කට්ටුව දෙපා ඇල ප්‍රදේශයට නැවත ගංවතුරක්? ගම්වාසීන් දැඩි පීඩාවක. ?

0
501

 

මීගමුව නගරය හරහා ගලා යන “දෙපා ඇල” කටුනායක ප්‍රදේශයෙන් ආරම්භ වී හැමිල්ටන් ඇළ දක්වා ගමන් කරන්නේ කට්ටුව ප්‍රදේශය හරහාය. එහිදී හලාවත දුම්රිය ධාවනය කරන කට්ටුව “කළු පාළම” යටින් හැමිල්ටන් ඇළ වෙත සම්බන්ධ වේ. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම පාලම මතින් ද්විත්ව මාර්ගයක් ඉදිකිරීම අරඹන්නේ මීට වසර කීපයකට පෙර සිටයි.

එම පාලම ඉදිකිරිමේ කටයුතු පහසු කර ගැනීමට ඔවුන් සිදු කර ඇත්තේ මෙම ඇල මාර්ගය වසා දැමීමයි. මෙම හේතුව නිසා පසුගිය වසර කිහිපයේම වරින් වර ගං වතුර තත්ත්වයන් ඇති වු බව මීගමුව මහා නගර සභාව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන සියල්ලම හොඳින් දනී.IMG 20251022 WA0055IMG 20251022 WA0056IMG 20251022 WA0060 1

පසුගිය වසරේදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා අවට නිවාස සියල්ලම එම ගංවතුරට යට විනි. එම අවස්ථාවේ තාවකාලිකව ඇල මාර්ගය පිළිසකර කළ ද , නැවත පසුගිය කාලයේදීත් එය අවහිර කර නැවත ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දැමීමෙන් මෙවර ද මෙම ස්ථානය කේන්ද්‍රකොට ගෙන ජල ගැලීම් තත්වයක් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.IMG 20251022 WA0063 1

මේ සම්බන්ධයෙන් මීගමුව මහා නගර සභාව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සහ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත හැකි සියලුම මාධ්‍යයන් ඔස්සේ දැඩි සේ මේ පිළිබඳව දැනුවත් කළද මේ වන තෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් මේ සඳහා නොගෙන සිටීම ඉතා කණගාටුවට කරුණකි.IMG 20251022 WA0062 1

පාලම ඉදිකිරිමේ කටයුතු වල යෙදෙන සේවකයින් නටන නාඩගම් අවට නිවාසවාසීන් මනාව පැහැදිලි කරයි. ප්‍රදේශයේ සිටින මන්ත්‍රී මෙම පාලම දැක තිබේද යන්නත් ගම්වාසීන්ට ප්‍රශ්නයකි. ගං වතුර ඇති වූ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බෙදන රුපියල් 130 ක බත් පැකට් එක අපිට අවශ්‍යම නැත.

දැනුවත් කිරීමට කෙනෙක් ද නැත. බලධාරීන් නිදි සුව විඳින අතර මෙම ප්‍රදේශ වාසීන් නිදි නොලබා නිවෙස් වල බඩු භාණ්ඩ උඩ තබා ගෙන බලාසිටි. පාලම ඉදිකිරිමේ කටයුතු නවතින්නේ කවදාදැයි බලා සිටින අතර අවහිර කර ඇති ඇල මාර්ගය පිළිසකර කරදෙන්නේ නැවත ගංවතුරින් විපතට පත් වූවාට පසුව දැයි බලා සිටිමු.

ප්‍රවීන් අල්මේදා
( කට්ටුව ගම්වාසී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here