spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කඩවතට යන බස් වලට තහනමක් ! මගීන්ට දැඩි අපහසුවක් !

Must read

IMG-20200110-WA0010IMG-20200110-WA0005ප්‍රවාහනයේ දියුණුව යනු මගියා පහසුම ආකාරයෙන්ම ඉක්මනින් සිය ගමනාත්තය වෙත යැමට ඉඩ කඩ සලසා දිමය.
එය රැකිම රජයක මෙන්ම අදාල සියලු ආයතන වලද පරම වගකීමකි.
තතු එසේව තිබියදි මීගමුවේ සිට කඩවතට යන බස්රථවල දැන් තහනමක් පැනවි ඇත.ඒ මිගමු කොළඹ 240 බස් රථ සේවකයන්ගෙනි.
හේතුව අරුම පුදුම එකක.
එනම් මිගමුවේ සිට කඩවතට යැමට පහසුකම්  තිබිමට එරෙහිවය. 240 බස් මාෆියාව කියන්නේ කඩවතට යන්නට සිටින අයට තමන්ගේ 240 බස්රථ වලින් ගොස් පෑලියගොඩින් බැස එතැන් සිට කඩවතට යන ලෙසය.
මෙය සැබැවින්ම අරුම පුදුම කුහකම යෝජනාවකි.
මේ කුහකත්වය එරෙහිව දැන් මගින් සිය විරෝධය පළකරන්නට පටන් ගෙනය.ඔවුන් දක්වා සිටින්නේ මෙවන් අදහසකි.
මෙම චෝදනාව එල්ලවන්නේ විශේෂයෙන් මීගමුවේ සිට කඩවතට සහ කඩුවෙල මාර්ග වල ගමන් කරන මගී ජනතාවගෙනි .
ඔවුන් පවසන්නේ එම මගීන් පෑලියගොඩට ගොස් නැවත වෙනත් බසයක හෝ වෙනත් වාහනයක නැගී කඩවතට යායුතුය. එසේම වැලිගම්පිටියේ සිට ගනේමුල්ල , මහරගම හරහා යන මෙම අතිරේක බස් සේවාව නිසා විශාල මගීන් සංඛ්‍යාවකට මෙතෙක් ලැබී තිබුනු පහසුකම් මේවනවිට නැති බවයි. මේ අනුව මහරගම පිළිකා රෝහලට යන රෝගීන්ද , ප්‍රධාන විහාරස්ථානවල සංඝ්‍යා වහන්සේලාද දැඩි අපහසුතාවයකට ලක්ව අැති බව ඔවුන් පවසයි .
මෙම බස් සේවාවේ නියුතු රියදුරු මහතෙකු ප්‍රකාශකළේ මීගමුවේ සිට රු. 150/ ක ටිකට් එකක් රැගෙන පෑලියගොඩට යන අයෙකු නැවත එවැනි මුදලක් ගෙවා⁣ කඩවතට යායුතු අතර ඒසඳහා විශාල කාලයක්ද ගන්නා බවයි .
එසේම 240 බස් ධාවකයින් විසින් මෙම බස් සේවාව නතර කිරීමට තමන්ට පහර දුන් බවත් , වර්ජනයක් කළ බවත් ප්‍රකාශ කරන ලදී .

ගනේමුල්ල ප්‍රදේශයේ දෙනුවක්කන්දේ ප්‍රේමරත්න හාමුදුරුවන් පවසන්නේ වසර තුනක පමණ කාලයක් විශාල මගීන් සංඛ්‍යාවක් මෙම බස්සේවාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ බවත් , එයට හුරුවී සිටි බවත්ය . ඒනිසා ඔවුන් වගකිවයුතු අයගෙන් මේගැන විසඳුමක් ඉල්ලා කටයුතු කළ නමුත් ඒසඳහා තවමත් කිසිදු විසඳුමක් නොලැබුණු බවයි .
උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මගින්ද එක්ව පෙත්සම් පවා ආදාල වගකිව යුතු අය වෙත යවා ඇති බවය.පෙත්සම 1පෙත්සම 2පෙත්සම 3පෙත්සම 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article