එයාර් ඉන්ඩියා ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි ගලවා ගනී.?

0
373

අද දහවල් අහමදාබාද් ගුවන්තොටුපළෙන් පුද්ගලයින් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් අහමදාබාද් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ වහාම කඩා වැටුණු අතර එය ඉන්දියාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරු වලින් එකකි. ලන්ඩන් බලා යමින් සිටි ගුවන් යානයේ මගීන් 232 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සිටියහ.

11A ආසනයේ මගියා වූ එක් අයෙකු අනතුරෙන් දිවි ගලවා ගෙන ඇතැයි NDTV රූපවාහිනිය මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේ.

 

එම මගියා ගුවන් යානයේ හදිසි දොරටුවෙන් එළියට පැන දිවි ගලවා ගෙන ඇතැයි එම පුවතේ වැඩි දුරටත් සඳහන් විය.

මේ අතර ඩේලි මිරර් වෙබ් අඩවියද එම පුවත මෙසේ තහවුරු කර තිබුණි.

අහමදාබාද්හිදී ගුවන් ගත වී ටික වේලාවකට පසු කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ සුන්බුන් අතරින් 11A ආසනයෙන් දිවි ගලවා ගත් අයෙකු ජීවතුන් අතර සිටින බව අහමදාබාද් පොලිස් කොමසාරිස් තහවුරු කළේය – වාර්තා – dailymirror.lk

ගුවන් යානය වෛද්‍ය විද්‍යාලයක වෛද්‍යවරුන් සඳහා වූ නේවාසිකාගාරයකට කඩා වැටීමෙන් සිසුන් පස් දෙනෙකු මිය ගියේය. අනතුර සිදු වූ ස්ථානයේ දර්ශනවලින් පෙනී යන්නේ නේවාසිකාගාරයේ භෝජන ශාලාවක බිත්තිය හරහා සුන්බුන් සිදුරු වී ඇති බවත්, සමහර තහඩු මත ආහාර තවමත් දැකගත හැකි බවත්ය.

මුලාශ්‍රය  NDTV

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here