කට්ටුවේදි ලොරියක් දුම්රියේ ගැටෙයි !

0
93

 

අද (12/07/2026) පස්වරු 2.00 ට පමන මීගමුව , කට්ටුව , ශාන්ත සෙබස්තියන් පාර හෙවත් , කට්ටුව, කැවුම් කඩේ අසලින් පළඟතුරේ ප්‍රදේශයට දිවෙන පාරේ ඇති දුමිරිය හරස් මාර්ගයේදී , ධාවනය වෙමින් තිබූ දුමිරියක් හා ලො
වාර්තා වන පරිදි දිනපතා පස්වරු වේ (දහවල්) හලාවත සිට කොළඹ බලා ධාවනය වන මෙම බලවේග කට්ටල දුම්රිය (පවර් සෙට්) මීගමුව දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතව ඇත්තේ පස්වරු 1.55 ටය. එහෙත් අද දින එම දුමිරිය මඳ වෙලාවක් ප්‍රමාදව පැමිණ තිබූ අතර කට්ටුව, සුසාන භූමිය අසලින් ආරම්භවන මාර්ගය ඹස්සේ පළඟතුර ප්‍රදේශයට යාමට පැමිණි ලොරි රථයක් මෙම දුමිරිය හරස් මාර්ගයට ඇතුලු කර ඇත.එලෙස දුමිරිය හරස් මාර්ගයට ඇතුලු කරනවාත් සමඟම එහි රියදුරු කොච්චිකඩේ-කට්ටුව සිට , එම දුම්රිය හරස් මාර්ගය හරහා මීගමුව දෙසට ධාවනය වෙමින් තිබු දුමිරියක් පැමිණෙන බව දැක තිබේ. ඉන් පසු එම රියදුරු , ලොරී රථය, දුමිරියේ ගැටීම වලක්වා ගැනීම සඳහා ලොරි රථය පසු පසට ගෙන (රිවස් කර) තිබේ. එහිදී එම ලොරී රථය , එම ලොරි රථයට පසුපසින් පැමිණි යතුරුපැදියකද ගැටී තිබේ.එලෙස ලොරි රථය, එම දුම්රිය හරස් මාර්ගයෙන් පසුපසට ගත්තද, ක්ෂනයෙන් පැමිණි දුම්රිය එම ලොරි රථයේ ඉදිරිපස කොටසේ ගැටී තිබේ. දුම්රිය ගැටෙනවත් සමඟම එම ලොරී රථය, දුම්රිය හරස් මාර්ගය අසල තිබු දුරකථන කණුවකද ගැටී බිම පෙරළී තිබේ. එලෙස මෙම දුමිරියේ ගැටුනු මෙම ලොරී රථය පලඟතුරේ ප්‍රදේශයේ පිහිටි “අලුත් කඩේ” නමැති ව්‍යාපාරික ස්ථානයකට අයත් කූල්රූම් හෙවත් ශීතකරණ පහසුකම් සහිත ලොරී රථයක් බවද වාර්තා වුණි.
මෙලෙස ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටුණු මෙම ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදුවී ඇති බවද මෙහිදී වාර්තා වුණි. ලොරි රථයේ රියදුරු සහ සහයකයා මෙම අනතුරින් තුවාල ලබා ඇතැයිද වාර්තා වූ අතර එම රියදුරු සහ සහායකයාවද එලෙසම ලොරි රථය පිටුපසට ගැනීමේදී එම ලොරි රථය හා ගැටුණු යතුරු පැදියේ සිටි කාන්තාවකද ගිලන් රථයකින් මීගමුව මහා රෝහලට රැගෙන ගොස් තිබේ. එලෙසම මෙම ලොරීරථය පසු පසට ගැනිමේදී, අනතුරට ලක්වූ එම යතුරුපැදියේ සිටි කාන්තාව මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් බවත්, ඇය කට්ටුව ප්‍රදේශයේ සාන්ත සෙබස්තියන් මාවතේම පදිංචිකාරියක වන බවත් මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.

මෙම⁣ දුමිරිය හරස් මාර්ගයේ විදුලි සංඥා එළි (ලයිට් සිග්නල්) සහ සයිරන් නලා ශබ්ද ඉතා හොඳින් සක්‍රියව පවතින බවද ප්‍රදේශවාසීන් පවසති.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here