කටුනායක, සිමෙන්ති කර්මාන්ත ශාලාවකට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්. …

0
203

 

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ආසන්න 18 කණුව මංසන්ධිය පෙනෙන මානයේ තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද දින උදෑසන (19/07/2026) දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට, ප්‍රදේශවාසීන්ට සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙහෙයුම් කටවුතු වලට සිදුවිය හැකි බරපතල බලපෑම් පිළිබඳව ඔවුහු දැඩි කනස්සල්ල මෙන්ම ⁣ඒ සඳහා දැඩි විරෝධයද පල කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2020 දෙසැම්බර් 10 වන දින තරු පන්තියේ සංචාරක හෝටලයක් සඳහා ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ඇති අතර, 2025 දෙසැම්බර් 25 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන බලපත්‍රයක් ද ඒ සඳහා නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, මුලින් අක්කර 06 යි රූඩ් 01ක වපසරියකින් යුත් ඉඩමේ වර්ග මීටර් 3,857ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා ලබාගත් අනුමැතිය, පසුව වර්ග මීටර් 12,925ක වපසරියකින් යුත් 05 මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිල්ලක් සඳහා බලපත්‍රයක් දක්වා වෙනස් කර ගෙන ඇති බව විරෝධතාකරුවෝ මෙහිදී පෙන්වා දුන්හ.මෙම වෙනස්කම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි ප්‍රශ්න කිරීම් සිදුකරය

මෙම සිමෙන්ති කර්මාන්තශාලාව කොළඹ – කටුනායක ප්‍රධාන මාර්ගයේ සිට කලපුව දක්වා විහිදෙන භූමි භාගයක ඉදිකරන අතර, එයින් සෙස ප්‍රදේශයේ ජීවත් වන ජනතාවටත්, එම ප්‍රදේශයේ ස්ථාපිත ව්‍යාපාර හා වෙනත් සේවා සපයන ආයතන ඇතුළු පාර්ශවයන් බොහෝමයකට සෘජුවම බලපෑම් එල්ල වනු ඇතැයි විරෝධතාකරුවෝ පෙන්වා දෙති:

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සමූහය, එලෙසම මෙම ප්‍රදේශයේ ස්ථාපිත
ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් වලටත්, එලෙසම මාහැඟි පාරිසරික දායාදයක් වන
මීගමුව කලපුවටත් , එහි රැකියාවේ යෙදෙන ධීවර ජනතාවටත් තවද
අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන සංරක්ෂිත වනාන්තරයටත් ඒවාගේම
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නිරත සේවිකාවන්ගේ නේවාසිකාගාර වලටත්
තවද මුතුරාජවෙල අතිසංවේදී පරිසර කලාපයටත්, එහි සංචාරක බෝට්ටු ව්‍යාපාරයේ නිරත වූවන් ඇතුළු බොහෝ පාර්ශ්වයන්ට පාර්ශවයන්ට මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පිහිටුවීම තුළ විශාල සෘජු බලපෑම් එල්ල විය හැකි බව මේ විරෝධතාකරුවන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම මෙම විරෝධතාකරුවන් දැඩි ලෙස අවධාරණය කරන්නේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙම ප්‍රදේශය තුළ තුළ ස්ථාපිතවීම තුළින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සඳහාද දැඩි බලපෑමක් එල්ල වන බවයි

එලෙසම අතිශය සංවේදී ජනාවාස සහිත, ව්‍යාපාරික හා සංචාරක කර්මාන්තයෙහි ප්‍රවර්ධනයක් සහිත මෙම ප්‍රදේශයේ සිමෙන්ති දූවිලි (Cement Dust) වලින් පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය වීම බරපතල ගැටලු මතු කරන බව” විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීහු අවධාරණය කළහ.

එලෙසම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉංජිනේරුවරුන් පවසා ඇත්තේ, ගුවන් ධාවන පථයට ඉතා සමීපව ඉදිකෙරෙන මෙම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවෙන් පිට වන සිමෙන්ති කුඩු (Cement Dust) ගුවන් යානා එන්ජින් සඳහා ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි බවයි. මෙය ගුවන් ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

මෙම දැවැන්ත විරෝධතාවයට ප්‍රදේශයේ බෞද්ධාගමික ස්වාමීන් වහන්සේලා, කතෝලික ආගමික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් මෙන්ම ප්‍රදේශයේ ධීවර ජනතාව, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන වල සාමාජික සාමාජිකාවන්, මෙන්ම ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරිකයන් සහ අවට ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුන් සියලු දෙනා, මේ සඳහා අදාළ වගකිව යුතු බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය ඉක්මන් දැඩි පියවර ගන්නා ලෙසය

ඡායාරූප .-.
කටුනායක ටී.කේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here