මීගමුව, කට්ටුව ප්‍රදේශයේ සිට ඒත්තුකාල ප්‍රදේශයට ඉතා ඉක්මනින් පාගමනින් පැමිණීමට දැනට වසර 50 කටත් පමණ පෙර කාලයක සිට හැමිල්ටන් ඇළ හරහා ඉදිකර ඇති මගී පාලම, නොවැම්බර් මුල සතියේ කඩා වැටී තිබේ.
ඒත්තුකාල ප්‍රදේශයට යාවන , පාලම් කොටසේ ඇති කොන්ක්‍රීට් පඩි සහිත කොටස මෙලෙස කඩා වැටීමකට ලක් වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මීගමුව මහා නගර සභාව විසින් මෙම පාලමට අලුතින් යකඩ අත් වැටවල් සවිකිරීමට යාමේදී කිසිදු සොයා බැලීමකින් තොරව සහ කිසිදු සැලසුමක් නොමැතිව, එලෙසම නිසි පරීක්ෂාවකින් තොරව හිතුමතේට මෙම පාලමේ ඉපැරණි කොන්ක්‍රීට් කනු ඩ්‍රීල් යන්ත්‍ර යොදා සිදුරු කර යකඩ අත් වැටවල් සවිකිරීමට යාමේදී පාලමේ කොන්ක්‍රීට් කණු වලට හානි සිදු වී එම කොන්ක්‍රීට් කණු කැඩී ගොස් ඇති බවයි.
අප මේ පුවත නොවැම්බර් 12 වනදා පළකලෙමු
එම අධිබලැති ඩ්‍රීල් යන්ත්‍ර වලින් සිදුවන කම්පනය , පාලම ඉදිකර ඇති පැරණි කොන්ක්‍රීට් තට්ටු මෙලෙස කැඩී යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව එම ප්‍රදේශවාසීන් වැඩි දෙනෙකුගේ අදහසයි. මෙවැනි කාර්යයක් කිරීමේදී ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර, මෙම පාලමේ වසර 50කටත් වැඩි කාලයක් ඉපැරණි කොන්ක්‍රීට් වල ඇති තත්ත්වය හරිහැටි පරීක්ෂා කර බලා මෙය සිදුකළ යුතු වුවත්, ඒ පිළිබඳව කිසිදු සැලසිල්ලකට නොගෙන මීගමුව මහා නගර සභාව විසින් සංදර්ශනයක් සිදුකිරීමට යාම නිසා එම ප්‍රදේශයේ ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් මෙම මගී පාලම කැඩී ගොස් ඇති බව එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් එදා පවසන්නට යෙදුණි.
පවසයි.
ප්‍රදේශවාසීන් විසින් අඩි පාලම, ගල් පාලම යන අනුවර්ත නාම වලින් හඳුන්වන හැමිල්ටන් ඇළ හරහා ඉදිකර ඇති මෙම ඉපැරණි පාලම නිසා කට්ටුව දුම්රිය ස්ථානයේ සිට ඒත්තුකාල හෝටල් කලාපයට ඉතා ඉක්මනින්ම පා ගමනින් ළඟාවිය හැකිවිම මෙහි වු ප්‍රධානතම ප්‍රයෝජනය විය.
මෙය සංචාරක කලාපයේ හෝටල්වල සේවය කරන දුම්රියෙන් ගමන් කරන සේවක සේවිකාවන්ටත් එලෙසම කොළඹ හලාවත ප්‍රධාන බස් මාර්ගයේ සිට හෝටල් කලාපයට සේවයට පැමිණෙන අයටද ඉක්මනින් පා ගමනින් ම තම සේවා ස්ථාන ළඟා වීමට මෙම පාලම නිසා අවස්ථාව සැලසි තිබුණි.
එලෙසම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පැරැණි පාලමට අලුතින් යකඩ අත් වැටවල් සාදා එය උත්සවාකාරයෙන් විවෘත කරන්නට මීගමුව මහා නගර සභාවේ බලධරයන් සූදානම්ව සිට ඇති අවස්ථාවේදීම මෙය කඩා වැටීම දෛවෝපගත සිද්ධියක් බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඒත්තුකාල ප්‍රදේශයේ ජනතාවටත්, කට්ටුව ප්‍රදේශයේ ජනතාවටත්, හෝටල් කලාපයට පැමිණෙන හෝටල් සේවක සේවිකාවන්ට මෙන්ම විදේශ සංචාරකයන්ටත් ඉතාම ප්‍රයෝජනවත් වූ මෙම මගී පාලම නිසි ලෙස ඉක්මනින් ඉදිකරදීමට මීගමුව මහා නගර සභාව ඉක්මනින්ම පියවර ගත යුතු බව යැයි අපද ලියා පළකර දැන් මාස තුනකට ආසන්න වෙමින් තිබේ.
මේ අවට ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 6කට ඇති අතර මේ අය විසින් තම හෝටල් කාමර ප්‍රවර්ධනය කිරිමේ විස්තර සටහන් වල ලියා තිබුනේ වෙරළට මිටර 400ක් යනුවෙනි.පාලම කඩාවැටිම නිසා දැන් ලොකු දුරක් යාමට සිදුව තිබිම ගැන සංචාරයකයන්ගේ පවා නොසතුට මෙන්ම විවේචන වලටද පාදක වි තිබේ.
නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න සහ නගරාධිපති රොබට් හීන්කෙන්ද මේ ඉතා හදිසි අත්‍යවශ්‍ය කටයුත්ත මඟහැර සිටිම ප්‍රදේශවාසින්ගේ මෙන්ම සංචාරක හෝටල් හිමියන්ගේද දැඩි කණස්සල්ලට හේතුවි තිබේ.
මේ දිනවල අපොස සාමාන්‍ය පෙළ විභාගයට දුම්රියෙන් යන දරුවන්ට වෙනදාට වඩා ලොකු රවුමකින් දුම්රි පගට ඒමට දැන් සිදුව තිබේ.පසුගිය දිනක දරුවන් කිපදෙනෙකුට දුම්රිය වැරදි අසරණ සංවේදි සිදුවිමක් ගැන අපට වාර්තා විය.
පහත පළවන්නේ මේ සටහන තැබිමට විනාඩි කිපයකට කලින් අප වෙත ලැබුන කැඩුන පාලමේ දැන් තත්වය ගැන කියැවෙන ඡායාරූප පෙළකි.





















