spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එළවළු මිළ පහලට ….

Must read

ජනතාවට දරන්නට සිදුව තිබෙන බරපතල ජිවන වියදම හමුවේ පසුගිය කාලය තුල වඩාත් කැපි පෙනෙන කරුණක් වි තිබුනේ ඉතා ඉහල මට්ටමක පැවැති එළවළු මිළය.
මේ නිසා බොහොමයක් පාරිභෝගිකයන් එළවළු මිළදි ගැනිම පවා නවතා දමා තිබුණි.
පසුගිය දා කොළඹ මැනිං වෙළද පළේ වෙළද සංගමයේ ක්‍රියාකාරිකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුනේ ජනතාවගේ එලවළු මිළදි ගැනි 80% කින් පමණ අඩුවි ඇති බවය.
මේ නිසාම විවිධ පෝෂණ ගැටළු පවා මතුවිමට ඇති ඉඩ කඩ ගැනද සෞඛ්‍ය බලධාරින් අවධානය යොමුකර තිබුණි.

බොහොමයක් නගරවල එළවළු මිළ තවමත් ඇත්තේ ඉතා ඉහල අගයකය. එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත වරක් අද (05දා) දින එළවලු මිල විශාල වශයෙන් අඩුවී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව 05 දින පැවති කිලොවක තොග මිල (රුපියල්) මෙසේය.

ගෝවා 150-200

බෝංචි 110-160

ලීක්ස් 150-170

කැරට් – නුවරඑළිය 300-350

තක්කාලි 130-140

රාබු 60-70

කැකිරි 100-110

පිපිඤ්ඤා 65-70

අර්තාපල් – ආනයන 160-180

වැටකොලු 140-180

බණ්ඩක්කා 110-120

පතෝල 160-180

කරවිල 200-230

තුඹකරවිල 390-400

වට්ටක්කා – මැලේෂියන් 50-55

වට්ටක්කා – ලොකු 60-65

වම්බටු 210-280

එළබටු 250-260

දඹල 135-140

අළුකෙසෙල් 50-60

කෙසෙල්මුව 45-50

ඇඹරැල්ලා 100-110

දෙහි 110-120

මාළුමිරිස් 440-450

අමුමිරිස් 740-750

ඉඟුරු 125-130

රතුළූණූ – ආනයන 275-280

රතුළූණූ – ලංකා 160-280

ලොකුළූණූ- ආනයන 110-125

ලොකුළූණූ- ලංකා 110-120

මඤ්ඤොක්කා 20-25

බතල 85-90

ඉන්නල 110-120

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article