කටාන ප්‍රාදේශීය සභාවේ රථ වාහන හා යන්ත්‍රෝපකරණ වලට මොකද වෙන්නේ ?.

0
730

…..

අද දින ( 26/06/ 2025 ) පෙරවරුවේ පැවති කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මාසය සඳහා වන මාසික මහා සභා රැස්වීමෙන් අනතුරුව එම ප්‍රාදේශීය සභාවේ සියලුම පක්ෂ විපක්ෂ සභිකවරුන් හා සභිකවරියන් ප්‍රාදේශීය සභාවට අයත්
යන්ත්‍රෝපකරන හා රථ වාහන අංගනය සහ එම නඩත්තු අංශය නිරීක්ෂණයක නිරත වූහ.IMG 20250626 WA0078IMG 20250626 WA0077

අද පැවැති ජුනි මාසය සඳහා වන මෙම මාසික මහා සභා රැස්වීමේදී කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මිය විසින් එහි සියලු පක්ෂ විපක්ෂ සභිකවරුන්ට හා සභිකවරියන්ට මෙම යන්ත්‍රෝපකරණ හා රථවාහන අංගනය ද ඊට ඒකාබද්ධව ඇති එහි නඩත්තු අංශයද නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා කළාය.

ප්‍රාදේශීය සභා සභාපතිනිය , පැවසුවේ කටාන, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දෛනිකව එකතුවන කැලි කසල සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුව ඇති බවයි. එනිසා කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ඇති හෙයින් ද ඒ සඳහාද රථවාහන මෙන්ම යන්ත්‍රෝපකරණද කටාන ප්‍රාදේශීය සභාවට අවශ්‍යව ඇත. එලෙසම සභාවට අයත් මාර්ග අලුත් වැඩියා කිරීමටද යන්ත්‍රෝපකරණ හා රථවාහන වල අවශ්‍යතාවයක් පවතී. මේ නිසාම අලුතින් රථ වාහන හා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට කටාන ප්‍රාදේශීය සභාවට සිදුව ඇති බවද ඇය වැඩිදුරටත් පැවසීය. එහෙත් මේ වන විට රථවාහන හා යන්ත්‍රෝපකරන අංගනයේ ඇති එම යන්ත්‍රෝපකරණ හා රථ වාහන අලුත් වැඩියා කළ හැකි තත්ත්වයේ පවතීද
නොඑසේ නම් ඒවා විකුණා දමා අලුතින් එම රථවාන හා යන්ත්‍රෝපකරණ මිලදී ගත යුතුද යන්න තීරණය කළ යුතු බවද සභාපතිනිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

එනිසා මෙම සියළු හේතූන් නිසා ඇය මෙම මාසික මහා සභා රුස්විමේදී සියළු සභිකවරුන්ගෙන් හා සභිකවරියන්ගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව නිරීක්ෂණය කර ඔවුන්ගේ තීන්දු තීරණ තමන් වෙත දැනුම් දෙන ලෙසයි.IMG 20250626 WA0084

මෙම නිරීක්ෂණය සඳහා සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය ඇතුළු සියලු පක්ෂ විපක්ෂ සභිකවරුන් හා සභිකවරියන්ද කටාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරීන්, සහ කාර්මික නිලධාරීන්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here