spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුවපිටිය පල්ලියෙන් පාස්කු වින්ඳිතයන්ට වාරණයක් ?

Must read

මීට වසර 05 කට ඉහතදී කටුවාපිටිය, සාන්ත සෙබස්තියෙන් දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විශාල ජිවිත ප්‍රමාණයක් අහිමිව , තවත් පිරිසක් ආබාධිත වී දුක්බර මතකයක් සමග ජිවත්වන ජනතාවක් කටුවපිටිය ග්‍රාමයේ තවමත් ජිවත් වෙයි. ඔවුන්ගේ අද ජීවන යථාර්ථය ගැන ලිපියක් සකස් කිරිම වෙනුවෙන් 28/03/2024) උදෑසනදී කටුවාපිටිය , ප්‍රදේශයට ගිය අවස්තාවේ අප වාර්තාකරුට මුහුණදෙන්නට සිදුවූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අමුතුම අත්දැකීමකටය.

බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ පවුල් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ නිවාස 14කින් පමණ සමන්විත ,දොන් ඩේවිඩ් මාවතේ පිහිටි ” සාන්ත සෙබස්තියන් නිවාස සංකීර්ණය වෙත ගොස් එහි සිටි වැඩිහිටි පුද්ගලයෙකුට අපගේ අවශ්‍යතාවය ප්‍රකාශ කළ විට , ඔහු පවසා ඇත්තේ ජනමාධ්‍ය සඳහා විස්තර ලබාදීමට නම් කටුවපිටිය දේවස්ථානයේ මීසම්පාලක පියතුමාගේ අවසරයක් අවශ්‍ය බවයි. එලෙසම ඔහු වැඩිදුරටත් පැවසුවේ, බෝම්බ ප්‍රහාරයෙන් පසුව අසරණ වූ අප වෙත නිවාස ලබාදීමට මුල් වූයේත් ,මේ වනවිටත් අපව බලා කියා ගන්නෙත් කතෝලික පල්ලිය ප්‍රමුඛ කතෝලික සභාවෙන් බවයි. ඒ නිසා අප සම්බන්ධ තොරතුරු මාධ්‍ය වෙත පැවසීමට නම් අනිවාර්යයෙන්ම දේවස්ථානයේ පියතුමන්ලාගෙන් අවසර ලබාගත යුතු බවයි.

තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කළේ මේ දිනවල සමහර ධීවර සංවිධාන මගින් කාදිනල් තුමාට සහ කතෝලික සභාව අපකීර්තිමත් වන ආකාරයේ ප්‍රකාශ ලබා ගැනීමට සමහර පුද්ගලයින් පැමිණ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්ඳිතයින් හමුවී කාදිනල්හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව වින්දිතයන් සම්බන්ධයෙන් මේ වන විට නොසලකා හැර ඇති බව දනවන ආකාරයේ යම් යම් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ දරන බවයි. එලෙසම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔවුන් පිළිබඳ විස්තර මාධ්‍ය වෙත සැපයීමට නම් ප්‍රදේශයේ පියතුමන්ලා දැනුවත් කර එම අවසරය ලබාගත යුතු බවයි.
එම නිවාස සංකීර්ණය පරිශ්‍රයේ සිටි තවත් වැඩිහිටි පුද්ගලයෙකු අප වෙත පවසා සිටියේ මේ මෑත දිනයකදී ලංකාවේ සුප්‍රසිද්ධ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් මගින් නිවාස සංකීර්ණය වෙත ඔවුන්ගේ විස්තර ලබා ගැනීමට පැමිණ තිබුණේ විශාල බඩුමලු පුරවා ගත් වෑන් රථයක් සමඟින් බවයි. ඒ නිසා වින්ඳිත සමහර පිරිස් තම තොරතුරු ජනමාධ්‍ය වෙත ලබා දෙන්නේ, ඒවායින්ද ආපිට යමක් ලැබෙනවානම් පමණක් බවයි.”

