එන්නතට මිගමුවේ අදත් දිග පෝලිමක් !

0
128
IMG 20210802 WA0015
  අදත්  මීගමුව ප්‍රදේශයේ  ජනතාවට  කොරෝනා වසංගතය මැඩලීම සඳහා වන දෙවන එන්නත ලබාදීමට  කටයුතු  සූදානම්  කර ඇති අතර මේ සඳහා ස්ථානය  ලෙස තෝරාගෙන ඇත්තේ  මාරිස්ටෙලා විද්‍යාලයයි.
   පවතින තත්වය  හමුවේ අසරණවූ ජනතාව තුළ තම ජීවිතය පිළිබඳව  ඇත්තේ දැඩි  බියකි. මේ වනවිට  කොතරම්  බියක්  දැනී ඇතිදැයි රට පුරා ඒ වෙනුවෙන් එන්නත ලබාගැනීම  සඳහා වන   උනන්දුව  අනුව පැහැදිලි වේ.
     මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ සිට ඒ භූමිය අවට මෙන්ඩිස් පාර දිගේ  විශාල පෝලිමක් නිර්මාණය වී ඇත. ජනතාව එක්රැස්ව සිටින්නේ  පාන්දර 3.00 සිටය. 
සියළු කටයුතු පාලනය වන්නේ හමුදාවේ මෙහෙයවීමෙන්ය.
ඊයේ දිනයේදි අති විශාල ජනතාවක් එන්නත ලබාගැනිමට පැමිණ තිබුණි. 
සැම්සන් ඥානසිරි 

IMG 20210802 WA0005
IMG 20210802 WA0002
IMG 20210802 WA0011
IMG 20210802 WA0010
IMG 20210802 WA0009

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here