළඹෙන්නේ මහජනයාට එරෙහිව ගිහාන්ලා වැඩකර ඇතිදැයි යන්න ගැන හෙළිදරව් කිරිම්ය.
බෙන්ජමින් ගිහාන් ප්‍රනාන්දු යනු මුදල් කාරක සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රිවරයෙකුද වෙයි . පසුගිය කාලය තුල දයාන් ලංසා පාලනය විසින් දැවැන්ත මුදල් කාබාසිනියා කිරිම් කරද්දි බෙන්ජමින් ගිහාන්ලා කටයුතු කළ අයුරු අප ඉදිරියේදි හෙළි කරන්නේමු.
නගර සභා භුමියේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල යනු එජාප මන්ත්‍රිලා කිපදෙනෙකුගේම කලිසම් ගැලවිමට සමත්කම් ඇති තැනකි.පසුගිය පාලනය එකි අනුමත කිරිම් සදහා දුන් දොලපිදේනි දැන් විටක ඇතැමෙකුට අමතකය ගොස් ඇතිවා සේය.එපමණක් නොව නිශාන්ත නැමැත්තාට පොළ ලබාදිම සදහා ඇතැම් එජාප මන්ත්‍රිලා දුන්න ගේම් ගැන දන්නා පිරිස අප පමණක් නොව නාගරික කොමසාරිස්ලා පවා දනි.

අපට ගිහාන්ලාට කියන්නට ඇත්තේ කුම්බලා මාළු කෑවා නම් දුක් විදපන් බළලෝ කියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article