අවසානයේ අපගේ වාර්තාකරුට සිදුවූයේ වින්ඳිතයන් වෙනුවෙන් පෙනිසිටිමින් විවිධ අදහස් දැක්වූවන්ගේ අදහස් වලට සවන් දී ආපසු පැමිණීමටය.
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් වගකිව යුත්තන්ට දඩුවම් පැමිණවිම ප්‍රමාදවිම නිසා මියගිය පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල් වලට යුක්තිය ඉටුනොවිම තරම් ශෝචනීය තත්ත්වයක් හමුවේ මේ ආකාරයේ වන්දි ලබාදිම්, නිවාස ලබාදිම් වැනි තාවකාලික සහන වින්දිතයන්ට සැබැවින්ම සහනයක් ගෙන දුන්නද මේ ම්ලේච්ඡ ඝාතනයන්ට එරෙහිව අරගලය දිගටම යා යුතුව තිබේ.
එය පල්ලියට හෝ වින්දිතයන්ට පමණක් කළ හැක්කක් නොවේ
මෙවැනි පසුබිමකදි පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ගේ ඥාතින් හෝ පවුල් වල සාමාජිකයින් යථාර්ථය දැනගැනිමට කතෝලික පල්ලියේ මුලික අවසරය ගතයුතු යැයි කව්රුන් හෝ කියා සිටින්නේ නම් එය සැබැවින්ම විකාරයකි.

මේ අකාරයේ වාරණයන් හරහා වින්දිතයන් දැනටමත් එක්තරා බල වලල්ලක සිරකරුවන් කරගෙන සිටිම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. පාස්කු වින්ඳිතයින්ගේ අදහස් දැනගැනිමට නොලැබුනා වුවත් ඔවුන් මුහුණ දි ඇති අලුත් බේදවාචකයක් අප හමුවේ දැන් හෙළිදරව් වී ඇත.

ලෝකය පුරා පැවති විරෝධතා

බෝම්බ ප්‍රහාරය සිදුවු මොහොතේ පටන් දිවා රෑ නොබලා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් තොරතුරු බෙදාහැරිමට කටයුතු කළ මාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් සිමා පනවා තිබිම සැබැවින්ම කණගාටුවට කරුණකි.ජනතාව වෙනුවෙන් අද පවතින යථාර්ථය ලෝකයාට හෙළිකිරිමට මාධ්‍ය⁣වේදින්ට හට ඇති අයිතිය වාරණයකට ලක්කිරිමට කව්රුන් හෝ උත්සාහ කරන්නේ ඒ අයගේ මානසිකත්වය ගැන අප තේරැම් ගන්නේ කෙසේද

රජය මාධ්‍යවේදීන්ට වාරණ පමුණුවා මර්ධනය කිරිමට කටයුතු කරමින් සිටින පසුබිමක කතෝලික පල්ලියද දැන් මාධ්‍යවේදීන්ට ජනතාව හමුවිමට ඉඩ නොදි මේ කරන්නේද වාරණයකි.

පාස්කු ප්‍රහාරය යනු බලය ලබාගැනිම වෙනුවෙන් දියත් කරන්නට යෙදුන බල දේශපාලන මෙහෙයුමක් මිස කතෝලික පල්ලියට එරෙහිව හෝ විශේෂයෙන්ම කටුවාපිටිය මිසමේ කිතුනු ජනතාවට එරෙහිව දියත් වු ප්‍රහාරයක් නොවන බව අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන බවද ඇතැම් බලධාරින් විසින් තේරුම් ගත යුතුව තිබේ.

පාස්කු ප්‍රහාරය ඉතා පැහැදිලිව බල දේශපාලන ව්‍යාපෘතියකි . එයට එරෙහිව විරෝධය පළකිරිම යනු සැබැවින්ම දේශපාලන ක්‍රියාවක් මිස ආගමික ව්‍යපෘතියක් නොවන බව අමුතුවෙන් කියා දිය යුතු නැත.
මිගමුව පුරවැසි කමිටුව සෑම මසකම බාල්දි හංදියේදි මෙයට විරෝධය පළකරන්නේ බලය වෙනුවෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරිමට විරෝධය පළකිරිමක් ලෙසය.

එහෙත් කණගාටුවට කරුණ වන්නේ නිල කතෝලික සභාවට මෙන්ම කටුවාපිටිය පල්ලියේ ස්වාමිලාටදද එය දේශපාලනික වශයෙන් තේරුම් ගැනිමට තරම් අත්දැකිමක් නොතිබිමය

ලේලලමේ දේපල පල්ලිය සතු කරගැනිමට ඇති උද්යෝගය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරලිම සදහා වන අරගලයට ආදලවද සිදුකරන්නට මිගමුවේ බහුතරයක් කිතුනුවන්ට සහ ඔවුන්ට නායකත්වය දෙන පියතුමන්ලා අතිබහුතරයකට නැති බව ඉතා පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article